අහම්බෙන් හමු වූ මිතුරා...
දැනට සතියකට පමණ පෙර අහම්බෙන් මට බ්ලොග් යාලුවෙක් හමු වුනානෙ. මීට පෙර පැවති SBU හමුවකදී හෝ එදා තිබුණ අවුරුදු උත්සවයෙදි හෝ මොහු හමුවෙලා තිබුණෙ නෑ.
අන්තිමේ බලනකොට මෙයා ඉඳල තියෙන්නෙ අපේ ඔෆිස් එකේමයි. අපි නිතරම හමුවෙනව. කතා කරනව. කොටින්ම මේ අවුරුද්දෙ ගිය තනිකඩයන්ගෙ [හැබැයි අපි වගේ හොර තනිකඩයො නෙවෙයි .. මිනිහ නම් හැබෑම තනිකඩයා] සවාරියත් අපි එකටයි ගිහින් තියෙන්නෙ. ඒ වුනාට ඌ දන්නෙ නෑ මම බ්ලොග් ලියනව කියල. මම දන්නෙ නෑ ඌ බ්ලොග් ලියනව කියල.
අන්තිමේ ගිය සතියෙ දවසක ටොයිලට් එකේ දි .. චූ කරන ගමන් කතාවට වැටුනා.
ටික වෙලාවකින් මිනිහ අහනව ..
උඹ මොනවහරි ලියනවද ..?
ඔව් .. මම පොඩියට බ්ලොග් එකක් ලියනව ..
ඇත්තද මොනව ගැනද ..?
අහවල් බ්ලොක්කෙ ලියන්නෙ මම තමයි.
මාත් එකක් ලියනවනෙ.
ඒකෙ නම මොකක්ද ..?
අයිස් පලම ලියන්නෙ මම තමයි.. හැබැයි වැඩිපුර ලියල තියෙන්නෙ කවි.
ඇත්තද මට නම් එහෙම එකක් ගැන මතකයක් නෑ...
මම හුඟ දවසකින් මුකුත් ම ලිව්වෙ නෑ. එහෙම වුනාමත් සින්ඩියෙ පෙන්නන්නෙ නෑනෙ.
මාත් ලිව්වෙ නෑ.
ඔන්න අපි දෙන්න ආපහු සම වුනා.
මම නම් කවි වලට එතරම් ම ආසා නැත්තෙක් මි.අලුත් බ්ලොග් යාලුවෙක් හඳුනා ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහුගේ බ්ලොගයට ගොස් බැලීමි. www.icepalama.blogspot.com
ඔහුත් ඇතුලව තවත් කීපදෙනෙකුම ලියූ කවි එහි වීය. කිසිදාක කවි ලියතැයි සිතිය නොහැකි .. ඉලක්කම් අතරම දවස ගෙවන ..සාහිත්‍ය රසයක් කොහෙත්ම ඇතැයි නොසිතෙන .. අපේ ඔෆිස් එකේම ඉන්න තව එකෙකුත් කවි ලියා තිබුණි.
පුදුමාකාරයි නොවැ මේ ලෝකේ ...
අපි නිතරම හමුවන උදේ හවා කතාබස් කරන මිනිසුන් අතරේ...... අපි හීනෙන්වත් නොහිතන දේවල් කරන කියන මිනිසුන් තව කොතෙකුත් ඇතිදෝ ....
//ටොයිලට් එකේ දි .. චූ කරන ගමන් කතාවට වැටුනා.
ReplyDelete:O
ඔව් ඉතින් කිය කියා බ්ලොග් ලියන අය අඩුයිනේ.ගොඩක් අය තම්න්ගෙ නමින් නෙමේනේ ලියන්නෙ ඒ නිසා හොයාගන්නත් බෑ.
ReplyDelete@ නදී ...
ReplyDeleteඅපි ඉතින් චූ කරන ගමන් වෙන මොනව කරන්නද .. හි .. හි .. කතා කරනව මිසක් ...
ඒක තමයි මම කල්පනා කළේ .. අපි අඳුනන්නෙ නැති අය තව කොච්චර ඇතිද .. අප අතරෙම.
උදාහරණයක් විදිහට ඔයාව පාරෙදි හම්බවුනත් මං අහක බලාගෙන යනවානේ .
සහතික ඇත්ත බොලේ. එහෙනම් කුමාරයා බ්ලොග් එක ටොයිලට් එකටත් එක්කරන් ගියා ආහ්.......!!!1111
ReplyDeleteචූ කරද්දි මුන ගැසුන මිත්‍රයා !!!
ReplyDelete@ මධුරංග
ReplyDeleteමොන දේ කරමින් හරි අඳුනා ගැනීමනෙ වැදගත් ...
වත් ...
ReplyDeleteබ්ලොග් එකේ නරක වෙලාවටද මන්දා... එතෙන්දිමනෙ ඔය කතාව ඇදිල ආවේ ..
ඔයාල විතරක් නෙවෙයි... අපිත් චූ කරන ගමන් කතා කොරනව.... :)
ReplyDeleteඒත්.. සික්...බ්ලොග් ලියන එකෙක් අහුවෙලා නෑනෙ... :(
@ මිහිරි ...
ReplyDeleteඔහොම මිහිරි විදිහට කතා පොජ්ජ මන්දො කරගෙන මන්දො කරගෙන යන්ටකෝ ...
එතකොට දවසක එකෙක් මන්දො වෙයි.
මචං . . උඹේ යාලුව නෙමේ නේද බ්ලොග් ලියන්නෙ . . . ??? නැත්තං බ්ලොග් ලියන එකාව චූ කරද්දි මුන ගැහෙන්නෙ නෑ නෙ
ReplyDeleteඕනයා ...
ReplyDeleteනෑ බං ... එයා කලින් ඉඳලම ලියල තියෙනව. ඌ මගෙ යාලුව වුනාට බ්ලොග් ලියන බව දැනගත්තෙ එදා ...
අදයි මම හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. මම ගැන ලිව්වට තුති. ඇත්තටම ඒක මාරම හමු වීමක්. අනික මේ වැසිකිලියකදී. මගෙත් එක්ක එකට ඉන්න කෙනෙක් මෙහෙම ලියනවා කියල මම හිතුවෙම නෑ . අම්මෝ ජීවිතේ කියන්නේ පුදුම දෙයක් අපි නොහිතන දේවල් තමයි හැම වෙලාවෙම වෙන්නේ.
ReplyDeleteමාත් බ්ලොග් ලියනවා ඒත් කවදාවත් කිසිම කෙනෙක්ට කියලා නෑ. කොමෙන්ට් කරන්නේ,වැරදි කියලා දෙන්නේ කවදාවත් ඇහැට දැකල නැති ඔයාල වගේ සෙට් එකක්.
ReplyDeleteහුඟ දෙනෙක් එහෙම තමයි. කාටවත් ම කියන්නෙ නෑ. නමුත් මෙයාට කියන්න වුනා. ඒකට හේතුව තමයි.. එයත් බ්ලොග් ලියන්නෙක් බව දැන ගන්න ලැබීම.
ReplyDeleteසහ අපේම ඔෆිස් එකේ එකෙක් වීම සමගම මගෙ මිත්‍රයෙකුත් වීම.