Powered By Blogger

Saturday, February 11, 2012

''සුද්දො සහ කොයින්මැණිකෙ''


දැන් කියවල ඉවරවුන පොත  ගැන  තමයි ලියන්න යන්නෙ.
ඇරැව්වල නන්දිමිත්‍ර කිව්වම පොත් කියවන්නො නොදන්න කෙනෙක් වෙන්න බෑ.
''මල්දෙණියෙ සිමියොන්'' කියල කිව්වනම් හැමෝටම මතක් වේවි. මං හිතන විදිහට ඒ මහතා තමන්ගෙ ගම ගැනම තමයි ඔය ''මල්දෙණියෙ සිමියොන්'' කතාව ලියලා ඇත්තෙ.
මට මතකයි එක්තරා කාලයක මමත් ඔය ගමේ නැවතිල හිටියා ... වෙනින් කවුරුත් එක්ක නෙවෙයි .. ඔයගොල්ලො දැනටම හඳුනන මගේ මිත්‍ර ''රහිය'' සමග. ඒ ප්‍රදේශයෙ කුළියට ගෙයක් හොයා ගත්තෙ රහිය තමයි. තනියම ඉන්න බෑ කියල මාවත් එහේට ඇදගෙන ගියෙත් ඌමයි .
[ඒ ගිය ගමනෙන් මට වාසියකුත් වුනා. ඒ කතාව පස්සෙ කියන්නම්]
පළමු දවසෙ එහෙ ගියෙ රෑ අටට විතර. ඒ දවස්වල මහරගම ඉඳල පිළියන්දල පාරෙ වැඩ කළේ අර හුන්ඩු වගේ තිබ්බ ප්‍රයිවට් වෑන්. මිනිස්සු යන්න ඕන කොන්ද නමාගෙන දෙකට නැමිල. ඔහොම කොන්ද නමාගෙන අමාරුවෙන් යත්දි .. [ඔය විදිහට වෑන් වල හිරවෙල යත්දිත් රහියට මරු වැඩක් වුනා. ඊ ලඟට කියන්නම්. දැන් බලනකොට කතා පෝළිමේ මතක් වෙනවනෙ]…. එක තැනක් අහුවෙනව දෙපැත්තෙම කුඹුරු තියෙන. දැන් නම් ඒ කුඹුරු තියෙනවද දන්නෙත් නෑ.
ඔය හරියෙදි මගෙ පුංචි කාලෙ මතකයට නැගූ අපූරු ශබ්දයකට කන් දෙන්න හැකි වුනා. ඒ තමයි නොකඩවා හඬන රැහැයියන්ගෙ සහ ගෙම්බන්ගෙ සංගීතය. මම පුදුම වුනා කොළඹ කිට්ටුව මේ වගේ .. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගැමි ප්‍රදේශයක් තිබීම ගැන. අපි ගියෙ රාත්‍රි කාලෙ නිසා වැඩි විස්තර බලාගන්න බැරි වුනත් .. පහුවදා උදේ පාන්දර ඔෆිස් යාම සඳහා ආපසු එත්දි .. එම ගම් ප්‍රදේශයෙ සුන්දරත්වය අත් විඳින්නම ලැබුනා. ඇත්තටම ඒ නිවසට පාරෙ ඉඳල යන්න තිබුණෙත් බඩවැටි දෙක තුනක් අස්සෙන් වැටිච්ච පොඩි අඩිපාරක් ඔස්සේ . ඒ දවස්වල එම බඩවැටි... = කුඩා ලඳු කැළෑ ..අස්සෙ ඇත්තටම කසිප්පු පෙරලත් තියෙනව. පරිසරය නම් ඉතාම සුන්දරයි. කොටින්ම  කිව්වොත් ''මල්දෙනියෙ සිමියොන්'' කතාව මැවිල පෙනුනා. [දැන් නම් ඒ සුන්දරත්වයෙ කෑලිත් නැතුව ඇති]
අපොයි .. කණගාටුයි .. මම කතාවෙන් පිට පැනලනෙ..
මට ලියන්න ඕන කළේ ''මල්දෙනියෙ සිමියොන්'' ගැන නෙමේ. ඒ කතු තුමා විසින් ම ලියන ලද වෙනත් පොතක් ගැන. මේක මේ බොහොම පොඩි කෙටි කතා පොතක්. [ පොත් කියවන්න වෙලාව නෑ කියන අයට  ඉතා ම හිතකරයි. විනාඩි පහළොවෙන් කියවන්න පුලුවන්]  ඇත්තටම ඒකෙ තියෙන්නෙ කතා තුනයි. නමුත් අපිට හිතන්න හුඟක් දේවල් ඒ කතා තුන ඇතුලෙ තියෙනව.








ප්‍රථම මුද්‍රණය 1988 මාර්තුවෙත් .. දෙවනි මුද්‍රණය 1994 පෙබරවාරි වලත් කරපු මේ පොත මුද්‍රණය කරල තියෙන්නෙ ''සීමාසහිත ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ ,225, දෙහිවල පාර, බොරලැස්ගමුව. යන ලිපිනයෙදියි.
ප්‍රකාශකයො හැටියට කටයුතු කරල තියෙන්නෙ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

ISBN  955 – 20 – 1202 – 3

ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ පස්වෙනි කෘතිය වන මෙය ..1988 වසරේ හොඳම සිංහල කෙටිකතා සංග්‍රහය සඳහා වූ රාජ්‍ය සම්මානය දිනා ගැනීමට සමත් වුනා.
ඉතා ම හොඳ පොතක්.. හැමෝම හොයාගෙන කියවාවි කියල හිතනවා.



7 comments:

  1. ඔය පොත නම් කියවන්න බැරිවුනා. හොයාගෙන කියවන්න ඕන.
    ඇරැව්වලගෙ භාෂාව - ආඛ්‍යානය හරි ලස්සනයි නේද ?

    ReplyDelete
  2. ඔව් .. එයාගෙ පොත් ඔක්කොම වගේ ඒ විදිහයි.
    කියවන්න ආස හිතෙන විදිහට සරළ භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.
    මේ පැත්තෙ ආවට ස්තූතියි කොල්ලො.

    ReplyDelete
  3. ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ “සිත මිස කය නැති දන” කියන කෙටි කතා එකතුව මගෙ හිතට තදින් කා වැදුනු කතා ටිකක්.

    ReplyDelete
    Replies
    1. Mata eaka thavama kiyavanna lebune ne.

      Delete
    2. කියවන්න ඕනා. තාම හොයාගන්න බැරි උනා

      Delete
  4. මං මේ බ්ලොග් එක රීඩර් එකෙන් අස් කරන්න ඕනෙ, නැත්තං මට නැවක් සල්ලි වලට ගන්ඩ වෙනව...හෙහ්...හෙහ්...

    ReplyDelete
  5. පොතක් කියවපු කාලයක් මතක නෑ අප්පා.....

    ReplyDelete