Powered By Blogger

Saturday, January 7, 2012

ගාලු ගෙට් එක හෙවත් ''බොඳ වී ගිය මගේ පැපරාසි සිහිනය''

ඔන්න මමත් අද ගියාලු ගාලු ගෙට් එකට පාන්දරින්ම. පාන්දරින් කිව්වට ටිකක් වෙලා ගියාලු.. උදේ හතටනෙ එන්ට කිව්වේ .. මම යනකොට හතහමාරයි.. [වයසට ගිහාම ඔහොම තමයි] මේකප් දාගෙන මූණ එහෙම හොඳට පොලිෂ් කොරගෙන එළියට බහිනකොට පැය බාගයක්ම කෙල වෙලා. ඉතින් මක් කොරන්නද .. කොට්ටාවෙ බහිනකොටම හතහමාරයි. අඩුත් නෑ වැඩිත් නෑ.
මම හිතුව දැන් බස් එක පිටත් වෙලාය කියල.   කොට්ටාවට එන්ට පෙර ... මගදි රාජ් ට කෝල් එකක් දුන්නෙ නැත්තෙ එතකොට හත පහුවෙල තිබුණ හින්දත් .. කෝල් කරොත් මං එනකම් මුං ටික බස්සෙක නවතාගෙන ඉඳීවිය කියල හිතුන හින්දත්ය. [මං නිසා අනෙක් අයට පරක්කු වෙනවට මම අකමැති වුනෙමි]
දැන් කොට්ටාවට ප්‍රමාද වී පැමිණි පසු මට මරුම මරු අයිඩියා එකක් ආවේය.. බස් එක ගිහින් නිසා ඊලඟට ගාල්ලට යන ලංගමේ මට මුන්ගේ පස්සෙන් යත හැකිය. ගාල්ලේ සිටත් රූමස්සලට යනතුරුම පස්සෙන් යත හැකිය. මම පස්සෙන් එන බව මුං දන්නේ නැත.එසේ ගොස් මුංගේ කියුම් කෙරුම් ටික යස අපූරුවට වීඩියෝ කිරීමටත් .. මඩ සඳහා චායාරූපයට නැගීමටත් හැකි බැවිනි. එය ඉතා පහසු වන්නේය. මොකද කීවොත් ඔය ගැන්සියේ මාරයා නැති නිසා [මාව හරියටම හඳුනන්නේ ඌ පමණි] එකෙක්වත් මා නාඳුනනා බැවිනි. එම නිසාවෙන් මට නියම පැපරාසියෙකුගේ චරිතය රඟ පෑ හැක්කේය. පසුදින බ්ලොග් බලන මුං ටික හොල්මන් වී යනු ඇත. එසේ සිතමින් උද්දාමයට පත්ව රාජ් ට කෝල් එකක් ගත්තෙමි.
දෙබස මෙසේය...
 හලෝ ..රාජ් .. ගුඩ් මෝනිං ..
ගුඩ් මෝනිං .. කවුද මේ ...?
මම අහවලා .. උඹල දැන් හයිවේ එකේ බාගයක් විතර ගිහිල්ල ඇතිනේ .. මම එන්න පරක්කු වුනා බං..
උඹ දැන් කොහෙද ඉන්නෙ ..?
කොට්ටාවෙ.
කොට්ටාවෙ කොතනද ..?
බෝ ගහ ලඟ ..
ආ .. එහෙනම් ඔහොම්ම පල්ලෙහාට වරෙං .. එතන තියෙන කොමර්ෂල් බැංකුව හරියෙ නිල්පාට බස් එකක්  අපි නවත්තගෙන ඉන්නවා .. උඹ එනකම් තමයි ඉන්නේ.

 
මගෙ දත කට පූට්ටු වුනේ එතකොටයි. ඒ කියන්නෙ මෙයාල තවම ගිහින් නෑ.. අයියෝ මගේ පැපරාසි සිහිනය බොඳ වී යන හැටි ... සිතමින් .. හිතේ අමාරුවෙන් ගොස් බසයට නැග්ගෙමි.
එසේ වුවත් අපි කොට්ටවෙන් පිටත් වෙනකොට දහයයි හතලිස් පහ වුනා. හතයි තිහේ සිට දහයයි හතලිස්පහ අතර කාලය තුල සිදු වූ දේ මම නොලියන අතර බසයේ සිටි අනෙක් එවුන් ලියන ලිපි වලින් ඒවා දැන ගැනීමට හැකිවෙනවා ඇත.  [මම මොකටද නිකම් ලේ පුච්චගන්නේ..මම නම් හිතුවේ මෙහෙමයි .. දැන් ඉතින් ඔරුව පෙරලුනා .. පෙරලුන පැත්ත හොඳායි]  ඒ කාලය නිකරුණේ නාස්ති නොකර  ..ටිකක් විතර නිදා ගත්තෙමි .. එතකොට සිංදු කීපයක් ඇහුවෙමි .. තව .. ඔය අලුත් බ්ලොග් මිතුරන් කීපදෙනෙකු හඳුනා ගත්තෙමි.
කොහොම වුනත් බොහොම අමාරුවෙන් වගෙ දහයයි හතලිස්පහට .. සුබ නැකතින් ඔන්න අපි කොට්ටාවෙන් පිටත් වුනා.
දැන් කට්ටිය යනව අවට සිරි නරඹමින්.. මාත් ඔය ඕකෙ යන පළවෙනි වතාව නොවැ... අම්මප පිස්සු හැදෙනව ..පාර සහ පාර දෙපස මාරම ගති. හයි වේ කියන්නෙ නිකම්යැ. පොටෝ එහෙමත් ගත්තයි කියන්නෙ. පහළින් දාල තියෙන්නෙ එව්ව තමා. ලොකු කරගෙන බලන්ටකො.

     
ඔන්න දැන් අපි කඩාගෙන යනව ගාල්ල පැත්තට.. හරි මැදක් විතර ගියාම.. 51..3 කිලෝමීටර් කණුව අසලදි .. අපි ගිය බස්සෙක එන්ජිම හිරවෙලා නැවතුනා. දැන් එන්ජිමෙන් දුම් දානව.. කර ගඳ ..ඩැයිවර මලය නම් කීවෙ එන්ජිම කෙලවුනා තමයි කියලයි. පාරෙ හැටියට අපි ගිය වේගෙ එන්ජිමට ඔරොත්තු දුන්නෙ නෑ මං හිතන්නෙ.
හයිවේ එකක වාහන නවත්තගෙන ඉන්න බෑනෙ. ටික වෙලාවකින් පොලිස් කාරෙකක් ආව. මොකද කියල බලන්න. කාරණේ කිව්වට පස්සෙ අංකයක් දීල ගියා ආපදා රථයකට කතා කරන්න කියල. උන්ට කිව්වම කියපි .. එන්ජිම රත්වෙලා තියෙන්නෙ පැයක් විතර නිමෙන්ට ඇරල ස්ටාට් කොරන්නෙයි කියල. දැන් හැමෝටම වගේ මල. ඇයි කොට්ටාවෙ පැය තුනහමාරක් විතර කට්ට කාලනෙ ආවෙ. දැන් මෙතනත් තව පැයක් ඉන්ට ගියාම..... අනික පට්ට අව්ව .. බස් එක ඇතුළෙ නිකම් පෝරණුව වාගෙ.
අපි ඉතින් බැහැල පොඩි තල්ලුවක් එහෙමත් දාල බැලුව ස්ටාට් කරගන්න පුලුවන් වේද කියලත්. මොන .. කර කරස් ගානව විතරයි.
දැන් අපි ආපදා රථය එනකම් බලාගෙන ඉන්නව. ඔය අතරෙ සමහරු පාර අයිනෙ ඇවිදිනව .. සමහරු චූ දානව.. [කෙල්ලො නෙවේ] තවත් කීපදෙනෙක් චූදාන එවුන්ව පොටෝ ගන්ට උත්සාහ කොර්නව. වැඩ කෝටියයි.
ඔය අතරෙ නිකම් මේ හීනියට වගේ.. බස් එක ඇතුළෙ පොඩි පොඩි කතා ටිකකුත් ඇහුණ..
අද හරි අපල දවසක් අනේ ... [කෙල්ලක්]
අරගොල්ලො අපි එනකම් අතන ඉඳියිද ..? [එතකොට දොළහත් පහුවෙල] ඒත් කෙල්ලක්...
පිස්සුද .. උං දැන් රූමස්සලටත් ගිහින් ඇති.
හොඳට දානව ඇති නේ ..[ඉරිසියාවෙන් බරිත වුන  කොල්ලෙක්]
ඔව් .. ඔව් .. මොකෝ නැතුව .. හොඳට නාලා .. පුල් ජොලියක් දානවා ඇති.. [ඒත් කොල්ලෙක්]
අනේ .. අපට කෑම තියෙයිද දන්නෙත් නෑ ..[තව කෙල්ලෙක්]
මම නම් ඒව එතරම් හිතට ගත්තෙ නෑ.. ඔය අව්වෙ සැරකමට කියන එව්වනෙ.
මම ඉතින් සුපුරුදු විදිහට පෙරලුන පිට හොඳයි කියල .. මේ වෙච්චි වැඩේ තියෙන වාසි පිළිබඳ ව කම්පනා කොළා.
මෙහි ඇති වාසි.
1 . හයිවේ එකේ වාහනය නවතාගෙන සිටීමට හැකි වීම. [හැමෝටම කොරන්ට පුලුවන් හපන්කොමක් එහෙම නෙවෙයි]
2. බසයෙන් බැස පාරේ ඇවිදින්නට ලැබීම..[ අනිත් වාහනවල යන එවුන්ට බිමට බැසීම තහනම්.. දඩ ගසනු ඇත]
3. හයිවේ එකට මුත්තරා කිරීමට ඉඩ ලැබීම. [එසේ මෙසේ කෙනෙකුට ලැබෙන චෑන්ස් එකක් නෙවෙයි ඕක]
4. ඒ මදිවට ඒව පොටෝ ගහන්ටත් ඉඩ ලැබීම.
5.හයිවේ එකකදි බසයක් තල්ලු කරගෙන යාමෙන් වාර්තාවක් පිහිටුවීමට හැකි වීම.
6.අධි වේගී මාර්ගයකදි වාහනයක් අප්සෙට් වුනොත් .. ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ ව අපි හැමෝටම හොඳ අවබෝධයක් ලැබීම.
මේ අතර ආපදා රථය පැමිණ අපේ බසය ඇදගෙන යාමට පටන් ගත්තා. ඔය පහළින් තියෙන්නෙ පින්තූර ..

  
පැයට කිලෝමීටර් 100 ක විතර වේගයෙන් යන්න ඕන පාරක .. පැයට කිලෝමීටර් 10 ක වේගයෙන් ගමන් කිරීමෙන්.. අලුත්ම අලුත් වාර්තාවක් පිහිටුවීමටත් අපට හැකි වුනා.
ටිකක් දුර එහෙම යද්දි .. මෙන්න බොලේ බස් එක ස්ටාට් වුනා. ඊට පස්සෙ ආයෙම ආපදා රථය ඉවත් කොට .. ඊලඟ හන්දිය තෙක් ගමන් කිරීමට හැකි වුනා. එහිදී කැඩුණු බසය වෙනුවට වෙනත් බසයක් ගෙන රූමස්සලට යනකොට දවල් දෙකට විතර ඇති. කවුදෝ එකෙක් මෙහෙම කියනවා ඇහුණා.'' යකෝ.. හයිවේ එකේ එන්නෙ නැතුව ගෝල් රෝඩ් එකේ ආවනම්  දොළහ වෙනකොට එන්න තිබුණා''. ඒවනම් ඉතින් ලැබිච්ච ෆන් එක ඉවසගන්න බැරිව කියන ''කුප්ප කතා''.  කිසි කෙනෙක් ඒව දණිහෙන් උඩට මායිම් කොළේ නෑ.
අන්තිමේදි බීච් එකේ ලබා ගත්තු ෆන් එක නම් උපරිමයි. ගිය ගමන්ම කන එවුන් කෑවා .. බොන එවුන් බීවා ..නටන එවුන් නැටුවා.  දැන් වෙලා නෑ .. නාන්ට බෑ කිය කිය ගිය එවුනුත් අන්තිමේදි නෑවා. ඒක දැකපු .. කලින් නාලා කාලා හිටපු එවුනුත් ආයෙමත් නෑවා.














මෙතෙන්දි මට මීට පෙර දැන හඳුනාගන්ට බැරිවුණු ..මගේ මරණය .. මාතලන් .. රංග මලයා.. රණා..වැනි පරිණත බ්ලොග් කරුවන් කීප දෙනෙකුත් හඳුනාගන්ට ලැබුණා. [නම් අමතක වෙච්ච එවුන් සමාවෙයල්ලා]
අභීත මලයා සහ ඉන්දරේ නම් කලිනුත් දන්නවනේ..
අලුත් එවුන්ගෙන් අප සමග ගිය නාකියා සහ කොණ්ඩෙ පොකුටු එකා[නම මතක නෑ] හොඳ මනුස්ස ගතිගුණ තියෙන එවුන් බව පෙන්නුම් කළා.
 ඇත්තටම කොච්චර බ්ලොග් කරුවන්.. කාරියන් එතනදි අඳුනා ගත්තද කියල කීවොත් .. උන්ගෙ නමුත් දැන් මතක නෑ ඕං .
ඉතින් බොහොම අමාරුවෙන් වගෙ හවස හතරහමාරට විතර.. ලාහට ගෙම්බො එකතු කරන්නැහෙ .. කට්ටිය එකතු කරගෙන අවසාන අංකය වූ ගෲප් පොටෝ එක [ඒකෙ මම ඉන්නවද දන්නෙත් නෑ] අරගෙන ඉවර වෙලා අපි ආපහු එන්න පිටත් වුනා.

[විශේෂයෙන්ම මේ හමුව සංවිධානය කරපු ..පොඩි මෑන් .. රාජ්  එතකොට තව නම් මතක නැති සංවිධායක කමිටුවෙ හැමෝටම ස්තූති කිරීමට කැමැත්තෙමි]

ප.ලි.
මේකෙ තව විස්තර බොහොමයි. අවසාන ටික කෙටියෙන් කියල දැම්මෙ .. වෙන මුකුත් හින්ද නෙවෙයි.. අනිත් එවුන්ටත් ලියන්ට විස්තර තියෙන්ට ඕන හින්දයි.
ඒ නිසා තව  වැඩි විස්තර ඒ ගොල්ලො දාපුවාවෙ.
ප.ප.ලි.
අන්තිමට රෑ මහ වැස්සෙ කොට්ටාවෙන් බැහැල .. වයිවර්ණා යි .. එයාගෙ යාලුව ශානි ද ශානු ද මතක නෑ ..එයයි .. තව කඩවත ඉඳල ආපු පොඩි එකෙකුයි.. මම යි .. කොණ්ඩෙ පොකුටු හාදයගෙ කාරෙකේ යන්ට ගිහින් කාපු කට්ට ඊ ලඟ පෝස්ට් එකේ දාන්නම්.
මොකද ගොඩක් දිග වුනාමත් උඹල කියවන්නෙ නෑනෙ. දැනටමත් මේක දිග වැඩියි වාගෙ.



57 comments:

  1. අපි නම් හත වෙනකොට ගෙදර.ඔව් ඊයෙ දවස නම් සෝඉයි.හෑමෝම වගේ සතුටු වුනා බනියා ඈරෙන්න.(බනියාට ඊයෙවත් කෙල්ලෙක් සෙට් කරගන්න වුනේ නෑනෙ)

    ReplyDelete
  2. පට්ට ෆන් අරන් වගේ බොල. ඒ මදිවට වාර්තා හිටන් තියලා.. අනිත් එවුන්ගේ ස්ටෝරි සහ ෆොටෝ දානකල් ඉන්නේ. බලමුකෝ. එන්න බැරි වුන එකට නම් දුකාාාාාාාායි....

    අසරණයාගේ පෝස්ටුවක උබේ ගැන තිබ්බ බොල ඒකයි බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ජය...

    ReplyDelete
  3. ඒ අනපේක්ශිතව වුනත් විය හැකිව තිබු අත පසුව නිසා උනේ.. දෙවෙනියට ආපු බස් එකේ අය සම්ඟ බොහෝ වෙලාවක් කතා කර සුහදත්වය ගොඩ නගා ගැනීමට තිබූ අවස්ථාව සීමා සහිත වීමයි...මට දුරකතන අංකය හුවමාරු කර ගැනීමට වත් නොහැජි වූ අය බොහෝමයි. කරුණාකර 0714418498 ට මෙසේජ් එකක් වත් එවන්න. මේ ආරම්භය පමණි ..

    ReplyDelete
  4. එල එල කොහෙද එන්න හිතාන හිටියට අසනීප තත්වය නිසා එන්ට බෑරිවුනා නොවෑ....

    ReplyDelete
  5. ලබා ගෙන ඇත්තේ උපරිම ආතල් එකක් බව නමි පෙනේ. කොහොම උනත් අර කාර් එකේ ගිය කතාව ඉක්මනට දාන්න. මොකද කාර් එකෙනුත් නාගෙනද ගෙදරට ගියේ?? හික්ස්.......

    ReplyDelete
  6. හිමහංසි ..
    ඔයගොල්ලො ඉක්මනටම ගෙදර ගිහිල්ලනෙ .... අපි නම් හොඳ කට්ටක් කෑවා..
    බනියා ගැන නම් ඉතින් දුකයි තමයි ...

    ReplyDelete
  7. @ weni....
    ඔබ තුමා සම්බවෙලා කතා කිරීමට ලැබීම ලොකු දෙයක්.. මම ඉස්සර හිතාගෙන හිටියේ වේනි කියන්නේ කෙල්ලෙක් කියලා... හි.. හි...

    ReplyDelete
  8. අසංක ..
    අපරාදෙ කොල්ලො .. නරක වෙලාව තමයි ..

    ReplyDelete
  9. හොඳටම නෑවා .. සිහින .. පස්සෙ මම ලියන්නම්කො.
    ස්තූතියි ආවට.

    ReplyDelete
  10. නදී .. මම පොටෝ ගන්නකොට මම ඉන්නෙ මගෙ කැමරාවට පිටිපස්සෙන්නෙ.
    ඉතින් මගෙ කැමරාවෙ [කිව්වට මගෙ කබල් පෝන් කැමරාව .. හරිය] මම නෑනෙ.
    අනිත් අයගෙ කැමරාවල සමහර විට මම ඇති. ෂුවර් නෑ.

    ReplyDelete
  11. @ sAm sRi ...
    ස්තූතියි කොල්ලො මේ පැත්තෙ ආවට .. මොන තරම් අලකලංචි වුණත් මරු ට්‍රිප් එක ...
    ඊලඟ එකටවත් එනව නේද ..?

    ReplyDelete
  12. ඔය බස් එකට වැදුනෙ අපි වගේ උන්ගෙ කට වහ.

    ReplyDelete
  13. @ Indika..
    අම්මප ඇත්ත මලේ ...

    ReplyDelete
  14. අපිට කොච්චර ආඩම්බරයක්ද හයිවේ එකක බස් තල්ලු කරන යාලුවෝ ඉන්නවා කිවුවහම..ධනාත්මක හිතන කෙනෙන්. එල..

    ReplyDelete
  15. ඔන්න ඕකට තමයි ධනාත්මක චින්තනේද මොකක්ද කියන්නේ... හික් හික් හික්

    ReplyDelete
  16. හොඳම කතාව තියෙන්නෙ මෙතනනෙ....එළ එළ....
    ///ඔබ තුමා සම්බවෙලා කතා කිරීමට ලැබීම ලොකු දෙයක්.. මම ඉස්සර හිතාගෙන හිටියේ වේනි කියන්නේ කෙල්ලෙක් කියලා... හි.. හි...///
    ඇහ්..එතකොට එහෙම නෙවෙයිද...

    ReplyDelete
  17. ගමන නම් ශෝයි...ඒත් ඇයි මේ අපේ අය හැමදාම කියන වෙලාවට වඩා පැය ගානක් පරක්කු වෙලා ගමන යන්නෙ?

    ReplyDelete
  18. අම්මපා මගේ නම වෙනස් කොරලා නේද... දුන්නම කන්නන් කාලා දුවන්නන්, මෙන්න මෙහෙමයි මෙයා අපිට එයාව හදුන්වලා දුන්නේ, දැන් නම් දන්නවා කව්ද කියලා..
    අපි ගෙදර යද්දී 9 උනා අයියේ,,,

    ReplyDelete
  19. පස්ටවටම ලියලා තියෙනවා අයියා.
    එදා දවසෙ කාපු කටු ගැන නම් කියලා වැඩක් නැ තමා. ඊට හපන් කටුත් ආතල් කරගෙන අපි හිනාවුන හැටි නේද.

    අදනෙ මම මේ පැත්තේ ආවේ. ආයෙනම් දිගටම මේ පැත්තේ එනවාමයි. ඔබ වැනි මිනිසුන්ව හදුන ගන්න ලැබීමම මට නම් මාරම වටිනවා.
    අවසානෙට නැවත දිනක මුණ ගැහෙන්න ලැබේවා කියලා පතන්නම්.

    තව මේකෙ නොදාපු ඇත්තම ඇත්ත කතාවකුත් තියේ.පැය බාගයක් පරක්කුවෙලා කුමාරයා ආවෙ, අපි සෙට් වෙච්ච තැනට කුමාරයාගේ මාළිගාව පැය බාගයක්තරම් අතේ දුරින් තිබ්බ හින්දා නම් නෙමෙයිළු ඕන්.

    ReplyDelete
  20. මෙව්වා අපි උනත් පොඩි කාලෙ ඉදන්ම ජීවිතේට ගන්ටෝනේ අත්දැකීම්... :D මං තමා අර කඩෝතින් ආපු පොඩි එකා.. :P

    ReplyDelete
  21. @නදී & කුමාරයා
    මේ ඉන්නේ කුමාරයා ඔටුන්නකුත් දාගෙනම...

    http://img688.imageshack.us/img688/2110/20213834.jpg

    ReplyDelete
  22. @ අසරණයා ට සහ රෙප් මහත්තයා ට ..
    ඕනම කරදරයකදි හරි .. දුක්මුසු අවස්ථාවකදි හරි .. ඒක දිහා හොඳ අදහසකින් බලන්නට පුරුදු වෙන්ට ඕන ... එතකොට ඒකෙන් අපිට වෙන හානිය අඩු වෙනවා වගේම ..අනිත් අයටත් යහපතක්ම වෙනවා.

