Powered By Blogger

Monday, September 5, 2011

''කෙටි පණිවිඩය හා දිග කතා''



මට අද හොඳ අපූරු පොතක් කියවගන්න ලැබුණා. හැබැයි ඒක නව කතාවක් නම් නෙවෙයි.
ඒක කෙටිකතා පොතක්.
[පුංචි කාලෙ කෙටිකතා පොත් හුඟක් කියෙව්ව වුනාට.. පස්සෙ පස්සෙ නවකතාමනෙ කියෙව්වෙ. මං හිතන්නෙ වැඩිපුර ලැබුණෙ ඒව නිසා වෙන්න ඇති]
 ඒ වුනාට මේක ගුණාත්මකභාවයෙන් ඉතාම ඉහළයි.  ලියල තියෙන්නෙ අපි කවුරුත් දන්න සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය. එයා ගැන ඉතින් අහන්න දෙයක් නෑනේ.
එහි නම තමා ''කෙටි පණිවිඩය හා දිග කතා''.


පළමුවන මුද්‍රණය  2006 දිත් දෙවන මුද්‍රණය 2008 දිත් කරල තියෙන මේ පොත  සරසවි පොතක්.








මේ පොතේ තියෙන කතාටික කියෙව්වම මම නිකම් හොල්මන් වෙලා ගියා. ඔයගොල්ලොන්ගෙ බාසාවෙන්ම කිව්වොත් '' පට්ටම පට්ටයි'' කියල කියන්න පුලුවනි.  ඒකෙත් .. පළමුවෙනි කතාවයි .. දෙවනි කතාවයි.. ඒ සමගම තුන්වෙනි එකත්…  මගෙ හිතට හොඳටම අල්ලලා ගියා.
මගෙ කතාත් කතාද කියල හිතුනා.
 [කාටවත්ම කියන්න එපා.. මමත් නිකම් මේ... පොඩියට වගේ කෙටිකතාවක් දෙකක් ලියල තිබුණා. හි .. හි ...]
 ඒවත් එක්ක සසඳල බැලුවම හරියටම අර  ''හිරු දුටු කදෝපැණිය''  වගේ වුනානෙ මේ අසරණ මං.   අයියෝ සංසාරේ .... ඒව එබුව කුණුකූඩෙට.
ආයෙ නම්  කෙටිකතා ලියන්නත් මොකක්ද වාගෙ.
කොහොම වුනත් මට කියන්න ඕන කළේ මේක ඉතාම හොඳ පොතක් බවත්
  සහ
කියවපු නැති හැමෝම වාගෙ කියවලා බැලිය යුතුම පොතක් බවත් ය ….  කියලයි.

I S B N     955 – 573 – 146 - 1


11 comments:

  1. ඔයා කොහොමද මෙච්චර පොත් කියවන්නෙ?

    මටත් පොතක් තිබ්බොත් කන්ඩවත් ඕනේ නෑ කියවල ඉවර වෙලා තමයි පස්ස බලන්නෙ.අලුත් පොත් කියෙව්වෙ නෑ ලගකදි මම්. :(

    ReplyDelete
  2. @ නදී..
    විශේෂයක් නෑ ඉතින් .. හම්බවෙන විදිහට කියවනවා. නවකතා විතරක් නෙවෙයි.. අහුවෙන ඕනම පොතක් කියවනවා වර්ගීකරණයක් නැතුව.
    නිතරම වගේ නිදාගන්න කොට රෑ එක දෙක වෙනවා.

    ReplyDelete
  3. ම්ම් හිතුව ඔයා ලයිබ්‍රි එකක වැඩ කරන්නෙ කියල.නියමයි ඔයානම්.

    ReplyDelete
  4. අයියෝ නදී ...පිස්සුද ඔයාට... ලයිබරරි වල වැඩ කරන එවුන්ට පොත් කියවන්න වෙලාවක් නැහැලුනෙ.

    ReplyDelete
  5. සුනෙත්ත්‍රා මගෙ ප්‍රියතම ලිස්ට් එකේ ඉන්න ලෙඛිකාවක් . ඔය පොතේ කතා වලින් මම හරි කැමතියි "ගෙදර බුදුන්ගේ රහස " කියන කතාවට .

    ඒකෙ එක තැනක අම්ම දුවෙකුට කියනවා ගෑනියෙකුට ජීවත් වෙන්න හමුදාවකට වඩා හිතේ හය්යක් ඔනෙ කියලා .

    බොහොම ඉස්තුත්යි මේ පොත හඳුන්වල දුන්නට

    ReplyDelete
  6. @ TG ...
    මාත් කැමති කතාවක් ඒක. ඒ වුනත් මම වඩාත්ම කැමති වුනේ පළමු කතාවට.
    ඒකෙ අන්තිම කොටසෙ කියන වාක්‍යයට මම හරිම කැමතියි.

    මං හිතන විදිහට දැන් මේ ලේඛිකාව ඉන්නෙ ලේඛන කලාවෙ පරිණතම අවස්ථාවෙ. ඉදිරියට එතුමියගෙන් හුඟක් හොඳ පොත් බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවි.

    ReplyDelete
  7. පොත් ප්‍රදර්ශණය බලන්න එනවා ද?

    ReplyDelete
  8. මම් ඔය කියන පොත කියවලා නෑ. ඒ නිසා හොයාගන්න ඕනා.
    මේ සාහිත්‍යය මාසේ හින්දමද කොහෙද කට්ටිය පොත් ගැනම ලියනවා.

    ReplyDelete
  9. මම නම් සාහිත්‍ය මාසෙ හින්දම නෙවෙයි ... කොහොමත් වැඩිපුරම ලියල තියෙන්නෙ පොත් ගැනම තමයි.

    ReplyDelete
  10. @ වත් ...
    අයියෝ වත් .. මට එන්න හම්බවුනෙ නෑ... පහුගිය දවස්වල මට කමෙන්ට් දාන්න බැරි ප්‍රශ්ණයක් තිබුනා.
    මගෙ බ්ලොග් එකේ මොකක් හරි තාක්ෂණික ගැටලුවක්ද දන්නෙ නෑ.
    මේ කමෙන්ට් එකට උත්තරත් අද තමයි දාගන්න පුලුවන් වුනෙ.
    අනෙක් බ්ලොග් වලට තවම බෑ.

    ReplyDelete
  11. මටත් පොත් තිබුණොත් කන්න ඕනෙත් නෑ... ඒත් ඔය පොත නම් මම කියවලා නෑ. කොහොමත් සමහර ලස්සන කෙටිකතා ඉක්මනට ඉවර වෙද්දි හිතෙනවා තව ටිකක් දික් වුනා නම් හොඳයි කියලා......!

    ReplyDelete