Powered By Blogger

Saturday, December 31, 2011

''සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා''



අද ඉතින් ඔන්න දෙසැම්බර් 31 වෙනිදා ලු.. [රෑ දොළහටත් ලඟයිලු] හොඳද ... ඒක නිසා මම ඔයගොල්ලො හැමෝටම .. ''සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා'' කියල පතනවා. හැබැයි මම ඔය ගතානුගතික විදිහට ''කිරියෙන් පැණියෙන් ඉතිරේ වා'' වගේ බොරු නම් කියන්නෙ නෑ. ඊට වඩා හොඳයිනෙ ..''පරාර්ථකාමී සිතුවිලි වලින් බරව ..අනුන්ටත් උපකාර වෙන ගමන් .. ඔබ හැමෝමත් දියුණු වෙන අවුරුද්දක් උදා වේවා'' කියල පතන එක.
ඉතින් ඒක නිසා ඒ විදිහටම ඔන්න පතනවා.
[ඔයාල හැමෝමත් කියන්න ඕන ''එසේම වේවා'' කියල. නැත්නම් මගේ මේ පැතුම අපතේ යාවි]
අද වගෙ දවසක අපි හැමෝම ලඟ .. [ඒ කිව්වෙ අලුත් අවුරුද්ද උදාවෙන අවස්ථාවෙදි] සිදු වෙච්ච යම් යම් සිදුවීම් .. සිහිවටන ..අමතක නෙවෙන දේවල්..  ඕන තරම් තියෙන්න පුලුවන්නෙ.
මම දැන් මේ කියන්න යන්නෙ ඒ වගෙ එක සිද්ධියක් තමයි. මේක වුනේ නම් මට නෙවෙයි. මගෙ හොඳම යාලුවෙකුටයි.. ඉතින් මට වුනා වාගෙම තමා.
දැනට අපි එයාට '' රහිය'' කියල කියමුකො. [ඇත්ත නම නෙමේ...ඇත්ත නම කීවොත් මට ගුටි ලැබේ ..]  හා හා පුරා කියල කොළඹ ඇවිත් මූට වෙච්චි අලකලංචි බොහොමයි. ඒව පස්සෙ කියන්නම්... අද වගෙ දවසක මැදියම් රැයේ අලුත් අවුරුද්දක් ලබන වෙලාවක මෙයාට වෙච්ච දේ නම් හොඳ ඉල්ලං කෑමක් වගේම අනික් අයට ආදුරුසෙකුත් වෙනවා.
ඔයාල හැමෝම [ආශ්‍රය කරපු නැති අය]අඳුනන්නෙ නැතුව ඇති පොලිස්කාරයො කියන්නෙ කවුද කියන එක. නමුත් ලඟින් ආශ්‍රය කරපු සමහරු නම් හොඳට ම අඳුනනවා ඇති. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන කුප්‍රකට කියමනක් තමයි .. තාත්ත වුණත් පොලිස්කාරයෙක් නම් ඌව විශ්වාස කරන්න එපා කියන එක. [ඒ බවට උදාහරණ ඕන තරම් දෙන්නම්] කණගාටුවට කරුණක් වුනත්  ඒ කතාව හැදිල තියෙන්නෙ යම් .. යම් .. හේතු මත වෙන්න ඕන.
ඉතින් අපේ රහිය ඒ දවස්වල සෙට් වෙලා හිටිය නුවරින් ඇවිත් මෙහෙ ජොබ් කරන තව ගැන්සියකට. ලස්සන හුරුබුහුටි පොරවල් ටිකක්. ඔයාලගෙ බාසාවෙන්ම කිව්වොත් ''පොෂ් කට්ටියක්.'' ඔය ගැන්සියෙ එවුන් දෙසැම්බර් 31 ද රෑට ගෝල් රෝඩ් එකේ සෙට් වෙන්න කතාවෙලා. ඒ දවසෙ ගෝල් රෝඩ් එක උත්සවශ්‍රීයෙන් අනූන වෙනවා. සෙනග පිරිල පාරෙ. නටනවයි... සිංදු කියනවයි .. එක විකාරයයි. කට්ටිය හොඳට දාලා නිව් ඉයර් එක සමරනවා. [දැනුත් එහෙමද කියල නම් හරියටම දන්නෙ නෑ]

