Powered By Blogger

Sunday, March 31, 2013

''කෝනා''


අද ලියන්න යන්නෙ .. පරණ , එහෙත් අපිට හුඟක් වැදගත් පොතක් පිළිබඳව. මේ ගැන මීට ප්‍රථම අපේ පොත් කියවන්නන්ගෙ කණ්ඩායමෙත් සාකච්චා වුනා මට මතකයි මාස කීපයකට පෙර.

මේ පොතේ සඳහන් වෙන්නෙ නම් ප්‍රථම මුද්‍රණය 2001 දි යනුවෙන්. නමුත් මට එය පිළිගන්නට ටිකක් අමාරුයි.  මක් නිසා ද යත් ...  මම මේක කියෙව්වෙ මීට බොහෝ කලකට පෙර පාසැල් වියේදි. සමහර විට  පරිවර්තනය කරපු .. අනුල ද සිල්වා මහත්මිය නව මුද්‍රණයක් විදිහට එළිදැක්වුවාද කියලත් කියන්න බෑනෙ. [ නමුත් පොතේ කොතනකවත් එහෙම සඳහන් වෙන්නෙත් නෑ]

ඒ නිසා මම කියවල තියෙන පොත වෙන කෙනෙකුගෙ පරිවර්තනයක් වෙන්න ඕන. මට මතක විදිහට ඒ පොත මීට වඩා ඝනකම වැඩි වගේම පළලිනුත් වැඩියි.

කොහොම වුනත් කමක් නෑ .. ඒ පොත නැවත කියවන්නට ලැබීම නම් මට සතුටට කාරණාවක්. දැන් කාලෙ ඉන්න ළමයින් මේ වගෙ පොත් තමයි හරිනම් හොයාගෙන කියවන්නත් ඕන.
 

දුටු ගැමුණු කුමාරයා ...  වන වැදී සේනාව රැස්කර .. එළාර සමග යුද වැදුන පුවත .. අප නොදන්නා තවත් සිද්ධීන් මාලාවක් සමග රසවත් ව ගළපා ඉදිරිපත් කිරීමක් තමයි මේ පොතේ තියෙන්නෙ.

DENIS CLARK නැමති ලේඛකයා මීට වසර හැටකට පමණ පෙර ලියපු  GOLDEN ISLAND කියන පොත තමයි මේක.

ලිව්වෙ විදේශිකයෙක් වුනත් .. අපේ රට ගැන හොඳ අවබෝධයකිනුයි ඔහු මේක ලියල තියෙන්නෙ. ලොකු පොඩි ඕනම කෙනෙකුට කදිමයි.

ඉතින් .. කියවපු නැති හැමෝම හොයාගෙන කියවලා බලන්න ය කියල ඉල්ලා හිටිනවා .

 

ප්‍රකාශනය   ... තාරක ප්‍රකාශකයෝ

මුද්‍රණය  .... එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස්

මිළ රුපියල්   200.00

I S B N    955 - 8091 - 82 - 8
 
 

6 comments:

  1. godak sthoothi me satahana beda gaththata....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොල්ලො ..

      Delete
    2. රන් දිවයින - පරිවර්තනය සේනාරත්න වීරසිංහ

      Delete
    3. ස්තූතියි .. දැනුවත් කළාට ..
      මට නම අමතක වෙලයි තිබුනේ ..

      Delete
  2. හොඳ රසවත් කතාවක් කෝනා... මමත් කියවා තිබෙන්නේ අනුලද සිල්වාගේ පර්වරථනය තමයි.. දින වකවානු දැන් අමතකයි. තාමත් මතකයි මේ පොකේ කඩොල් ඇතා ගැන කොටස....

    ReplyDelete
  3. මේ පොත ගන්න තැනක් කවුරුවත් දන්න වදෝ?

    ReplyDelete