Powered By Blogger

Sunday, May 1, 2011

''මුතු කරාබුව පැළඳි යුවතිය''


අද මම ලියන්න යන්නෙ මේ දවස්වල කියවමින් ඉන්න පොත පිළිබඳවයි. මේක මම මෙතෙක් කියවපු නැති රටක පොතක් ..වූ... ‘Girl With  A  Pearl Earring’.

මේක ලියල තියෙන්නෙ ට්‍රෙසි ෂෙවලියර් නැමැති කාන්තාවක්.
ලොවපුරා කියවන්නොන්ගෙ ප්‍රසාදය දිනාගෙන රටවල් තිස්පහක භාෂාවලට මේක පරිවර්තනය වෙල තිබෙනව. දාහත්වැනි ශතවර්ෂයේ නෙදර්ලන්තයේ ජීවත් වූ ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකු වන ''යොහැන්නස් වර්මීර්'' ගේ චරිතය ඇසුරෙන් මේ කතාව රචිත බව සැළයි. එසේම මේ පොතේ කවරයට යොදල තියෙන්නෙත් එම චිත්‍රශිල්පියා විසින්ම අඳින සැබෑ චිත්‍රයක සේයාරුවක්. ඒ සිතුවම ගැන හිතල වෙන්න ඕන කතුවරිය සමහරවිට මේ කතාව ගොතන්න ඇත්තෙත්. මට නම් හිතෙන්නෙ එහෙමයි.
ඒ වගේම  මේ පොත ඇසුරෙන් 2004 වසරේදි නිපදවනු ලැබූ චිත්‍රපටයද අතිශයයින්ම සාර්ථක එකක් වුනාලු.
[මට නම් බලන්න හම්බවුනේ නෑ]
ට්‍රෙසි ෂෙවලියර් එම පොත ගැන මෙසේ කියනවා.







ඒක  ''මුතු කරාබුව පැළඳි යුවතිය'' යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කොට තිබෙන්නේ ගංගා නිරොෂණී සුදුවැලිකන්ද මහත්මිය විසින්.  ඇයගෙ සමහර පරිවර්තන කෘති මීට පෙරද මා විසින් කියවා ඇති අතර කියවන්නාට දිගටම කියවාගෙන යාමට උනන්දුවක් ඇතිවන ආකාරයට රසවත්ව ඒවා ඉදිරිපත් කර තිබෙනවා.
නෙදර්ලන්තයේ ධනවත් චිත්‍රශිල්පියෙකු ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදෙන තරුණ යුවතියක වටා මෙහි කතාව ගෙතී තිබෙයි.







ප්‍රථම මුද්‍රණය 2006 වසරේදි නිකුත් කර තිබෙන අතර මිළ රුපියල් තුන්සීයකි.
හොඳ පරිවර්තනයක් .. කියවපු නැති හැමෝම කියවලා බලන්න.

ISBN  955 – 662 – 268 - 9



2 comments:

  1. බලාගන ගියාම කියවල නැති පොත් කොච්චර තියනවද?

    ReplyDelete
  2. @ නදී ....
    ඒක නේන්නම් ....
    මේක හොයාගෙන කියවල බලන්නකෝ ...ටිකක් අමුතු විදිහේ කතාවක් ...

    ReplyDelete