Powered By Blogger

Monday, October 22, 2012

රතු ඉද්ද



 

අද මම කියන්න යන්නෙ ... මම කියවපු තවත් හොඳ පොතක් ගැන.

කරුණාදාස සූරිය ආරච්චි එහෙම නැත්නම් ''කසුරි'' කියල කිව්වම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.

එතුමා විසින් ලියපු මේ පොත මේ වසරෙ ''ස්වර්ණ පුස්තක සම්මානය'' සඳහා නිර්දේශ වුන එකක්.
 
 

මෙහි ප්‍රථම මුද්‍රණය  2011 මැයි 12 දාත් ..

දෙවන මුද්‍රණය 2012 අගෝස්තු 29 වෙනිදාත් සිදුකොට තිබෙයි.

මම මේ පොත දෙපාරක් ම කියෙව්ව. [ඒ ගැන විස්තරයක් ලියනවනම් එහෙම කියවන්න වෙනව]
 
 

කසුරි මහත්මයා ලියපු පොත් වලින් එකකට හැර .. අනෙක් හැම පොතකටම මම කැමති වෙලයි හිටියෙ.

නමුත් මේ පොත ඒ ඔක්කොටම වඩා ඉස්තරම් විදිහට සහ හිතට කා වදින විදිහට ලියල තියෙනව.

මට හිතාගන්න බෑ ඇයි මේක මේ වසරෙ හොඳම පොත වුනේ නැත්තෙ කියල. [මේ වගේ කාලෝචිත එකක් විනිශ්චය මණ්ඩලයෙන් අතහැරුනෙ කොහොමද ..? කියන එක මට ආපු ප්‍රශ්ණයක් ]

දැන් ඉතින් ''සිටුවර පුවත'' ලියපු කතුතුමිය මා සමග අමනාප වෙන්න එපා මෙහෙම කිව්වය කියල... මේක මගෙ පෞද්ගලික මතය පමණයිනෙ. අනික මම මහා ලොකු විචාරකයෙකුත්  නෙවෙයි ..

මේ සටහන් වුනත් මම තබන්නෙ සාමාන්‍ය පාඨකයෙක් විදිහට.
 
 

මෙහි අවසාන භාගය කියවගෙන යද්දි .. මට හිතුන වැඩේ කොහු වෙන්න තමයි යන්නෙ කියල. නමුත් අවසානය වෙනකම්ම කියෙව්වම මම හුඟක් සතුටු වුනා ... ඇත්තටම අවසානය ඉස්තරම් විදිහට අරන් තියෙනව.
 ''ආදරය සහ ජීවිතය''
අපි හැමෝටම ලැබිය යුත්තෙත් ඒකම නේද ...? කියලත් මට හිතුනා.

හොඳ පොතක්.

කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා හිටිනවා ..

 

ISBN    978 – 955 – 551 – 907 – 6

මුද්‍රණය කොට ප්‍රකාශ කර තිබෙන්නෙ ..

දයාවංශ ජයකොඩි සහ සමාගම විසිනුයි.

 

19 comments:

  1. දාලා තියෙන කෑලි ටික බැලුවම පොත කියවන්න හිතුණ. අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් ද කියල හොයන්න යන්නම්. ස්තූතියි කුමාරයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .. ඔබට ...
      අන්තර්ජාලයෙ තියෙනවද කියල මමත් හරියටම දන්නෙ නෑ ..
      හොයල බලන්නකො.

      Delete
  2. ෂා....ඇත්තටම මේක මරු පොතක් තමයි...ඒත් සිටුවර පුවත තරම්ම නම් මට මේක හොඳ නෑ ඉතින්...මේක සෑහෙන්න කාලෝචිතයි..ඒත් සිටුවර පුවත මාර ලස්සන සිතුවිලි විවරණයක්......

    ReplyDelete
    Replies
    1. සිටුවර පුවත ත් හොඳයි තමයි ..
      ඒත් ඒක කියවල ඉවරවෙල මේක කියෙව්වම ... මේක හොඳයි කියල හිතුන.
      ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  3. කියවන්න අශාවෙන් හිටියෙ, දැන් ඒක තවත් වැඩිවුණා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම කියවල බලන්න වටින පොතක් ....
      ස්තූතියි මේ පැත්තෙ ආවට ..

      Delete
  4. කියවන්න අශාවෙන් හිටියෙ, මේ සටහන ඒ ආශාව තවත් වැඩිකෙරුවා .

    ReplyDelete
  5. අයියා මේ පොත කීයද?

    -නදී-

    ReplyDelete
    Replies
    1. අයියෝ නංගී .... මේ පොතගෙඩි රුපියල් වලින් ම 400 ක් වෙනවා ..
      [හුඟ කාලෙකින් නෙ දැක්කේ ...]

      Delete
    2. ගිය සැරේ පඩියට පොත් 3ක් ගත්ත මේ සැරේ පඩියෙන් මේක ගන්න ඕනේ :)

      Delete
  6. ස්තුතියි සහෝ අපිටත් මේ ගැන කිව්වට..හොඳ අබිරහස් පොත් ටිකක් ගැනත් කියන්න..ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවි ...
      ඒ වගෙ පොත් ටිකකුත් දාන්නම්කො ..
      මමත් වැඩිය කැමති ඒ ජාතියෙ ඒවට තමයි ..
      මමත් එකක් දැන් ලියමිනුයි ඉන්නෙ [පොතක් නෙවෙයි]
      අපිටම වෙච්ච ඒ වගෙ සිද්දියක්.

      Delete
  7. පොතනම් මෙහේ තියෙනවා. තාම කියවන්න ඉඩක් ලැබුණෙ නෑ. මේ දවසවල කියවන්නෙ "නාගරාජ්ගේ ලෝකය" (නාරායන්)

    ReplyDelete
    Replies
    1. ''නාගරාජ් ගෙ ලෝකය''
      මම නම් කියවල නෑ තාම ..
      හොඳ පොතක් වෙන්න ඇති.

      Delete
  8. ඕගොල්ල මේවා කියවද්දී මට ඉතින් බලන් ඉන්න වෙනවා තව සැහෙන දවසක්.ස්තුතියි ඔත්තුවට .

    ReplyDelete
    Replies
    1. '' බලන් ඉන්න වෙනවා''
      ලඟපාතක නම් ඉන්නෙ පොත දෙන්න පුලුවන් ...
      [කියවා නැවත ලබාදීමේ පොරොන්දුව පිට]

      Delete
  9. හ්ම්... සමාජය ගැන හොද විචාරයක් තියෙනවද? මම කැමති ඒවට.

    ReplyDelete
    Replies
    1. මේක සමාජය ගැන හොඳ විවරණයක් තමයි.

      Delete
  10. කසුරි පත්තරවලට ලියන ඒවා කියවන්නත් මම ආසයි. පොතනම් හොඳයි වගේ..ඒත් දැම්ම කියවන්න වෙන්නේ නෑ නේ.

    ReplyDelete