රහිය ඉතින් මටත් කතා කළා ... නමුත් මම ඔය ගැන්සිවලට නැති එකා.. අනික මම අපේ ඔය රහිය වගේ .. පොෂ් ගතියක් ඇත්තෙම නැති ගොබ්බ පෙනුමකිනුත් සමන්විත වයසක ගෝත පොරක් බව දන්න හින්ද [තමන් ගැන තමන්මනෙ දන්නෙ]  මග ඇරල නිකම් හිටිය.
දැන් මුං ටික රෑ ගිහින්... දෙක තුනකුත් දාගෙන ..විනෝදෙන් අනිත් අයත් එක්ක එකතු වෙලා නට නට යනවලු ... ගාලු පාර දිගේ දෙහිවල පැත්තට. දෙහිවල කිට්ටුවට යනකම් ම කිසි කරදරයක් නැතුව ගිහිල්ලත් තියෙනව. දැන් ඔය විලියම් ගෙ මිරිස් මෝල තියෙනවනෙ. ඕක පහුවුන ගමන් ම වාගෙ පාරෙ සෙනගත් ටිකක් වැඩි වුනාලු.[මග දෙපස නරඹන්නොත් එකතු වෙනවනෙ] මොකද කියනවනම් රෑ දොළහට කිට්ටු නිසාලු. වෙලාව ලඟ නිසා .. රතිඤ්ඤා .. මල්වෙඩි .. එතකොට ආකාස .. එහෙම පත්තුවෙන වෙලාව.
ඔන්න එතකොට මෙයාලට පොඩි කළබල ගතියක් දැනෙන්ට පටන් ගත්තලු ඉදිරියෙන්. මුනුත් අමාරුවෙන් වගේ රිංගගෙන ගිහින් බැලුවම .. පාරෙ ටිකක් අයිනට වෙන්න වැටිල ඉන්නවලු .. මෝටබයික් එකත් එක්ක පොලිස් කාරයෙක්. බැලින්නම් .. පාරෙ ගිය වාහනයක් මිනිහව හප්පගෙන ගිහින්. දැන් එයාට සිහිය නෑ විතරක් නෙවෙයි .. ඔලුවෙන් ලේත් ගලනවලු. හැමෝම බල.. බල .. එක එක දේවල් කිය කිය ඉන්නව මිසක් එකෙක්වත් මිනිහ ලඟට යන්නෙ නෑලු. සමහරු බඩු පිට ඒක දිහාව බල බලත් නටනවලු.
ඔය අපේ රහිය ඉන්නවනෙ .. හොඳ හිත උණුවෙන එකා.. අපි වුණත් හදිසියකට සල්ලි එහෙම ඉල්ලුවොත් ..මිනිහ ලඟ නැති වුනත්..ඔෆීස් එකේ සල්ලි හරි මිනිහ දීල දානව. මේ වෙලාවෙත් මිනිහ උණු වුනා..දැන් අනිත් එවුන්ට බැණ .. බැණ ..පොලිස්කාරය ලඟට ගිහින් උදව් කරන්නයි ලෑස්තිය.
වටපිට බැලුවම පොෂ් ගැන්සියෙ එකෙක්වත් පෙන්න නෑ.. හොඳ වෙලාවට එතන හිටපු හිඟන්නෙක් වගේ පෙනුමක් තියෙන මිනිහෙකුත් ඇවිත් රහියගෙ උදව්වට. දෙන්නම එකතුවෙලා දැන් තුවාලකාරයාව වාහනයක දාගෙන කලුබෝවිල රෝහලට [ලඟම තියෙන එක] ගෙනියලා බාරදීල. එහෙදි බැලුවම මෙයා S.I. මහත්තයෙක්.
පොස්ට් එක හිතුවට වඩා දිගයි වගේ.. S.I.   මහත්තයට වුනේ මොකද කියල 2012 දි වත් බලමු නේ ...
කොල්ලනි.. කෙල්ලනි.. තරහ අවසර ...

9 comments:

  1. ඔන්න මම කිව්වා ඔබ තුමාටත් සුභම සුභ නව වසරක් වේවා කියල....

    ReplyDelete
  2. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  3. කුමාරයාටත්, මාළිගාවෙ ඇත්තන්ටත් 2012 වසර වාසනාවන්ත නිරෝගී නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා.ඉතිරිය කෝ?

    ReplyDelete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. සුභම සුභ නව වසරක් වේවා අයියේ

    ReplyDelete
  7. සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  8. කියෙව්වෙ නෑ, තාම අවුරුද්ද සමරනව. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  9. කිරි පැණි ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete