Powered By Blogger

Monday, May 30, 2011

''බැමි''

පහුගිය දවස්වල කියවමින් හිටිය පොත තමා මේ තියෙන්නෙ .
 ඒකෙ නම ''බැමි''.


 ලියල තියෙන්නෙ  සමින්ද ලංකා සමරසිංහ කියල මහත්තයෙක්. මේක මුද්‍රණය කරල තියෙන්නෙ  2008 දි.
කතුවරයාගෙ පළමුවන පොත වන මෙය ඔහු ලියා ඇත්තේ  [ඔහු කියන පරිදි] අ.පො.ස . උසස් පෙළ ලියා ප්‍රතිඵල නිකුත්වෙන තුරු ... කාල වකවානුව තුළ බවය.
මෙයින් අපට පැහැදිලි වන කරුණක් වන්නෙ ඉතාම තරුණ අවදියේ මෙය ලියූ බවයි.
එසේ වුවද පොත ඉතා රසවත්ව ලිහිල් බසින්.. බොහෝ පළපුරුදු කතුවරයෙකු විලසින් රචනා කොට ඇත.
මා කියවූ පොත්වලින් ටිකක් අමුතු කතාවක් තියෙන එකකි මේ. තුන් කොන් ආදරයක් ගැන කියවෙන අන්දරයක් වෙන මෙහිදී ...
 ඔබට සිතෙනු ඇත්තේ කුමක්ද ...?
කොල්ලො දෙන්නෙකුයි එක කෙල්ලෙකුයි.... එහෙම නැතිනම් කෙල්ලො දෙන්නෙකුයි එක කොල්ලෙකුයි ...? ?
එහෙම නේද හිතෙන්නෙ.....?   [සාමාන්‍යයෙන් තුන් කොන් ආදර කතා එහෙමනෙ.]
නෑ ... මේක වෙනස්...
හුඟක් ආදරෙන් ඉන්න කොල්ලො දෙන්නෙකුයි .. ඒ කොල්ලො දෙන්නගෙන් එක කොල්ලෙකුට ආදරය කරන කෙල්ලෙකුයි ...
හරි අමුතුයි වගේ නේද ..?
  ඇත්තටම හිතල බැලුවොත් ඒ වගෙ චරිතත් මේ ලෝකෙ ඉන්නව ඇති.



මේ කතාවෙ අවසානය  ලඟා වෙනකොට නම් හරිම කුතුහලාත්මකයි.  නමේ අර්ථය පෙන්නුම් කෙරෙන විදිහටම නොයෙකුත් බැමි වලින් බැඳීගෙන අපි විහින් දුක් විඳින ආකාරය මනාව පැහැදිළි කර දෙන කතාවක්.
කියවපු නැති හැමෝම කියවල බලන්න කියල ඉල්ලා සිටිනවා.
මේකෙ මිළ නම් ටිකක් වැඩියි ... රු. 600 ක් විතර වෙනව. ප්‍රකාශ කරල තියෙන්නෙ එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

I S B N   978 – 955 – 30 – 0442 - 0



8 comments:

  1. මේක මාත් කියෙව්වා අපේ පුස්තකාලේ තිබිලා..හරිම ලස්සන කතාවක්.කතුවරයා අපේ වී.වී. වැඩ කරලා තියන කෙනෙක්...ඔහු මුණට මුණ හමු වෙලා නම් නැහැ. හැබැයි මම ඔහු සමඟ දුරකථනයන් කතා කරලා තියනවා. හරිම සංවේදී , නිරහංකාර පුද්ගලයෙක්..පොතේ දාලා තියනවා ඔහුගේ අංකය . කතා කරලා බලන්න. පාඩුවක් නම් වෙන්නේ නැතිවේවි....

    ReplyDelete
  2. ආහ් අමතක වුනා,, මම අන්තිමට කතා කරපු දවසේ සමින්ද සර් කිව්වා පොතේ දෙවැනි කොටස ලියාගෙන යනවා කියලා. ඒ දැන් මාස හය හතකට කලින්...දැන් දෙවැනි කොටසත් එලි දක්වලාද දන්නේ නැහැ

    ReplyDelete
  3. ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ... දෙවනි කොටස අනිවාර්යයෙන්ම බලන්න ඕන...

    ReplyDelete
  4. මටත් කියවල බලන්න ආසයි.හොයාගන්න ඕනෙ.

    ReplyDelete
  5. @ නදී ....
    ඕනෙ නම් මගෙ ලඟ තියෙන එක දෙන්නම් .... හැබැයි කියවල ආපහු ඕන.

    ReplyDelete
  6. මාත් කියවලා බලන්න ඕනෙ

    ReplyDelete
  7. @ කඩේ හාමිනේ ...
    ඇත්තටම කඩේ ඉන්න ගමන් කියවන්න පුලුවන් පොතක්..පොත් කියවන එක කඩේටත් හොඳයි .. බිස්නස් වැඩි වෙනවා ....

    ReplyDelete