Powered By Blogger

Tuesday, January 15, 2013

ගං තෙර තෙරණිය ...




ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ .. අමුතුම මගක් ගත් නවකතාවක් වන මෙය ... බුදුන් දවස පැවති සමාජයේ අපූර්ව පැතිකඩක් අපට හෙළි කරයි.
කතුවරයා ම සඳහන් කරන පරිදි ..
 '' නව නිර්මාණ සඳහා උපයෝගී කරගත හැකි අමුද්‍රව්‍ය ය සම්භාරයක් බෞද්ධ සාහිතය්‍යය තුළ විසිර පවතියි. මම ද ඒවායින් යමක් කිරීමට උත්සාහ කළෙමි. මේ පොත එහි  ප්‍රතිඵලයයි ''


මෙහි එන අවසානයට මම ඉතාම කැමත්තෙමි.
උට්ඨාන වීර්යයෙන් කටයුතු කොට තම අරමුණ සාක්ෂාත් කරගන්නා ''මිහිසරා'' තෙරණිය දෙස බැලූ කල අද අප සිටින්නේ කොතැනක ද යනු .. කල්පනා කර බලනු වටී.
ඒ   එසේ වුවත් .. අප බොහෝ දෙනෙක්  [මාත් ඇතුළුව ]  තවමත් ඇලුම් කරන්නේ මේ කුණු සංසාරයට ම නොවේ ද ....?

කියවල නැති හැමෝම කියවා බලන්න ම වටින පොතකි මේ.

5 comments:

  1. පොතනම් කියවලා නෑ...

    ඒත් ඉතින්....නැවතීමමය ගමන - සංසාරයමය නිවන....!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට නිරිඇල්ලේ ... ඒ බව හොඳහැටි දැන දැනත් .. අපි තවම උදාසීන වෙල ඉන්න හැටි ...
      කොටින් ම හොඳට බණ දහම් උගත් හාමුදුරුවරු පවා ....

      Delete
  2. මමත් කියවල නැහැ.. ආස හිතුණා කියවන්න... ආශාව නිවන තව තවත් දුරට ගෙනියනවා නේද? ඒ වුණත් පොත්වලට තියෙන තණ්හාවත්, පොතක් ගැන දැනගත්තම ඇති වෙන ලෝබකමත් නැති කර ගන්න එක අමාරු දෙයක්...

    ReplyDelete
    Replies
    1. පොත් ගැන ආසාව පැත්තකට දාන්නකො ...
      ඊට වඩා නොවැදගත් දේවල් කොච්චරකට නම් අපි ආසා කරල පව් පුරව ගන්නවා ද ...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete