Powered By Blogger

Sunday, January 27, 2013

ගම්පහ ගෙට්ටුවට ගිය ඇනෝනිමසා ...




මෙදා සැරේ බ්ලොග් හමුව ගම්පහ පැත්තෙ කරන්ට ලු අපේ සෑමා යි  අඩව් ගුනෙයි ඇතුලු සංවිධායක මණ්ඩලය කටයුතු කාරණා ලෑස්ති කරල තිබුනෙ.
මං තුමා ඕකට යනවද ... නොයනවද .. කියන එක ගැන දෙඩියාවෙන් ලු හිටියෙ ඕං.
ඒ හින්දම අර පෝර්ම කොළෙත් පිරෙව්වෙ නෑ කියන්නෙ.
නමුත් දවස උදා උනාම .. ඉවසන් ඉන්නම බැරි වුනා. ඔය බ්ලොග් හමු ආරම්භ කළ දා ඉඳන් ම හැම එකකටම වගෙ සහභාගි වුන එකේ .. මේක විතරක් අතහරින්ට හිත දුන්නෙ නෑ.
ඉතින් මාත් උදෙන් ම පිටත් වුනා ලු ... හුඟ කාලෙකින් කෝච්චි පොජ්ජෙ මංගැච්චුවෙ නැති හින් ද ඒවයින් එකක තමයි ඔන්න ගියෙ. හප්පා .. අද ඉරිද වෙලත් මේවයෙ යන්ට ඉන්න සෙනග කන්දරාව බොලං.


 ඉරිද දවසෙ තමන්ගෙ වැඩක් කරාගෙන ගෙදරට වෙලා ඉන්නෙ නැතුව .. මේ මිනිස්සු මොන මගුලක යනවද කියල හිතෙනව. ඉස්ටේසන් පොජ්ජෙ හිටපු සෙනග දැක්කම හිතුන දෙයක් තමයි .. .. එක්කො මේ ඉස්ටේසන් කාරයො .. හිතලම කෝච්චි අඩු කරනව ඉරිදට. එහෙම නැත්නම් බොරුවට ටෙලිපෝං කරල මිනිස්සුන් ව ගෙන්න ගන්නව ඉස්ටේසමට .. අපිට හොඳට සෙනග ඉන්නව කියල පෙන්නන්න ... [අර සමහර දේශපාලකයො වගෙ ]
ඒක ඇත්ත බව ඔප්පු වුනා මම කෝච්චියෙ ඇතුලෙ හිටගෙන ඉන්නකොට ඇහුන නිවේදනයකින්. ඔය ඉස්ටේසන් වල ඉන්න එනවුසර්ල ඉන්නව නේද ..? .. මහ එපා ම කරපු ජාතිය. මේ ලෝකෙ මිනිහෙකුට තේරෙන්න නෙවෙයි එනවුස් කරන්නෙ. මං පොඩි කාලෙත් ඒක එහෙම්ම මයි .. දැනුත් එහෙමයි. මුං හැදෙන්ට තව කල් යනව මං හිතන්නෙ.  [ මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් .. ඔය ප්‍රධාන පෙලේ ඉස්ටේසමකට ගිහින් පොඩ්ඩක් අහගෙන ඉඳල බලන්න ]
ඉතින් මං මේක ඇතුලෙ හිටගෙන ඉන්නකොට ඇහුනෙ මෙහෙමයි ...
'' මී ලඟට වේයන්ගොඩ බලා යාමට නියමිත දුම්රිය .. දුම්රියක් නොවේ  ''  [ එයින් අදහස් වුනේ ඒ දුම්රිය අවලංගු කළ බවයි ]
ඉතින් මොකද වුනේ .. ඊ ලඟ එකේ යන්න හිටපු මිනිස්සුත්  ඇවිත් අපේ එකේ එල්ලුනා. අපි තවත් හිරවෙල තද වුන එක විතරයි වුනෙ.