    ReplyDelete
  23. @ ලකී ...
    මොන පිස්සුද .. ඌ හොඳ ෂෝයි පොරක් නේ. මගෙ බ්ලොග් එක ප්‍රසිද්ධ කර ගැනීමට අවශ්‍ය උපදෙස් මාලාවකුත් මට ලබා දුන්නා නේ .. බීච් එකේදිම.

    ReplyDelete
  24. හලෝ .. වින්චැට් ..
    ශ්‍රී ලංකාවේදී ඔය ප්‍රමාද වීම් නරක දෙයක් හැටියට සැළකෙන්නේ නෑ.
    ඒක දැන් අපේ රටට ආවේනිකයි.

    ReplyDelete
  25. වර්ණා ..
    මම ඔයාට මීට පෙර කමෙන්ට් කෙරුවෙ W වර්ණා කියලනෙ. W කියන එකේ තෙරුම තමයි වයි කියන එක.
    [නියම වචනය තමයි වෛවර්ණා.. ඉතින්.. නිකම්ම වර්ණා කියනවට වැඩිය ඒක ලස්සන නැද්ද ..?]
    මගෙ නම ගැන නම් කියන්න තියෙන්නෙ .. ඕක මට දැන් පුරුදු වෙලා නවත්තගන්න බෑ. කවුරුහරි නම අහපු ගමන් කියවෙන්නෙ ම දුන්නම කන්නා කියලයි. ඔය ට්‍රිප් එකේ හුඟ දෙනෙකුට මම කිව්වෙ ඒ නම තමයි. අනේ සමාවෙන්න .. වංචා කරන අදහසින් නම් නෙවෙයි. ..බ්ලොග් ලියන්නෙක් විදිහට නොවී.. බ්ලොග් කියවන්නෙක් විදිහට සයිඩ් එකෙන් සහභාගි වීමටයි මට වුවමනා කළේ.

    ReplyDelete
  26. නාකියා මලයාට ..
    මටත් උඹව හඳුනාගන්ට ලැබුණ එක ලොකු සතුටක් මලයා .. උඹ වගේ මහ පොළොවෙ පය ගහල ඉන්න සැබෑ මිනිසෙකු සහ මිතුරෙකු ලැබීම ම.. මේ ට්‍රිප් එකෙන් මට ලැබුණ තෑග්ගක් වෙනවා.
    [ඇත්තටම මම මුලදි හිතාගෙන හිටියෙ උඹ නාකි හමෙක් ය කියල යි.. හි .හි ..හි..]

    ReplyDelete
  27. අම්මප වල් සුළැඟිල්ලෝ .. [ උඹට මම ඉස්සර ලියන්නේ එහෙමයි]
    උඹට නම් ගහන්ට වටිනවා.. මෙච්චර ලඟින්ම හිටි එකා මම හුඟක්ම කැමත්තෙන් හිටපු සුළැඟිල්ලා කියල කවුද බොලේ දන්නෙ.
    ඒ අතකට මගෙත් වැරැද්ද .. මම ඇහුවෙත් නෑනෙ උඹ කවුද කියලා ..

    [කමක් නෑ .. කමක් නෑ .. ගෙදර ගියාම ක්ලාස් කට් කළාට ගුටි ලැබෙන්ට නැතෑ]

    ReplyDelete
  28. ඔබා අයියගෙ බොගෙ කොමෙන්ටු දානවා දැකල තිබුනට කුමාරයා අයියා බොගක් ලියනව කියලා මම දන්නෙ නෑනෙ....
    අප්පට සිරි ඔන්න අද මූණත්තහඩුවත් දැක්කා...

    ReplyDelete
  29. ලකී ...
    මූනත් තහඩුව දැක්කට පස්සේ .. බ්ලොග් එක එපා වුනා නේද ..?

    ReplyDelete
  30. මම ඒත් බැලුව නම අහපුවම දුන්නම කන්නා කියන්නෙ කවුද කියල... මී ඇස් දෙක පල්ල මට අයියගෙ (අයිය? :D) බ්ලොග් එක සෙට් වෙලා තිබුනෙ නෑ නෙ ඕන්... කවුද දන්නෙ මරු මනුස්සය කියල... හිකිස්.....
    අඳුරගන්ට ලැබීම සතුටක් ඕන්....

