Sunday, December 25, 2011

ලෝකෙ තියෙන ලොකුම බර මොකක්ද ...?


මේ පුරස්නෙට එක එක අය එක එක උත්තර දෙයි ..
ඒ වුනාට සැබෑ බර මොකක්ද කියල දන්නෙ කීයෙන් කී දෙනාද ..?
මේ කතාව කියෙව්වම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.






ඒ කාලෙ අපි K  නගරයෙ ඉඳල C නගරය වෙත ආපු අලුතමයි. නැවතිලා හිටියෙ M  හෝටලයෙ. අනේ ලොකු කමටවත් සල්ලිකාර කමටවත් එහෙම නං නෙවෙයි.
අපේ ඔපීසිය ඒකෙ පවත්වාගෙන ගියපු හන්ද ඒකෙම නවාතැන් දීල තිබුණ වෙන බෝඩිමක් හොයාගෙන යනකම්. [ඔය හෝටලයෙ ඇතුලෙදිත් අපේ එවුන්ට හරි හරි වැඩ වුනා..ඒව පස්සෙ කියන්නම්]
ඉතින් ඕකෙ ජීවත්වුන කාලෙ අපිට හරිම ජොලි.මෙච්චර ලොකු නගරෙකට ආවාම බලන්න දේවල් මහ ගොඩයි.. නිකම් මැජික් වාගෙ. හැමදාම ලන්ච් වෙලාවෙ .. අපි නගරෙ ඇවිදින්න යනවා ... හි .. හි ... මේ පට්ට අවුවෙ.
එදත් සුපුරුදු පරිදි මාරයත් සමග එළියට බැස්සා නගරෙට යන්න. [මාරයා කිව්වම කළබල වෙන්න එපා. මේ කිව්වෙ අපේ බ්ලොග් ලියන මාරයා ගැන නෙවෙයි] අපෙ ඔෆිස් එකෙත් ඉන්නවා මාරයෙක්. හඳුනාගැනීමේ පහසුව තකා මිනිහට අපි පොඩි මාරෙ කියල කියමුකො.
අපි ඔන්න මග විසිතුරු බලමින් පයින්ම ඇවිදගෙන එනවා නගරෙ මැද්දෑව දිහාට. කොටුව ස්ටේෂන් එක ඉදිරිපිට තියෙන පදික වේදිකාව හරියෙන් එනකොට මාරෙ මට කියනවා '' මචං ඕන්න එනවා ගෙන්දගම් ගඳ.. මෙහාට ගෙන්දගම් පොළොව කියල කියන්නෙ නිකමටයෑ'' කියල. අනේ මමත් ඉතින් කැරකිල වටේට ඉව කරල බැලුවා මේක ඇත්තද කියල. මොන මඟුලක් ද .. මට නම් ආවෙ මහ හඩු ගඳක්. මේ  නගරෙ මහ ජරා ගඳයිනෙ බං මම කිව්ව. දැන් අපි එතනින් වමට තිබුණ පාරට හැරිල ටිකක් දුර ගිහින් ඔය ප්‍රධාන වීදියට ආව. ඔය පාරෙ ඉස්සර තිබුන ''කුමාරසිංහ රේඩියෝ'' කියල එකක්. [දැන් ඒක එතන නෙවෙයි තියෙන්නෙ]
ඔතන පදික වේදිකාවෙ බිම ඉටිකොල එලාගෙන වෙළෙන්දො නොයෙකුත් අරුමෝසම් බඩු විකුණනව. අපිත් දැන් ඔතන තිබුන පොඩි ස්කුරුප්පු නියන් සෙට් එහෙම අතපත ගගා බලනව. මාරෙ එකක් ගත්තද ත් කොහෙද ...
ඔන්න ඔය වෙලාවෙදි තමයි කේස් එක එලියට ඇදෙන්නෙ. අව්වෙ දාඩිය පෙරාගෙන පයින් ආපු හින්දද .. එහෙම නැත්නම් හොටලේ තිබුණ අනවශ්‍ය කෑම බීම පෙරේතකමට වැඩිපුර කාල හිටපු හින්දද ..[ ඒ දවස්වල කෑම ඕන තරම්.අපි ඕකට ආපු ගමන්ම ඔය රූම් සර්විස් එකේ එකෙක් අපි එක්කල හොඳට යාලු වුනා ... ලෙනෝර කියල. [බොරු නමක් හරිය..]  හොටෙල් එකේ VIP  රූම්ස් තියෙනවනෙ. හැමෝම දන්නව ඇති ඒවට ඉස්තරම් විදිහට සළකන බව. හොඳම වර්ගවල පළතුරුද .. එතකොට හොඳම වර්ගවල චොකලට් ද .. ඒ කාමරවලට නිතරම සපයනව. ඒ වගෙම ඒව දවසකින් නැතිනම් දෙකකින් ඉවත් කරල අලුත් ඒව දානව. ඔය කාමරවලට එන ගෙස්ට් ල හුඟදෙනෙක් ඕව දිහා බලන්නෙවත් නෑ. කලාතුරකින් එකෙක් යන එන ගමන් මිදි ගෙඩියක් වගේ දෙයක් කටේ දාගත්තොත් මිසක. ඒ නිසා වැඩි හරිය එහෙම්ම ඉතුරුයි.ඉතින් ලෙනෝර කරන්නෙ අයින් කරන පළතුරුයි .. චොකලටුයි සේරම ලොකු කලුපාට පොලිතින් බෑග් එහෙම නැතිනම් ලොන්ඩරි බෑග් එකකට දාල [ඒක ගෝණියකට වඩා පොඩ්ඩක් විතර පොඩියි] අපිට ගෙනත් දෙන එක. අපි ඉතින් වහල තියෙන කාමරයකට ඕක අරන් ගිහින් පැළෙනකම් කනවා.[දෙවනි තට්ටුවයි තුන්වෙනි තට්ටුවයි අපේ ඔෆිස් එකෙන් කුලියට අරගෙන තිබුණ නිසා හිස් කාමර ඕන තරම් තිබුණා]
ඔන්න දැන් ආපහු අපි මාතෘකාවට එනවා. ඉතින් තද උණුසුම හින්ද නැතිනම් පෙරේතකමට කාපු හින්ද.. එහෙම නැතිනම් චොකලටුයි .. පළතුරුයි කලවම් වෙලා අප්සෙට් වෙලාද මන්ද .. මගෙ බඩ දැන් පෙරලීගෙන එනවා වගෙ දැනෙනෙනවා.. කවදාවත් නැතුව බඩේ කැක්කුමකුත් එනව වගේ.. මට එකපාරටම මතක් වුනේ හොටෙල් එකේ තියෙන සුපිරි අහවල් දේ කරන ස්තානය. ඒක මතකෙට ආවට පස්සෙ අමාරුව වැඩිවුනා වගෙ.මට දැන් ඕන ඉක්මනටම ආපහු යන්න. මම මාරෙ දිහාව බැලුවා..
මිනිහට වගේ වගක් නෑ.. තවම බඩු තෝරනව. මම කතා කළා .. '' මාරෙ .. අපි ආපහු යමුද...?''
''පොඩ්ඩක් හිටපංකො .. මොකද හදිසි ..'' මිනිහට හදිසියක් නෑ.[මට එතන ඕක විස්තර කර කර ඉන්ට වෙලවකුත් නෑ]
ඔය වෙලාවට ඉතින් ටිකක් තරහත් එනවනෙ.. මම ආපහු හැරිල යන්ට පිටත් වුනා. දැන් මම කඩාගෙන යනව. ටිකක් දුර ගිහින් හැරිල බැලුවම .. මාරෙත් එනව පස්සෙන්. මිහිහගෙ බැල්මෙ තිබුනෙ ප්‍රහේලිකාවක්. මූට මොකද මේ වුනේ කියල. මිනිහ මට අතින් සංඥා කරනව .. කියන්නෙ නවතින්න කියලයි.. මොන නැවතිලි ද ... මම ටිකක් දුර ගිහින් වමට හැරුන. ඒ පාර කලවර වෙන්නෙ කොටුව ස්ටේෂම අසලින්. මට තේරුනා දැන් හොටෙල් එකට යන්න කල් මදි කියල... මොකද .. ඒ කාලෙ ඔය ත්‍රී වීල් කියන ජාතිය නෑ. තිබුණත් වැඩිය නෑ.. අතරින් පතර එකක් දෙකක් තමයි තිබුනෙ. මම දැන් වේගයෙන් යනව. වේගයෙන් ඇවිදින හින්දද කොහෙද .. අර අමාරුව තවත් වැඩියි වාගෙ. දැන් දෙයියන්ට කිය කිය තමයි යන්නෙ.. ''අනෙ දෙයියනේ .. මට තව විනාඩි පහක් දෙන්න.. පාරෙ නම් මුකුත් වෙන්න දෙන්න එපා ..'' දැන් මම මේක ටිකක් අමතක වෙන්න එක එක උපක්‍රම බාවිතා කරනව. සිත වෙනතක් හැරවීම ... ඔව් .. ඒක තමයි කරන්න ඕන. මම කෙල්ලො ගැන කල්පනා කරන්න පටන් ගත්ත. ෂහ්.. එදා බස් එකේ එත්දි මුණ ගැහුන කෙල්ල නම් මාර ලස්සනයි ... ඒකිගෙ අතන මෙහෙම ඇති .. මෙතන මෙහෙම ඇති ... ෂිහ් .. මේ මඟුල හරියන්නෙ නෑ .. වාගෙ. හිත එකඟ කරගන්නම බෑ. අරකමයි ඔලුවට එන්නෙ. දැන් මට ස්ටේෂම පේනවා. ඔන්න දෙයියො දුන්න වගේ මට මතක් වුනා අහවල් මෙවුව එකක් ඕකෙ තියෙනව නේද කියල.  සංතෝසෙ වැඩිකමට අමාරුව අස්සෙන් මට හිනාවකුත් ගියා .. හරියට ක්ෂේමභූමියක් දැක්ක වාගෙ. මම ආපහු හැරිල බැලුවම .. මාරෙත් ලඟ ලඟ ම එනව… හති දාගෙන ..
මම වහාම පාර හරහ පැන්න. [ඒ කාලෙ පාර පනින්න පැය ගණන් බලන් ඉන්න ඕනෙ නෑ.. ]
ඉතින් මම පාර පැනල ස්ටේෂම දිහාට යනකොට මාරෙ හිතන්න ඇති මූට පිස්සු කියල. මම කඩාගෙන ටිකට් කවුන්ටරේ ගාවට ගියා. ඒ වෙලාවෙ කොහෙ හරි යන ඊලඟ කෝච්චියට ටිකට් දෙමිනුයි තිබුණෙ. දහයක් දොළහක් විතර පෝළිමෙත් ඉන්නව. තේරෙනවනෙ .. හි ..හි .. මට ඉතින් ආයෙ පෝළිමෙත් ඉන්න බැරි වග. කෙලින්ම කවුන්ටරේට ගියා. ඊලඟට ටිකට් ගන්න හිටියෙ හොඳ වෙලාවට තරුණ ජෝඩුවක් ..මම කොල්ලට මෙහෙම කිව්වා.. ''අයියෙ .. මගෙ යාලුවෙක් කලින් කෝච්චියෙ එනව කිව්ව. තවම එළියට ආවෙ නෑ..මට ඇතුලට ගිහින් බලන්න ඕන . මට ප්ලැට්පෝම් ටිකට් එකක් ගන්න ඉඩ දෙන්න'' අනේ ඌත් පස්සට වෙලා ඉඩ දුන්න. ඒ කාලෙ ප්ලැට්පෝම් ටිකට් එකක් රුපියලද කොහෙදො .. මම ටිකට් එක අරගෙන ඇතුළට යන්න කලින් ආපහු හැරිල බැලුව මාරෙ කෝ කියල .. මෙන්න මිනිහ ස්ටේෂම ඉදිරියටම ඇවිත්. මම අතින් එයාට සංඥා කළා .. ඔතනම ඉන්න මම ටක් ගාල එනව.. ඉබේටම කටිනුත් කියවෙන්න ඇති ..ඇහුනද මන්දා .. ඕව බල බල ඉන්න වෙලාවක් නෑ. ඇතුළට පැන ගත්ත මම අහවල් එක තියෙන ස්තානෙ බලා දිව්වා .. ඇත්තම කිව්වොත් දිව්ව නෙවෙයි දිවවුනා. එතකොට නම් මට අග්ගිස්සටම ඇවිල්ලයි තිබුණෙ. වහාම හිස් කාමරයක් හොයා ගත්තා.[ඒ වෙලාව හොඳයි .. උදේ කාලෙ නම් පෝළිමේ ඉන්න වෙනවා] කළිසම ගලවගත්ත විතරයි මතක. ''බර බරාස් .. හප්පා .. දැනෙන සනීපෙ'' නිකම් දිවියලෝකෙ ගියා වාගෙ. මේක හැබෑවටම දැනෙන්නෙ .. මේ වගේ දෙයක් වුන එකෙක්ට ම විතරයි.



ඔන්න දැන් තමයි මට එතන තියෙන අපිරිසිදුභාවයත් .. දුර්ගන්ධයත් .. දැනෙන්ට පටන් ගන්නෙ. [මං හිතන්නෙ හැම දේකටම ඕක පොදුයි.. වැඩේ ඉවර වුනාට පස්සෙ .. සනීපෙ ගියාට පස්සෙ තමයි ඒවයෙ තියෙන ගඳයි .. අපිරිසිදු බවයි අපිට දැනෙන්ට සහ වැටහෙන්ට පටන් ගන්නෙ  එතකොට නම් කොරගත්තු ගොංකම කියල හිතෙනව] ලෝකෙ හැටි එහෙමයි.
දැන් මං හදිසියට ආවට වතුර එකක්වත් ගෙනාවයැ ..[එන එවුන් පැත්තක තියෙන වතුර ටැංකියෙන් වතුර අරගෙන එන්න ඕන] දැන් කළිසම බාගෙට උස්සගෙන..දොර බාගෙට ඇරගෙන එතනින් යන එවුන්ට පිංසෙන්ඩු වෙනව. .. වතුර එකක් අරන් දෙන්න කියල. සමහරු ඇහුන් නෑ වගෙ යනව. එකෙක් නම් බැණලත් ගියා ''තමුසෙ දැනගන්න එපැයි කලින් ගන්න'' කියල. මට වෙච්ච එක මුං දන්නවයැ ..
අන්තිමේ දි පොඩි මල්ලි කෙනෙක් ආවා .. මං හිතන විදිහට මේකෙ ආපනශාලාවෙ වැඩ කරන කොලු ගැටයෙක්. යන්තම් මිනිහට කියලා ඒකත් ගොඩ දාගත්ත.
දැන් හැපි එකේ එළියට එනකොට මාරෙ ඉන්නව පුපුර .. පුපුර ..
මාව දැක්ක ගමන් කඩං පැන්න .. කොහෙද යකෝ තෝ මේ දිව්වෙ .. මම හිතුවෙ ආපහු K  යන්නවත්ද කියල .. ඇයි උඹ මුකුත්ම කිව්වෙත් නෑනෙමිනිහට හොඳටම තදවෙල. පැත්තකට එක්ක ගිහින් වෙච්චි දේ කිව්වට පස්සෙ තමයි  මාරෙ හිනා වෙන්න පටන් ගත්තෙ.'' උඹ ඉතින් කියන්ට එපාය ..ආත බූත කඩාගෙන දිව්වම හරියනවයැ''
''ඒ වෙලාවෙ කියන්ට විදිහක් නෑ බං .. අනික ඕක විස්තර කර කර හිටියනම් තව විනාඩි කීපයක් අපතේ යනව. ඔය විදිහට දුවපු හින්ද තමයි ජාමෙ බේර ගත්තෙ''
ආපහු එන ගමන් මම මාරෙගෙන් විශේෂ ඉල්ලීමක් කළා  ... '' මේ.. උඹ ගිහින් මේක ඔෆිස් එකේ කියනව එහෙම නෙවෙයි... හරිද ..?
මිනිහ ඒක අකුරටම රැක්ක .. හැබැයි අවුරුදු කීපෙකට පස්සෙ නිහාල් ගෙ වෙඩිම දවසෙ අනිත් එවුන්ට කියනකම්.
දැන් නම් අනිත් අයට ඕක ගානක් නෑ. සමහර අයට මතකත් නැතුව ඇති. ඒත් මාරෙ ඉඳහිට අපේ ගෙදර ආපුහම ඔය කතාව ඇදල අරන් මම එදා දුවපු හැටි කිය කිය ගෙදර එවුන් ඉස්සරහ තාමත් මාව බයිට් කරනව.


