Powered By Blogger

Friday, November 11, 2011

''ලොබ නොසිඳේයා''


මම මේ පොත කියවලා දැනට මාසයක් විතර වෙනවා. හරි නම් ඒ දවස්වල තමයි මේ පොත ගැන ලියවෙන්න තිබුනේ.
ඒත් .. කම්මැළිකම කොතරම්ද කියල කීවොත් .. ඒක දවසින් දවසම කල් ගියා. ඔය කම්මැළිකම කියන්නෙ මහ බයානක ලෙඩක්. අපේ බොහොම පොරසිද්ද බ්ලොග් කරුවෙකු වන '' ක කා '' [මට මතක විදිහට] බොහොම ඉස්සර ලියපු ලිපියකින් විස්තර කළා කම්මැළිකම බ්ලොග්කරුවනට හැදෙන්ට පුලුවන් බයානක රෝගයක්ය කියල. ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් ය කියල මට දැන්  හොඳටම වැටහුනා.
 ''ක කා'' ගෙ කටේ රත්තරං ඔබන්ට වටිනවා.
අනෙක් කාරණේ තමයි .. පොත කියවපු ගමන්ම එන ''ගැම්ම'' පහු කාලෙකදි ලියනකොට ඒ විදිහටම එන්නෙ නැති බව. ඉතිං මේ පොත ආයෙමත් කියවන්න සිද්ද වුනා.
කිසිම බාදකයක් නැතුව තිබියදීත් ... [ඔෆිස් එකේ හෝ ගෙදරදි] කාලය ඕනෑ තරම් තිබියදීත්.. මම එහෙම වුනේ ඇයි ...?
මං හිතන්නෙ 'අරුණි' මේ දවස්වල ලියන සිත පිළිබඳ ලිපි පෙළ නැවත වාරයක් කියවලා බලන්ට වෙයි වගේ.
කොහොම වුනත් ..සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින් ලියන ලද ''ලොබ නොසිඳේයා'' කියන මේ පොත .. හැමෝම වාගේ කියවලා බලන්ට වටින පොතක්. 2002 ජනවාරි වල මුද්‍රණය කරල තියෙන මේ පොතේ ISBN  එක වෙන්නෙ  955 - 95352 - 8 - 5 යි.



ටිකක් විතර අමුතු කතාවක් රැගත් මේක .. පළමුවෙන්ම කියවන්න පටන්ගන්නකොට ප්‍රසාදජනක හැඟීමක් නෙවෙයි එන්නෙ.  කියවන අපිට පිස්සු ද.. එහෙම නැත්නම් පොතේ තියෙන චරිතවලට පිස්සු ද කියලත් මට හිතුන . ඒ වුනාට දිගටම කියවගෙන ගිහාම තමයි කතාවේ රසය වැටහෙන්ට පටන් ගන්නෙ.


මහ විශාල පොතක් නොවන හින්ද එක හුස්මට කියවගෙන යන්න පුලුවනි.  අමුතුම සමාජ තලයක ජීවත්වෙන මෙහි ගැහැණු සහ මිනිසුන්ගෙ චර්යා රටාත් අමුතුයි. මට නම් අල්ලල ගිය චරිතය තමයි ගෙදර සේවිකාව වන පළිඟු ගෙ භූමිකාව.  සුමිත්‍රා මහත්මිය මේ කතාව මනාව ගොතල තියෙනව.
හොඳයි ඉතින් වැඩි විස්තර මොකටද ... ඔය ගොල්ලොත් කියවලාම බලන්නකො.

2 comments:

  1. ගොඩාක් පොත් කියවනව වගේ.මමත් පොත් 3ක් එක දිගට කියවල ඉවර කරේ ඊයේ. මේ පොත නම් කියවලා නෑ.

    ReplyDelete
  2. ඉතින් ඒ පොත් තුන ගැනත් පොඩි විස්තරයක් දාන්නකො.

    ReplyDelete