Thursday, October 18, 2012

බැඳිම් කෙතරම් චමත්කාරද?



ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.

"
පුතා නොදන්න ඕනෙම දෙයක් දුරකතනයෙන් දැනගන්න පුලුවන්කම තියනවා,පුතාට තියෙන්නේ මේ තරු සලකුන ඔබලා තොරතුරු සේවයට කතා කරන එක"තොරතුරු සේවය,ඒක අරුම පුදුම දෙයක් කියලා මට සිතුනු වාර අපමනයි. අම්මා තොරතුරු සේවයට අමතලා තමන් නොදන්න දේවල්
ගොඩක් දැන ගන්න ආකාරය ඊලග දින කිහිපයේදි මම දුටුවා.
සති කිහිපයක් ගත වුනා. එදින නිවසේ කිසිවෙකුත් සිටියේ නෑ. මම සුපුරුදු පරිදි බිම් මහලේ වූ මගේ පියාගේ ගරාජයේ ආයුධ පෙට්ටිය රැගෙන තනිවම සෙල්ලම් කිරීමට පටන් ගත්තා.ගත වුනේ සුළු මොහොතයි, අඩුවකට හසු වූ මගේ වමතේ සුලැගිල්ල තුවාල උනා.
දැනුනු වේදනාවට දෑසින් කදුළු වැටුනු නමුත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා හැඩීමෙන් පලක් නොමැති බව ඊළග මොහොතේ මගේ ළමා මනසට වැටහුනා.පිහිටක් පතා වටපිට බැලූ මම දුරකතනය දුටු අතර ක්‍ෂනිකව මගේ මනසට පැමිනියේ "තොරතුරු සේවයයි". දුරකතනය වෙත ලගා වූ මා තරු සලකුන එබුවා.

"
තොරතුරු සේවය" අනෙක් පසින් ආදරණීය කට හඩක් ඇසුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම ඉකිබිදිමින් පැවසුවා.
මද වේලාවක් යනතුරු අනෙක් පසින් හඩක් පැමිනියේ නෑ.දරා ගත නොහැකි වේදනාවෙන් මගේ සිත හඩා වැටුනු අතර දෙනෙතින් කදුලු වැගිරුනා.

"
මගේ ඇගිල්ල තුවාල උනා..." මම යලිත් පැවසුවා.
මද වේලාවකින් අනෙක් පසින් ශබ්දයක් ඇසුනා,ඒ පෙර කතා කල ආදරණීය කටහඩමයි
"
ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර නැද්ද පැටියෝ?"

"
අම්මයි තාත්තයි ලොකු අම්මලගේ ගෙදර ගියා...මම විතරයි ගෙදර ඉන්නේ" ඉකිබිදින අතර මම පැවසුවා.


"
හා...ඔයාගේ අතින් ලේ එනවද බබෝ?" ඇය ආදරෙන් ඇසුවා.

"
ඔවු...මට ගොඩක් රිදෙනවා"

"
පැටියෝ කලබල වෙන්න එපා,ඔයාලගේ ගෙදර ශීතකරනයක් තියනවද
?"

"
ඔව්
"

"
එහෙනම් ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියා ගන්න,එතකොට ලේ ගලන එක නතර වෙයි,බය වෙන්න එපා පැටියෝ එතකොට ඔක්කොම හරි යාවි"ඇය ඉතා ඉවසිලිමත් ලෙසත් ආදරණීය ලෙසත් මට පැහැදිලි කර දුන්නා.

එදා පටන් මගේ සියලුම ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයට.

"
ෆිලඩෙල්ෆියාව තියෙන්නේ කොහේද?"

"
ඇයි කුරුල්ලෝ පලතුරු විතරක් කන්නේ
?"

"
අපිට පියාඹන්න බැරි ඇයි
?"

"
මට මගේ පුංචි බලු පැටියා එක්ක කතා කරන්න බැරිද
?"ආදී මගේ සිතට නැගෙන දහසකුත් එකක් වූ ප්‍රශ්ණ මම ඉදිරිපත් කලේ තොරතුරු සේවයේ මගේ ආදරණීය මිතුරියට. ඒ සෑම පැනයකටම ඉතා ඉවසිලිවන්තවත් ආදරණීයවත් ඇගේ සුමිහිරි කට හඩින් ඇය මට පිලිතුරු ලබා දුන්නා.
දිනක් අපේ නිවසේ සුරතලයට ඇති කල කැනරි කුරුල්ලා මිය ගියා. මම කතා කලේ තොරතුරු සේවයේ මගේ මිතුරියටයි.මගේ පැනය අසා සිටි ඇය කැනරි කුරුල්ලා මිය ගොස් ඇති බව මට වටහා දුන්නා.

"
ඉතින් එයා කොහොමද ආයෙත් සින්දු කියන්නේ? එයාට ආයේ ඉගිල්ලෙන්ත් බැරිද?" මම ඇගෙන් ඇසුවේ ශෝකයෙන්.
මගේ පැනය සාවධානව අසා සිටි ඇයට මගේ සිතේ වූ ගැඹුරු ශෝකය දැනෙන්න ඇති.
"
පෝල්...මතක තියා ගන්න...අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් තියනවා...දැන් ඔයාගේ කැනරි කුරුල්ලා ඉන්නේ ඒ ලෝකෙක ...එයා ඒ ලෝකෙට වෙලා ආයෙමත් ලස්සනට සින්දු කියාවි"තවත් දවසක මම තොරතුරු සේවයට ඇමතුමක් ලබා ගත්තා
"
ෆික්ස් කියන වචනේ අකුරු මොනවද කියන්නකෝ"මගේ අධ්‍යාපනය ගැන ඉහල බලාපොරොත්තු තබා සිටි මගේ දෙමව්පියන් මාව නගරයේ පාසලකට ඇතුල් කලා,අප නගරයේ පදිංචියට පැමිනියා,මට මගේ මිතුරියව අහිමි උනා.

වසරින් වසර ගෙවී ගියා මගේ අධ්‍යාපන කටයුතු අවසන් වූ අතර අප නැවතත් අපේ පැරණි නිවසට පැමිනියා.එවිට මම නව යොවුන් වියේ වූ තරුණයෙකු වූ නමුත් මගේ පැරණි මිතුරිය පිලිබද වූ මතකය මගේ සිතින් ඈත් වුනේ නෑ.ඇය තුල වූ ආදරය කරුණාව ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව තවමත් මා විශ්මයට පත් කලා.
අප නිවසට අලුත් දුරකතනයක් මිලදී ගත් අතර මම පලමු ඇමතුම ගත්තේ මගේ ළමා කාලයේ සුපුරුදු අංකයටයි.

"
තොරතුරු සේවය " වියපත් වූ නමුත් ආදරණීය සුපුරුදු කටහඩක් මට ඇසුනා.මම විශ්මයට පත් වුනා,ඇය තවමත් සේවය කරනවා.මගේ ගොරෝසු පිරිමි කටහඩ අවදි වුනා,

"
මගේ ඇගිල්ල තුවාල උනා...
"ඇය බොහෝ වේලාවක් යන තුරු කතා කලේ නෑ,නමුත් ඇය දුරකතනයේ රැදී සිටින බව මම දැන සිටියා.අවසානයේ ඇය කතා කලා,

"
ශීතකරනේ ලගට ගිහිල්ලා අයිස් කැටයක් තුවාලේ උඩින් තියාගත්තොත් ලේ ගලන එක නැවතෙයි පෝල්
"මම මහ හඩින් සිනා සුනා.

"
ඕහ් දෙවියනේ... මම හිතුවා ඔයාට දැන් අමතකයි කියලා"

"
මට ගොඩක් පුදුමයි පෝල්" ඇය සෙමින් පිලිතුරු දුන්නා.

අප දෙදෙනා බොහෝ වේලාවක් කතා කලා. ටික දිනකට මම සොයුරිය හමු වීමට වෙනත් නගරයකට යන බව පැවසූ මම යලිත් ආ විගස ඇයට අමතන්නට පොරොන්දු වුනා.

"
නොවරදවාම කතා කරන්න පෝල්...මගේ නම සැලී" ඇය පැවසුවා.

සොයුරියගේ නිවසේ මාස තුනක් පමන මා ගත කල අතර නැවත පැමිනි විගස මා ඇමතුවේ තොරතුරු සේවයටයි.

"
තොරතුරු සේවය " අනෙක් පසින් ඇසුනේ නුපුරුදු තරුණ කට හඩක්.

"
මට සැලීට කතා කරන්න පුලුවන් ද?" මම විමසුවා.

"
ඔබ ඇයව දන්නවද?" ඒ කට හඩින් පැනයක්.

"
ඔව් ඇය මගේ යෙහෙලියක්...ගොඩක් පරණ යෙහෙලියක්" මම පිලිතුරු දුන්නා.

"
මට ගොඩක් කණගාටුයි මේ දේ ඔබට පැවසීමට සිදුවීම ගැන... ඇය සති දෙකකට පෙර මිය ගියා"මගේ සිත ශෝකයෙන් පිරී ගියා,උගුරේ යමක් සිර වූ ආකාරයක් දැනුනු අතර මගේ මුවින් කිසිම ශබ්දයක් පිට වුනේ නෑ.මම රිසීවරය යලි තැබීමට පෙර ඇය යලි කතා කලා

"
මහත්මයා ඔබේ නම පෝල්ද?"

"
ඔව්" මම සෙමින් පැවසුවා.


"
ඇය අසනීප වී සිටි සමයේ ඇය ඔබට ලබා දෙන්න ලිපියක් මට ලබා දුන්නා,මට ඔබේ නිවසේ ලිපිනය කියනවද,මම එය තැපැල් කරන්නම්"නිවසේ ලිපිනය ලබා දුන් මා රිසීවරය තැබූ අතර දිගින් දිගටම මගේ සිහියට නැගුනේ ළමා කාලයේ මගේ අනේක විධ පැන වලට පිලිතුරු ලබා දුන් ඇගේ කරුණාබර ආදරණීය කට හඩයි.
දින කිහිපයක් ගත වූ අතර දිනක් මගේ නමට ලිපියක් පැමිනියා,ඒ මගේ මිතුරිය සැලී මිය යාමට ප්‍රථමයෙන් මට ලියූ ලිපියයි. එහි මෙසේ සටහන් වුනා

"
පෝල්...ඔබ යලි පැමිනීමට පෙර මා මිය යාවි යැයි ඇති සැකය නිසයි මම මේ ලිපිය ලියන්නේ.
වසර ගණනාවකට පසු ඔබෙන් ලැබුනු ඇමතුමෙන් මම ගොඩක් පුදුම වුනා,ඊටත් වඩා ගොඩාක් සතුටු වුනා. පෝල් ඔබ දන්නේ නෑ ඔබෙන් ලැබුනු ඇමතුම් වලින් දරුවන් නොමැති මම කොතරම් සතුටට පත් වුනාද කියලා,ඔබ මගේ පාලු ජීවිතයට ආශිර්වාදයක් වුනා පෝල්.කෙසේ නමුත් දැන් අපිට සමුගැනීමට කාලය ඇවිල්ලා.මතකයි නේද, අපි මේ ඉන්න ලෝකෙට අමතරව තවත් ලෝක ගොඩක් පවතිනවා,මම ඒ ලෝකෙකට ගිහින් ඔයාගේ කැනරි කුරුල්ලා කියන ලස්සන සිංදු අහගෙන ඉන්නම්.ඔයාට නැවතත් ස්තූතියි.
ඔබේ මිතුරිය සැලී.
ජීවිතයේ විවිධ අවස්ථා වල විවිධ අයුරින් විවිධ පුද්ගලයන් සමග ඇති වන බැදීම් කෙතරම් චමත්කාරදැයි සිතෙන්නේ බොහෝ කල් ගෙවී ගිය පසුවයි. පරක් තෙරක් නොපෙනෙන ජීවන ගමන තුලදී අප ඇති කර ගන්නා බැදීම් කෙතරම් අපූරුද
මේක මම ලියපු එකක් එහෙම නෙවෙයි .. මට ඊ මේල් එකක ආපු එකක්.
ලියූ කෙනාගෙ නම සඳහන් වෙලා නෑ ..
නමුත් මේක මගෙ හිතට තදින් දැනුනා ... මං හිතන්නෙ මමත් මේ වගෙ බැඳීමක් දැන් බිඳගෙන ඉන්න නිසා වෙන්න ඇති. [මේ විදිහෙම නොවුනත් මීට හුඟක් ම සමානයි]
මේ වගෙ බැඳීම් ඇතිවීම ස්වාභාවිකයි කියල මට හිතෙනව. නමුත් ඒ බැඳීම බිඳී ගියාම නම් දරාගන්න අමාරුයි.

[කවුරු හරි මීට කලින් මේක සිංඩියෙ දාල තියෙනව නම් සමාවෙන්න ඕන]



17 comments:

  1. මේක මාරම මාරයි අප්පා,,මාරම විදිහට හිතට වැදුනා..මගේ යාළුවොන්ටත් කියවන්න දෙන්නම් හෙට ..මට උන දෙයක් වගේ හිතට දැනුනා මාර විදිහට.ස්තුතියි අපිටත් කියවන්න දුන්නට.ජයම වේවා ඔබට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවි ...
      ඔබත් මා වාගෙම හුඟක් සංවේදී කෙනෙක් විදිහට දැනුනා.

      Delete
  2. ඔබේ අඩවියට මම ගොඩවුනේ අදමයි. හරිම අපූරු කතාවක්. මගේ ඇස් දෙක තෙත්වුණා. මට සතුටු හිතුණා. ඒ මට දැනුණු නිසා --සල්ලි පස්සෙන් දුවගෙන යන කරුමක්කාර ජීවිතේකට වැටිලා උන්නත් ,,මම අර තවමත් පුංචි දේටත් සංවේදී වන පරණ මිනිහමයි කියන හැඟීම සිතට ආව නිසා. ඔබට බොහෝම ස්ත්තූත්යි මිත්‍රයා. ජයවේවා.
    මම ඔබව ක කමත සිංඩියිට එකතු කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. තවත් සංවේදී කෙනෙක් ...
      අඳුනගන්න ලැබුනට හුඟක් සතුටු වෙනවා.

      Delete
  3. ලස්සන සංවේදී කතාවක්....බැඳීම් සහ බිඳීම් ගැන.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මලයා ... මට හුඟක් වෙලාවට හිතිල තියෙනවා .. මේ ලෝකෙ පවතින්නෙ .. ඔය බැඳීම් සහ බිඳීම් නිසා නෙවෙයි ද කියලත්.

      Delete
  4. මේක ෆේස්බුක් එකේ තිබිල කලකට ඉස්සෙල්ල කියෙව්ව. ඒත් එදා වගේම අදත් ආසාවෙන් කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ කතා ඕනෑම කාල වකවානුවක කියවා .. හදවතට දැනෙන විදිහට යම් විඳීමක් ලැබිය හැකි නිර්මාණ බව කියන්න පුලුවන්.
      [ ලියපු කෙනා මතක නැද්ද කොල්ලො ...]

      Delete
  5. හිරුහිමා දුන්න ලින්ක් එක දැකල මේ පැත්තට ආවේ.. ඇත්තටම මේක නියමයි !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවින් .. මේ පැත්තෙ ආවට ...

      Delete
  6. මේ ඊමේලය දැකපු දවසේ මං පනුච්චිගේ ඇස් දෙකට ආව කඳුළු අදත් ඒ විදියටම ආව .. ඇත්ත.. සමහර බැඳීම් මාරයි...
    හැමෝටම මෙය කියවන්න සැලැස්වීම පිලිබඳ ඔබට පණු භවනේ සියල්ලන්ම වෙනුවෙන් මං පනුච්චි ප්‍රණාමය පුද කරනවා..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ත් බොහෝම ස්තූතියි පණුච්චි ... [මහ අමුතු නමක් නේ ඔයාට තියෙන්නෙ]
      මිත්‍රකම කියන්නෙ ...මම දකින විදිහට තද බැඳීමක්.
      නමුත් අවාසනාවකට .. අපේ සමහර යාලුවො ඕක හරිහැටි වටහගන්නෙ නෑ.

      Delete
  7. හරිම සංවේදී කතාවක්...ස්තුතියි අපටත් කියවන්න බෙදාදුන්නාට...හිතට දුකක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. Nimal ... ඇත්තටම .. හුඟක් සංවේදී අයට පමණමයි මේ වගේ දෙයක් වටහාගත හැකි වෙන්නෙත්.

      Delete
  8. ඇත්තටම හරිම සංවේදි කතාවක් සහොද‍රයා මං ඔබේ ලිපිය හැල්ලු කරනවා කියලා හිතන්න එපා නමුත් මේ කතාව මං පලමු වතාවට කියෙව්වෙ මනහර සගරාවෙන් එ සැහෙන කාලයකට කලින් 95 නැත්නම් 96 වර්ෂ වල හැබැයි එකෙත් කතුවරයා ගැන සදහනක් වෙලා තිබුනෙ නැහැ. ඔබේ උත්සහය අගය කරමි ඔබට ජය..

    ReplyDelete
  9. ඇත්තටම හරිම සංවේදි කතාවක් සහොද‍රයා මං ඔබේ ලිපිය හැල්ලු කරනවා කියලා හිතන්න එපා නමුත් මේ කතාව මං පලමු වතාවට කියෙව්වෙ මනහර සගරාවෙන් එ සැහෙන කාලයකට කලින් 95 නැත්නම් 96 වර්ෂ වල හැබැයි එකෙත් කතුවරයා ගැන සදහනක් වෙලා තිබුනෙ නැහැ. ඔබේ උත්සහය අගය කරමි ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්... මාව දැනුවත් කළාට ...
      දැන් බලාගෙන ගියාම මේක හුඟක් පැරණි ලිපියක් බව පේනව.
      මොන තරම් පැරණි වුනත් කියෙව්වම හදවත්වලට දැනෙන දේ වෙනසක් වෙලා නෑ නේද...?

      Delete