21 comments:

  1. අර ඕනය කිව්ව වගේ අහවල් එකක් හොයාගන්න කම් කොහොම හරි ඉවසන්න පුළුවං, දොර වහගන්නකම්නෙ ඉවසන්න බැරි....හික්..හික්...හික්...
    කොහොමද වතුර එක දෙන්න කවුරුත් නැතුව කලිසමත් අතින් අල්ලන් ටින් එක අනිත් අතින් අරන් එළියට යන්න උනා නං හෙම... එතනයි පොඩි මාරය ඉන්න තිබ්බෙ.....

    හික්ස්... මේක කියවනකොට මට සිද්දි දෙකක් මතක් උනා... පෝස්ටුවක්ම දාන්නං...

    ReplyDelete
  2. ස්තූතියි මිහිරි ..
    එහෙනම් ඔයාටත් ඔය වගෙ කෙළි සෙල්ලං වෙලා ඇති ..
    ලියල දාන්නකො බලන්න.
    මගෙත් තව කීපයක්ම තියෙනව.

    ReplyDelete
  3. මේ සීන් එක අසූවෙ විතර උන එකක්ද? මොකද මම අසූ අටේදි ෆ්ලැට්ෆෝම් ටිකට් ගත්තෙ රුපියල් දෙකට. ඒ අරන් හිමීට කෝච්චියෙ නැගල ඇවිත් ගල්කිස්සෙන් බැහැල පිට පැත්තෙම්ම මාරු වෙනව. ඒ කාලෙ ගල්කිස්සට තුනයි පණහක් විතර.

    ReplyDelete
  4. ලෝකෙ තියෙන ලොකුම බර මේක කියලා මාත් පිලිගන්නවා !! අත්දැකීමුත් තියනවා ඔන තරම්.

    ReplyDelete
  5. @ ඉන්දික ...
    ඔව් .. මේක අනූවෙ මුල විතර වුන එකක් ...
    මොකද අපි කොළඹ ට ආවෙ අසූ නවයෙ අගම භාගයෙ.
    [මාත් හිතනව රුපියල් දෙකයි වෙන්න ඕන.. මට හරියටම මතක් නෑ]

    ReplyDelete
  6. ඉතින් රත්නේ ...
    ලියාපංකො එයින් එකක් දෙකක් ....

    ReplyDelete
  7. ඔය වගේ හදිසි බරක් සැහැල්ලු කර ගත්ත යාලුවෙක් කිව්වෙ
    'මචන් නිවන් ගියා වගේ ' කියල

    ReplyDelete
  8. අම්මප ඔබා මලේ ... ඒ කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
  9. මටත් ඔය වගේම එකක් සෙට් උනා නාරම්මල ඉඳල කොළඹ එන ගමං බස් එකේදි . . . දිවුලපිටියෙ ඩිපෝ එකෙං ඩීසල් ගහන්න බස් එක ඇවැත්තුව විතරයි පුලුවං උපරිම වේගෙං දිවුව ඩිපෝ එකේ ටොයිලට් එකට . . . අන්තිමේ ටොයිලට් එක ඉස්සරහිං ගිය එකෙකුට කියල වතිර එකක් ගෙන්නගෙන හෝදගෙන එහෙම එලියට එද්දි . . . බස් එක ගිහිං . . . පර්ස් එක බෑග් එකේ . . . බෑග් එක බස් එකේ . . .