    ReplyDelete
  31. අනේ අම්මප...යසට හිටිය කුමාරයාත් දැන් ...හනේ හනේ..බ්ලොග්කෙරුවාවෙන්ම ලිවිල්ලත් වෙනස් වෙලා.

    මට එන්න බැරි උනානේ... 8 මට විභාගයක් තිබ්බා.ඉතින් හෙට විභාගෙනම් මම පාඩම් කරන්නෙ අද නිසා..එන්න නොහැකි උනා.කොහොමත් ගෙට්ටු වලට සෙට් වෙන එක නවතලා මම...

    කට්ටියගේ සතුටු මුහුණු දැක්කම සතුටුයි ගොඩාක්....

    ReplyDelete
  32. පවනි තරංගා ..
    මම දන්නව කොල්ලො .. උඹ ඔය නමට ටිකක් අකමැති විත්තිය. කෙල්ලෙක්ගෙ නමක් ය කියල ලැජ්ජ වෙන්න එපා. හරි ලස්සන නමක්නෙ බං ඕක.
    ඇත්තම කිව්වොත් මාත් ඔය නමට හරි ආසයි. මගෙත් ඉස්කෝලෙ යන කාලෙ හිටිය යාලුවෙක් .. කෙල්ලෙකුගෙ නමක් තියෙන... උගෙ නම ''ලොයෙලා''.
    ඌත් හරි ලැජ්ජාවෙන් තමයි මුලදි හිටියෙ. පස්සෙ මම උගෙ ලැජ්ජ බය නැති කළා..
    අවංකවම කිව්වොත් මමත් මුලදි හිතුවෙ උඹ කෙල්ලෙක් කියල තමයි .. නමුත් දැන් අපි දන්නවනෙ පවනි කියන්නෙ නන්ස්ටොප් ගීත ගායනයෙහි අති දක්ෂ හොඳ කොල්ලෙක්ය කියල.
    හොඳ යාලුවෙක් ලැබුණා කියලසතුටු වෙනවා.

    ReplyDelete
  33. අයියෝ වත් ...
    ඔයා ආවෙ නැති එකනම් අපරාදෙ ... කිට්ටුවෙන්ම ඉඳලත්...
    මම දින කීපෙකට උඩදි කමෙන්ට් එකකුත් දැම්ම .. ඔයා එනවද කියල අහල.
    උත්තර මුකුත් තිබුණෙ නැති නිසා... මාත් එක්ක තරහෙන් ඉන්නවා ඇති කියලයි හිතුවේ.

    ReplyDelete
  34. මරු අප්පා....
    හැම එකාටම වෙච්චි දේවල් අකුරක් නෑර කියවනවා ඔන්න මම ‍ගෙම්බා....
    බලමු බලමු අපිටත් හඳක් නැතෑ කවදහරි පායන්න....

    ReplyDelete
  35. @ වැලිමැඩියා ..
    මම දැක්කා මලය කමෙන්ට් කරල තිබුණ දුර වැඩි හින්ද එන්න අපහසුයි කියල..
    කමක් නෑ .. කමක් නෑ.. ඊ ලඟ එකටවත් සෙට්වෙමු නේ.

    ReplyDelete
  36. චුටි ඊරිසියාවක් ඇති වුනා

    ReplyDelete
  37. සිරාවට සෙට් වෙමු...

    ReplyDelete
  38. තවත් මඩකි... කම් නැත... වාර්තා පිහිටුවා ජය ලැබූ කණ්ඩායමේ සාමාජිකයෙක් හඳුනා ගැනීමම ප්‍රීතියකි...

    අර පැපරාසි ආතල් එක කුඩු වුනාට බොට වඩා මට දුකය. මොකද මමත් එව්වාගේ ඒවාට මාරම ලැයික්ය !!!

    ReplyDelete
  39. ඔබා මලයො ..
    ඊර්ෂියා කොර කොර ඉඳල වැඩක් නෑ ..
    ඊ ලඟ එකටවත් ලංකාවට වැඩ්ඩ නම් ...

    ReplyDelete
  40. sAm sRi ...
    ඔව් .. ඔව්.. කොල්ලො සෙට් වෙමු.. සෙට් වෙමු.

    ReplyDelete
  41. Chathuranga..

    ප්‍රීතියි .. ප්‍රීතියි..
    කිව්වත් වාගෙ අර පැපරාසි කෙලිය කොරගන්ට තිබුණා නම් මරේ මරුය. එසේ වී නම් ප්‍රීතිය දෙගුණ.. තෙගුණ.. වන්නේය.

