Powered By Blogger

Saturday, September 29, 2012

සිටුවර පුවත ….



 

අද මම ලියන්න යන්නෙ විශේෂ වූ පොතක් ගැන.

මේ පොත තමයි ... මේ වසරෙ.... එනම් 2012 වසරෙ ... ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ඨතම නවකතාව කියල කියන්නෙ.
 

මේක ලියල තියෙන්නෙ රූපා ශ්‍රියානි ඒකනායක මහත්මිය විසිනුයි. කතුවරිය මීට පෙර ළමා කතා ...කෙටිකතා ..සහ නවකතා .. කීපයක් ම ලියල තියෙන කෙනෙක්. මීට පෙර වසරක ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වූ ''තරු බඹසර'' කියන පොත ලිව්වෙත් ඈ තමයි.
 
මීට අමතරව ''දුටිම් නෙතින් කසුප් නිරින්ද්'' කියල පොතකුත් ලියල තියෙනව. ඒකට ගොඩගේ සම්මාන උළෙලේදී සම සම්මානය හිමිවුනා.

මේ නවකතාවෙ මම දකින තවත් දෙයක් තමයි ... ප්‍රධාන චරිත දෙක .. එනම් පණ්ඩුල සහ  සරළා ... මාරුවෙන් මාරුවට උත්තම පුරුෂ දෘෂ්ඨිකෝණයෙන් තම කතාව ඉදිරිපත් කිරීම. සමහර අවස්ථාවල මෙය පාපොච්චාරණයක ස්වරූපය ගනියි.
 


පොත අවසන් කරල තියෙන විදිහ මගේ සිත් ගත්තා වුනත් ...

සමස්තයක් විදිහට බැලුවම මේක ගැන මගේ එච්චරම පැහැදීමක් නම් නෑ.

එහෙම කිව්ව කියල ඔයගොල්ලො නොබල ඉන්න එපා.

 [ඒක ඉතින් මගෙ පෞද්ගලික අදහසනෙ]

ඔයාලත් කියවල මේ පොත ගැන අදහස් දක්වනව නම් මම වඩාත් කැමතියි.
පොත පිළිබඳව පොඩි විවේචන දෙකකුත් ලියල තියෙනව දිවයින පත්තරේ .. සුලෝචන වික්‍රමසිංහ මහතා සහ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා විසින්.
ඒකත් කියවලා බලන්න.
                                  ඡායාරූප මත ක්ලික් කිරීමෙන් විශාල කර බැලිය හැක.
පළමු මුද්‍රණය    2011

දෙවන මුද්‍රණය   2012

 ISBN  978 - 955 - 656 - 197 - 5

සූරිය ප්‍රකාශකයින් ගේ පොතක්.

[ මේ පොත් ගැන ලියද්දි මට අමතක කරන්න ම බැරි කෙනෙක් තමයි අපේ '' ඔබා මලය ''.   මගේ පොත් පිළිබඳ විස්තර මහත් ආශාවෙන් කියවපු කෙනෙක්. ඔහු දැන් කොහේ ඇත්ද ...?

කොහේ හිටියත් ඔහුට සුගතියක් ම වේවා යි පතමි]


 

13 comments:

  1. කියවලා බලලා ‍නෑ නෙව තවම... කියවන්ට ඕන... පෝස්ට් එක හරහා හැමෝම මේ පොත ගැන දැනුවත් කරනවට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. කියවල බලල ම කියන්නකො අදහස කොහොමද කියලා ...
      ස්තූතියි ආවට ...

      Delete
  2. කියවලා නෑ. හොයාගෙන කියවන්න ඕන. මේ ගමන මම පොත් ගත්තෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ගත්තෙ නැතුවට ප්‍රශ්නයක් නෑ කොල්ලො ...
      කොහොමහරි හොයාගෙන කියවල බලහංකො ...
      [උඹ ලඟ පාතක නම් ඉන්නෙ ... මගෙ එක දෙනව කියවන්න]

      Delete
  3. මමත් කියවල බලන්නම්කෝ..ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. කියවල බලන්නකො ..
      ආවා ට ස්තූතියි.

      Delete
  4. ගත්තා... තාම කියෙව්වේ නෑ...

    ReplyDelete
    Replies
    1. කියවල ඉවරවෙලා කියන්නකො පොත කොහොමද කියල ...

      Delete
  5. ගත්ත පොත් වලින් තාම එකක් වත් කියවලා ඉවර කරන්න හම්බ උනේ නෑ අප්පා..

    ReplyDelete
    Replies
    1. මමත් තාම කියෙව්වෙ දෙකයි ....

      Delete
  6. අයිය බුද්ධධාසි පොත කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් .. මම කියවපු හොඳම පොතක් ය කියල කියන්න පුලුවනි.

      Delete
    2. මම ඒ ගැන පොඩි විස්තරයකුත් ලියල ඇති.

      Delete