    ReplyDelete
  10. හික් හික් අය්යටත් වෙලා තියන වැඩ.අම්මපා නිවන්ගියා වගේතියෙන්නැති තමා.

    ReplyDelete
  11. අය්යෝ එන අවුඑඋද්දෙ වත් මේක ටිකක් ලස්සන කරලගන්න.ලස්සන ගවුමක් අන්දන්න බ්ලොග් එකට :)

    ReplyDelete
  12. මාස 6 කට කලින් මට ඔය වගේ දෙයක් වුන.යන බුස් එකෙන් පැනල දෙවුවේ.කරුමෙට හැම එකක්ම බ්ලොක්.යන්තම් එකක් හොයාගත්ත.ඊට පස්සේ උණු දේවල් කියන්න බැහැ.

    ReplyDelete
  13. @ ඕනයා...
    මාර වැඩේ තමයි වෙලා තියෙන්නෙ...
    ඉතින් අන්තිමේදි බෑග් එකයි .. පර්ස් එකයි හම්බ වුනාද ...?

    ReplyDelete
  14. ඔයා දන්නෙ නෑ නදී .. එතකොට දැනෙන සහනය... ඒ වගෙ දෙයක් වෙන්ටම ඕන ඒක තේරෙන්න.
    බ්ලොග් එකට ගවුමක් නෙවේ .. උඩරට විදිහට හොඳ ඔසරියක් අන්දන්නයි මම හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  15. අනේ පව් .. අසරණයා ..
    උඹ .. මම.. වගේ අසරණයන්ටමයි ඔහොම වෙන්නෙ.
    [ඒ වුනාට අර ලියන්ට බැරි දේවලුත් සැර බාල කරල හරි ලිව්වොත් තමයි හොඳ]

    ReplyDelete
  16. ඕනයගෙ හිස් පර්ස් එක හින්ද ගානක් නෑ.

    ReplyDelete
  17. ඔබා මල්ලි ..ඔය කතාව ඇත්ත වෙන්නත් පුලුවන්...
    ඒ වුනාට ඕනය තමයි හරියටම දන්නෙ සල්ලි තිබ්බද නැද්ද කියල ...

    ReplyDelete
  18. ඇඳන් ගියපු එක ඇඳුමක් අඩුවෙන් එලියට ආවේ..

    ReplyDelete
  19. අම්මප මලයො .. මාර වැඩේනෙ වෙලා තියෙන්නෙ... උඹ එහෙනම් ඝාංටාරෙ ගහමින් තමයි ගෙදර ගිහින් තියෙන්නෙ.
    ඒ වුනාට ඔය ඝාංටාර ගැහීම බලගතු පුණ්‍යකර්මයක් නෙව. ඒ හේතුවෙන් ඊලඟ ආත්මවලදි .. ගරු ගාම්බීර කටහඬක් ලැබෙනවලු .. ඒ නිසා දුක් නොවී ඉඳින්.

    ReplyDelete
  20. හෆොයි කුමාරයො අදයි මම මේ බ්ලොගේට ආවෙ.ආපු ගමන්ම හිත ගියෙ මේ post එකට තමයි.මම ඉස්කෝලෙ යන කාලෙ ඔය ලෙඩේ බරටම මට තිබුන.ගෙදර ඉදල ඉස්කොලෙට යන පාරෙ ගෙවල් වල තියෙන හැම ලැට් එකක්ම මම දන්නව මාත් එක්ක යන යාළුව ඒ ගෙවල් වල තියෙන හැම ලිදක්ම දන්නව.අදටත් මගෙ හොදම යාළුව ඌතමයි. එල කතාව

    ReplyDelete
  21. @ දිසා ..
    ස්තූතියි මලයා ..
    දැන් බලාගෙන ගියාම මේ කතාවට සම්බන්ධ ගොඩක් අය ඉන්නව වගේ ...

    ReplyDelete