Powered By Blogger

Saturday, November 3, 2012

සැබෑ මිනිසෙකුගේ කතාවක් ...




 
අද මම කියන්න යන්නෙ ... පරණ වුනත් .... හුඟක් හොඳ පොතක් ගැනයි. අපි අතර ඉන්න බොහෝ දෙනක් මේක කියවලත් ඇති. 
 [ පසුගිය දා තිබුන පොත් ප්‍රදර්ශනයෙදි මේක නැවත අරගත්තා]
 
 

මේ පොත ගැන මට විශෙෂයෙන් ම කියන්න ඕන කළේ .... මම උත්සාහවන්ත එකෙක් බවට පත් වුනෙ මේක කියෙව්වට පස්සෙ නිසයි.

මෙහි එන කතා නායකයා තමන්ගෙ අරමුණ මුදුන් පමුණුවාගැනීමට ගන්න වෙහෙස මහන්සිය .. එතකොට ඒ වෙනුවෙන් කරන කැපවීම .. ඉවසීමෙන් කටයුතු කරගනිමින් ජයග්‍රහණය කරා ගමන්කිරීම දකිනකොට කියවන අපටත් ඒක ජයග්‍රහණයක් ම වෙනවා.

ඒ කාලෙ මම ඕ ලෙවල් ඇනගෙනයි හිටියෙ .. පළවෙනි වතාවෙ ම  එහෙම වුනාම ඕනම කෙනෙක් කළකිරිලා .. ටිකක් විතර උදාසීන වෙලානෙ ඉන්නෙ.. ඉතින් ඔය අතරෙදි තමයි මට මේ පොත කියවන්න ලැබෙන්නෙ. මේක කියෙව්වට පස්සෙ පුදුමාකාර විදිහට මම දහිරියමත් වෙනවා ...  එයාට ඒක කරන්න පුලුවන් නම් ඇයි මට මේ පොඩි දේ කරගන්න බැරි ... කියන මතයට මම එනවා. .. නැවත මම විභාගෙ ලියනවා ...
[ඇත්තටම ඔහු කරපු දේ එක්ක සසඳනකොට විභාගෙ කියන්නෙ පොඩි දෙයක්]

ඉතින් මම ජයග්‍රහණය කරනවා.  ඒ විතරක් නෙවේ ... ඊට පස්සෙත් හුඟක් වෙලාවල් වලදි මේ පොත මට ඒ විදිහට උදව් කරල තියෙනවා.

 [මේ පොත මේ විදිහට ම තව බොහෝ දෙනෙකුට පිහිටවෙලා තියෙන බව මට පසු කාලීනව දැනගන්න ලැබුනා]

මං හිතන්නෙ ඒකට එක හේතුවක් තමයි මේක මේ ලෝකෙ සිද්දවුන සැබෑම කතාවක් වීම.

අනික තමයි .. මේ පොත දැදිගම වී රුද්‍රිගු මහතා විසින් කෙලින් ම රුසියානු භාෂාවෙන් .. අපේ භාෂාවට .. කතා රසය නොනැසෙන සේ පරිවර්තනය කොට තිබීම.  

[1960 සිට 1988 දක්වා අවුරුදු විසි අටක් ම එතුමා රුසියාවෙම සිටි නිසා .. එම භාෂාව පිළිබඳව මනා පරිචයක් ලැබීම ඒකට  හේතු වෙන්නත් ඇති]
 

හුඟක් හොඳ පොතක්.

ඒ නිසා .. කියවපු නැති අය ඉන්නවනම් .. හොයාගෙන කියවල බලන්න ය කියල ඉල්ලා සිටීමට කැමතියි.

 

ලිව්වේ .. රුසියානු ලේඛක බරීස් පලවොයි විසින් ..

පරිවර්තනය  දැදිගම . වී. රුද්‍රිගු

ප්‍රකාශනය ... එස්. ගොඩගේ සහ සහෝදරයෝ

I S B N  978 – 955 – 30 – 1399 – 6

මිළ රුපියල්  500
 
 

12 comments:

  1. කියවල තියනව. ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරි. ආදර්ශයට ගන්නව නං අන්න මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා .. නියම ම මිනිහෙක් ...

      Delete
  2. ආයි සුපිරිම කතාවක්, ආපහු කියවන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මම වුනත් මේක ඉඳල හිටල නැවත කියවනව .... එපා වෙන්නෙ නම් නෑ ...

      Delete
  3. අදටත් හිතට යම් දුකක් පසුතැවීමක් ආවම ඉස්සෙල්ලම අතට අන්න පොත තමයි මේ...

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත ... ඕනම කරදරකාරි වෙලාවක දි මේක පිහිටට එනව ..

      Delete
  4. අපේ අත්පොත්.....
    දෙතුනවතාවක්ම කියවලා තියෙනවා. ආයෙත් කියවන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. මම වුනත් ... මේක නිතරම වගේ කියවන පොතක් ...

      Delete
  5. ආ ඔය ඉතින් මගේ ආදරවන්තයෙක්නේ . http://nelumwila.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  6. ''ඇලෙක්සෙයි ... ඔයා අර හිම ගොඩේ බඩ ගාද්දී ..ඉස්සෙල්ලම ලි කකුල් දාල ඇවිදින්න බැරුව දුක්වෙද්දී මම කොච්චර දුක් වුනාද. අන්තිමට ආයිමත් ගුවන් යානයක් පදවද්දී මම කොච්චර සතුටු වුනාද. කොහෙද එතනත් ඔල්ගා හරහට හිටියනේ ''

    මම ඒක කියෙව්වා ... අපූරු ආදරවන්තයො නේ ඔයාට ඉන්නේ ....

    ReplyDelete
  7. mamath kiyewwa marama mara kathawak......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දු ... මේ පැත්තෙ ආවට ...

      Delete