Powered By Blogger

Monday, January 23, 2012

''බොනිකරම තරුව''




ඔය වචනෙ මම අහුල ගත්තෙ මට මතක විදිහට පුංචි කුමාරිහාමිගෙ බ්ලොගෙන් වෙන්න ඕන. කොහොම වුනත් ඒ වචනෙ මට අල්ලලා ගියා.
[ඒ වචනෙ ගැන ගැඹුරින් කල්පනා කරත්දි අපි මොන තරම් තදින් ඒක ග්‍රහණය කරගෙන ඉන්නවද කියල හිතුනා]  ඒ ගැන ලියපු කමෙන්ට් එක අන්තිමේදි ටිකක් දිග වුන නිසා ලිපියක් විදිහට දාන්න කල්පනා කළා.
ඔය  ''බොනිකරම තරුව'' ට අපි අකමැති වුනත් .. අපිට ඒක නැතුව බෑ. මමත් ඕක මේ පොළෝ තලයෙහි .. ඕනෑ තරම් දැකල තියෙනවා. මට තරුව පෙන්නපු අය වැඩියි  වගේ මට දැනුනත් .. මමත් අනෙක් අයට [හැමෝටම නෙවේ .. සුදුසු අයට] තරුව පෙන්නලත් තියෙනවා.. ඉතින් මට කියන්න ඕන කළේ .. ඔය තරුවෙන් හෝ බාගෙට තරුවෙන් අපට මේ ලෝකෙ ගැළවිල්ලක් නැති බවයි.
මේ මං කියන එක ඔයගොල්ලොන්ට තේරෙන්නෙ නෑ වගේ නේද ...
අපි උදාහරණෙකට ගමු.. පාසැල් වියේ ළමයෙක් හෝ ළමිස්සියෙක්. ඒ ළමයි දෙන්නා බොනිකරම තරුවෙන් හෝ බාගෙට තරුවෙන් හෝ කාලට තරුවෙන් ..ඉවත් වුනොත් මොකද වෙන්නේ....? තම දෙමාපියන් සමග තියෙන සහ සම්බන්ධතාවය කඩා වැටෙනවා නෙවෙයිද...? ඉන් පසු ඒ ගොල්ලො සමග සුහදව ජීවත් වීමට හැකි වෙයිද ..?

ඊට ටිකක් එහාට ගිහින් අපි ගනිමු පෙම්වතුන් දෙදෙනෙක්. ඒ දෙදෙනා එකිනෙකාට අවංක වී බොනිකරම තරුවෙන් හෝ බාගෙට තරුවෙන් ඉවත් වුනා යැයි සිතමු. ඒ දෙන්නාට මක් වෙයිද...? 
තව එහාට ගියොත් .. විවාහක ජෝඩුවක් නම් [දරුවො ඇති හෝ නැති] බොනිකරම තරුව හෝ බොනි තරුව හෝ බාගෙට තරුවෙන් ඉවත් වෙන්න උත්සාහ කළොත් මොනවා වෙයිද ...? ඔය තරුවෙන් ඉවත් වුනා කියන්නෙ තම තමන්ට වෙන සෑම දෙයක් ම එකිනෙකාට අවංකව කියාගන්නවා කියන එකයි. එතකොට පවුල් ජීවිතයක් ඉතුරු වෙයි කියල ඔයාල හිතනවද ...?
වැඩ කරන තැන්වල සේවකයින් තම තමන්ගෙ ප්‍රධානීන් ට ඔය තරුව කොයිතරම් පෙන්නල ඇතිද ..? ඇයි එතකොට ප්‍රධානීහු .... තම සේවකයන්ට මොන තරම් වාරයක් තරුව පෙන්නලා ඇත්ද...? ඇත්තම කිව්වොත් ..[බහ තෝරන වියේ පොඩිම පොඩි එවුන් හැර] මේ ලෝකයේ අපි හැමෝම .. අඩු .. වැඩි .. වශයෙන් එකිනෙකාට ඔය තරුව නරඹන්නට සලස්වා ඇත්තෙමු.