    ReplyDelete
  42. බනියා ඕක සංවිධානය කරන්න ඇත්තේ කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්ඩ ඕනෙ. ;)
    ඊළග පාර එක කොළඹ පැත්තේ ඕගනයිස් කරමු කට්ටිය හොඳේ. නැත්නම් අපි වගේ අහිංසක පොඩි උන්ට එන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  43. මේක සතියෙන් සෙට් වුන එකක්නෙ, ගිය පාර අවුරුදු එකට ආව බොලේ, ටිකට් බුක් කොරල තියෙන්නෙ මේ පාර අවුරුදු එකටත්, ඊට ඉස්සෙල්ල පණ ගියෙ නැත්තන් බඩු ෂුවර්....හෙහ්...හෙහ්...

    ReplyDelete
  44. බිම්සර ..
    හරියන්නෙ නෑ කොල්ලො .. ඊලඟ එක කට්ටිය නුවරට සෙට්කරල වගෙයි .. කියන විදිහට නම්...

    ReplyDelete
  45. අයියෝ ඕක මොකක්ද? හිහි.
    අපි රෑ කාපු කට්ටත් දාන්න හිහි..

    ReplyDelete
  46. නියමයි අයියේ..උබේ ඔය ඉවසිම පිහිටලා තියෙන්නේ..ජිවිත කාලේ ඔබ ලබල තියෙන අද්දැකිම් එක්කයි...ඔං මම වයස එහේම කියන්ඩ ගියෙනෑ..උබ අපිට ආදර්ශයක් සහෝ

    ReplyDelete
  47. වෛවර්ණා..
    අපි එදා බස් එකේ ආපහු එත්දි සිංදු කියපු අයගෙ පොටෝ කීපයක් ඔයා ගත්ත නේද ..?
    මට ඒවගෙන් එකක් එවාපංකො ..
    ඊලඟ ලිපියට දාන්න ඕනෙ. මගෙ ලඟ නෑ.

    ReplyDelete
  48. අපිනෙ ඔයාට ස්තූති කරන්න ඕන රාජ්. වැඩේ හරියට කළාට.
    වයස ගැන කියනවනම් කොල්ලො .. තාම මට එච්චර වයසක් නෑ.
    [තවම යං පොර] වැඩිම වුනොත් ඔය පුත්තලං බූරුවො හත් දෙනෙකුත් තව ටිකක් විතර වයස ඇති.

    ReplyDelete
  49. නියමයි ආ. . .
    මමත් මේ ගෙට්ටුවෙ විස්තර හොය හොයා කියවනවා
    මට පෝලියානා නවකතාව මතක් වේනවා. ඒ කෙල්ලටත් ඉතින්(නවකතාවේ හො‍ෙඳේ) මොන දේ වුණත් සතුටු වෙන්න පුළුවන් පැත්ත ගැනනේ හිතන්නේ.

    ReplyDelete
  50. කට්ට කෑවට හොඳට විනෝද වෙලානේ....

    ReplyDelete
  51. කොහොමද අයියේ එවන්නේ? මට email address එක දෙන්නකෝ

    ReplyDelete
  52. මයෙ අප්පේ... ඔයා එහෙම දේවලුත් කොලාද අයියෙ ඒ ළමයට??
    දැන් නම් මටත් ටිකක් බයයි වගේ ඕන්....
    වෙලාවට අර මයෙ මැණිකයි එයාගෙ යාලුවයි මයෙ ළඟ හිටියෙ... නැත්තම් මටත් මොනව හරි කොරයි ද මන්ද....
    :D :D :D :D


    ඔවු ඔවු.... කස්ටියවම අඳුරගන්න ලැබීම තමයි අයියා මේකෙ තිබුන වටිනම දේ...

    ReplyDelete
  53. පවනි ...
    ඔය ඉතින් .. ඔයගොල්ලො වැරදියටම නෙ හිතන්නෙ..
    මම කීවෙ යාලුවගෙ ලැජ්ජාව ඉවත් කළා කියල විතරයි.
    අන්තිමේදි ලැජ්ජාව ඉවත් කළාටත් ඌ ලැජ්ජ වුනා.

    ReplyDelete
  54. හිකිස්....
    හීනියට විහිලුවක් නෙ කලේ ඕන්...
    අයිය ඒම නොකරන විත්තිය මම දන්නවනෙ....

    අඳුරගන්ට ලැබීම සතුටක් අයියා.....
    (කොහොමද මගෙ වොයිස් එක... නමට සෙට් නෙහ්? :D )

    ReplyDelete
  55. හීහීහීහීහී...
    නියමයියියි...
    :D

    ReplyDelete