Powered By Blogger

Monday, December 13, 2010

''පංචකාම''


මම සාමාන්‍යයෙන් බොළඳ නවකතා කියවන එකෙක් නෙවෙයි...
[මගෙ බ්ලොග් එක දිහාව පොඩ්ඩක් බැලුවොතින් ඒක පැහැදිලි වේවි.] ඒත් සමහර වෙලාවට ඒවත් කියවන්න ඕන කියන එක මගෙ නම් අදහසයි. ඒ මොකද කියල කීවොත් ....අපි හොඳ දේ ගැන දැන ගන්න නම් නරක ගැනත් දැනගෙන තියෙන්න ඕන. බාල පොත් ගැන අවබෝධයක් නැතුව හොඳ පොත් ගැන කතා කරන්න බෑ.
නමුත් මේ පොත එහෙම එකක් නෙවෙයි. මමත් පොත දැකපු ගමන් කිව්වෙ ... ''අයියෝ මහ ගොන් පොතක්නේ'' ... කියලයි.

ඒ වුණාට කියෙව්වට පස්සෙ තේරුණා මේක හොඳ පොතක් කියල. පොතෙ පිට කවරෙ තියෙන පිංතූරයෙන්වත් , එහි නමෙන් වත් , පොතක් ගැන අදහසක් ගන්න බැරි බව මෙයින් වැටහෙනව.
මේ ගැන අපේ ඇදුරු තුමෙක් ලියපු අටුවාවක් මම ඒ විදිහටම දාන්නම්...එයා කියල තියෙන දේට මමත් එකඟයි.
මෙහෙමයි එයා කියන්නෙ...
 ''පංචකාම'' සරළ මතුපිටක් ඇති ගැඹුරු නව කතාවකි. සංසාර ගමනේ උත්තරීතර මිනිස් දිවියක්  ලැබ  රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,  යන පංච කාමයන්ට ගොදුරුවන පුද්ගලයෝ නොනවතින ගමනක යෙදෙති. නිරන්තරයෙන් වෙනස්වන  ලෝභ,  ද්වේශ,  මෝහ,  යන චෛතසිකයන් විසින් මිනිසා දුකට පත් කරවයි. ''පංචකාම''  සුන්දර බණ කතාවක් සරළව ඉදිරිපත් කිරීමට ගත් විශිෂ්ඨ උත්සාහයකි.
ආචාර්ය සිරිපාල ගමගේ.

මෙහි ප්‍රථම මුද්‍රණය 2008 සැප්තැම්බර් වල සිදු වූ අතර .. ලියා ඇත්තේ එඩ්වඩ් මල්ලවාආරච්චි විසිනි.
 
අනිත් කාරණය මේක පොඩි පොතක්... ඉක්මනට කියවල ඉවර කරන්න පුලුවනි. මම මේක විනාඩි 42 න් කියවල ඉවර කළා. සමහරු පොත් කියවන්න අදි මදි කරන්නෙ වෙලාවක් නෑ කියලනෙ. ඒ වගෙ උදවියට මේ වගෙ පොඩි සරළ පොත් සුදුසුයි කියල හිතනව.

හැමෝම කියවල බලන්න.



4 comments:

  1. පොත පොඩි උනාට මිලනම් ටිකක් වැඩියි වාගෙ නේද??

    ReplyDelete
  2. ඔව්.... මිළ වැඩි වගෙ තමා... ඒත් ඉතින් දැන් කාලෙ අනෙක් දේවල් සමග සසඳන කොට පුදුම වෙන්න දේකුත් නෑ.
    මිනිස්සු පොත් කියවන එක අඩු වෙන්න ඔය මිළ වැඩිවීමත් බලපානව ඇති.
    ස්තූතියි මල්ලි....

    ReplyDelete
  3. එඩ්වඩ් මල්ලවාරච්චි මාසෙකට පොත් දෙක ගානේ වගේ පල කරන්න ගත්තු කාලේ එයගේ පොත් කියවන එක මම නතර කලා.

    හොඳ පොතක් කියනවනම් . . . . .

    මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකෝ . . කමෙන්ට් කරද්දී එපා වෙනවා

    ReplyDelete
  4. @දුකා මල්ලි..

    එඩ්වඩ් මල්ලව ආරච්චිගෙ හැම පොතක්ම හොඳයි කියල මම කියන්නෙ නෑ. නමුත් ඔහුගෙ බොහෝ පොත් වල යම් ගත යුත්තක් දකින්ට ලැබෙනව. ඒවා බොළඳ නව කතා වාගෙ මතුපිටින් පෙනුනත්, ආදර කතා වුණත්, සැබෑ සමාජයේ සිදුවන සත්‍ය සිදුවීම් උපයෝගී කරගෙනයි ගොතා තිබෙන්නෙ. ඒ නිසා අප්‍රසන්න ගතියකින් තොරව කියවීමට හැකියි කියල හිතනව.

    ReplyDelete