මේ ලෝකෙ කඩා වැටෙන්නෙ නැතුව තියා ගන්නට එක එක වර්ගයෙ මුක්කු කීපයක් ගසා තිබේ. [ගැසුවේකවුද කියා අපි නොදන්නවා වුනත්] ඉන් බලවත් ම මුක්කුව .. ඔය තරුව බව මගේ අදහසය.
අපි හැමෝම වාගේ පිළිගන්නට අකමැති වුනත් මේ ලෝකෙ පවතින්නේ ඔය කියන තරුව නිසාය.
කවදා හෝ  මිනිස්සු සිත දියුණු කරගත් කාලයක [අනුන්ගේ සිත් කියවීමට හැකි තරම්] මෙම තරුවෙන් අපට ගැළවීමක් ලැබෙනවා ඇත.



13 comments:

  1. මම යාළු වෙලා උන්නු කෙල්ල මට බොනිකරම තරුව පෙන්නලා තියෙන්නේ කියලා දැගත්තු දවසේ නම් මට තරු විසික් වුනා :D

    ReplyDelete
  2. හික් හික් හික් .....ඔය තරුව නිසා කීපාරක් බේරුනාද.....

    ReplyDelete
  3. පූසා....
    ඇත්ත නේන්නම් .. ආදරය කරන කොල්ලො .. කෙල්ලො .. අතර ඕක නිතරම භාවිතා වෙන දෙයක්.

    ReplyDelete
  4. ඔබ නොදුටු ලොවක් ...
    දැන් පේනවනෙ.. අපි හැමෝටම සමහර වෙලාවල් වලදි ඕනෙම වෙන දෙයක්.

    ReplyDelete
  5. "අපි හැමෝම වාගේ පිළිගන්නට අකමැති වුනත් මේ ලෝකෙ පවතින්නේ ඔය කියන තරුව නිසාය."

    උඹ කියන විදියට ඕකෙන් මේ ලෝකේ පවතින්නේ නැහැ, සමහරක් එවුන් හිතනවා ඒක නැති උනොත් ලෝකෙ ඉවරයි කියලා. ඒකයි වැරැද්ද. අදටත් ලෝකෙ තියෙන්නෙ ඕකේ විරුද්ධ පැත්ත තියෙන නිසා...[ටිකක් හරි], ඒ ටිකටත් කෙල වෙච්ච දවසටනම් ලෝකෙ ඉවරයි මචං.

    ReplyDelete
  6. මොකක්ද ඔය තරුව? මට තේරුනේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඇයි අහලා නැත්ද "තනි තරුව"
      ඒ වගේ තමයි මේක" බොනි තරුව"

      Delete
    2. වෛවර්ණා ...
      ඔහොම බෑ .. තව ටිකක් තදින් කල්පනා කරල බලන්න ඕන.

      Delete
  7. මේ තරුව නැති බංගස්තාන වුනොත් දේසපාලලට මක්කද වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. Observer ...
      අන්න එතන තමයි ප්‍රශ්නෙ ...
      දේශපාලක උන්නැහෙලාට පැවැත්මක් නැති වෙන්න ඉඩ තියෙනව. ඒ හන්දම තමයි එයාල ඔය බොනි තරුව හැමදාටම බදාගෙන ඉන්නෙ.

      Delete
  8. uwiniran..
    සමහර විට උඹ කියන එක හරි වෙන්න ඇති.
    නමුත් මම මේකෙ තර්ක කරල තියෙන්නෙ .. අපි 100% ක් ම අවංක වුනොත් වෙන දේ ගැන.

    ReplyDelete
  9. බෝනිකර තරුවෙන් ආලෝකය ලබන්නත් පොඩි හැකියාවක් තියෙන්න ඕනේ.

    අවාසනාවකට පුංචි කුමාරි හාමිගේ ඒ පොස්ට් ඒක මැකිලා..

    ReplyDelete
    Replies
    1. අසරණයා...
      ඔව් .. ඔව් ... හැකියාවක් නැත්නම් වැඩේ අනාගන්නවා.

      Delete