කොහොම කොහොම හරි ඔන්න ගම්පහටත් ආවා. [ටිකට් නැතුව එන්ට ෂෝක් ටවුම. අපරාදෙ ටිකට් ගත්තෙ .. අපි කාගෙවත් ටිකට් පරීක්ෂාවකින් තොරව .. අර පඩිපෙළ දිගේ නැගල ටවුමට ම බහින්න  පුලුවන් වුනා ලේසියෙන් ම ]
... ගම්පහ කීපවතාවක් ම ගිහිල්ල තිබුනට .. පාක් එකට ගියෙ නැති නිසා තැන හරියටම දන්නෙත් නෑ. 
[ මෙහෙ ඉන්නවයි කියන මගෙ යාලුවො වෙච්ච ... තරු රාශිය .. තිලානි .. මරණෙ ... එහෙම මතක් වුනා තමයි. ඒත් මේ වෙලාවෙ කොහෙන් හොයන්න ද ඒ ගොල්ලො ...]
එතන තිබ්බ සෝයා අයිස්ක්‍රීම් හලේ [ ෂහ් .. එතන හරි පිරිසිදුයි ] කොල්ලො කෙල්ලො ඒව කනව බොහොම ප්‍රීතියෙන්. කොල්ලෙක් නොවුනත් ඉතින් පැන්න ගමන් මාත් එකක් කෑව ඒ ප්‍රීතියෙන් ම. කන ගමන් ම වටපිට බැලුවෙ .. පාක් එකට යන පාර අහන්න කවුරුහරි ඉන්නවද කියලයි. අහා .. මගෙ දකුණු පැත්තෙ මේ ඉන්නෙ අයිස්ක්‍රීම් කකා බොහොම ලස්සන හුරුබුහුටි ගැහ්ළමයි දෙන්නෙක්. කන ගමන් දෙන්න ලොකු කතාවක්... සමහරවිට කොල්ලො ගැන වෙන්න ඇති.
මම ඉතින් තව ටිකක් කිට්ටු වුනා.. මෙහ් .. නංගිලා .. මට පාක් එකට යන පාර පොඩ්ඩක් කියන්න පුලුවන්ද...? හුහ් .. මුන් දෙන්න මට රවපු රැවිල්ලට මාව පස්සට වීසි වුනා නිකම්ම. හොඳ වෙලාවට මම ඒ ප්‍රශ්නෙ හිතෙන් ඇහැව්වෙ. කටින් ඇහැව්වනම් ගුටිත් කන්ට තිබ්බ අයිස්ක්‍රීම් එක්ක. [ ඒ වෙලාවෙ මමත් එකක් කකා නෙ හිටියෙ ]
මේ ගම්පහ කෙල්ලො හරි ආඩම්බරයි වාගෙ .
ඔන්න එතකොටම ආපි ටෙලිකොම් එකේ ත්‍රීවීල් එකක්. ටෙලිපෝන් රෙපෙයාර් යන ගමන් අයිස්ක්‍රීම් කන්ට ඇවිත්. මම ඉතින් ගිහින් කතා කළා .. මලයො .. මට පාක් එකට යන පාර දැනගන්න පුලුවන්ද ..?
එකෙක් නම් හිනාවුනෙ නිකම් නෝන්ඩියට වාගෙ. ඒ වුනාට අනෙකා මා කෙරෙහි වූ කරුණාවෙන් .. විස්තර කරන්ට පටන් ගත්ත ..   අයියෝ .. ගොඩක් දුර නෑ ..මේ ලඟ ...
එතකොට ම මිනිහට යමක් මතක් වුනා ...
 ''අයියා .. දැන් මේ අයිස්ක්‍රීම් එහෙම කාල යන කොල්ලො .. කෙල්ලො ඉන්නව නේද ... මෙයාල මේ ක්ලාස් ඉවරවෙල යන ගමන් .. හුඟ දෙනෙක් පාක් එකට තමයි යන්නෙ. අයියට තියෙන්නෙ මෙයාල ගෙ පස්සෙන් යන එකයි''
 බොලේ .. හැබෑට .. පින්සිද්ද වෙනව මලයො .. කියපු මමත් ක්ලාස් ඇරිල යන ළමයි පස්සෙන් වැටුන. ටික දුරක් යනකොට ක්ලාස් ඉවරවෙල ඇත්තටම ගෙදර යන්න ඕන කරපු ළමයි විසිරිලා ගිහිල්ල .. ඉක්මනට ගෙදර යන්න ඕන නැති අය ඉතුරු වුනා. එයාලගෙනුත් සමහර අය සහ ජෝඩු .. අතුරු පාරවල්වල හැරුන. එක ජෝඩුවක් මගදි .. [ අර පාළම ලඟ තියෙන ] පංසලකටත් හැරුන. ගම්පහ ඉන්න සමහර පෙම්වත්තු විශිෂ්ඨයි .. පට්ට දවාලෙත් පන්සල් යනව.
කොහොම හරි අන්තිමේදි ජෝඩු දෙකක් ඉතුරු වුනා ..


 මුන් නම් ෂුවර් පාක් එකට තමයි යන්නෙ ..  මම ඉතින් පස්සෙන් එනව. එනවා එනවා ඉවරෙකුත් නෑ .. අරුන් කිව්වෙ ලඟයි කියලනෙ ... [ ඒ අස්සෙ මට අර කතාවත් මතක් වුනා .. එලුවගෙ මොකක්ද වැටෙනකම් කවුද එකෙක් පස්සෙන් ගිය හැටි]
මට දැන් දාඩිය වැක්කෙරෙනවා .. පට්ට අවුවෙ නෙ මේ පයින් එන්නෙ. අරුන්ට නම් කුඩ තියෙනව. ...වෛවර්ණා මතක් වෙන වෙලාව තමයි මේ. එයාට මං කුඩ දෙකතුනක් අරන් වරෝ .. කියලත් කිව්වනෙ. අනේ ඒවයින් එකක් මේ වලාවෙ තියෙනව නම් ...

ඉතුරු ටික ඊලඟ එකේ ... [ මේක දිග වැඩි වුනා ]


37 comments:

  1. මහන්සියට ඇඳට පැන්නට මොකෝ මටත් දැංම නැගිටලම ගෙහුං පෝස්ටුවක් කොටන්ඩ හිතෙනව අප්පා

    මේ පෝස්ට් එකෙන් මල් වත්තට ඇතුල් වෙන්ඩ බැරි උනා කියන්නෙ ඉතිං ඉවර වෙලා එලියට එන්ඩ වෙන්නෙ තව පෝස්ටු 100කින් විතර :D
    ඉක්මනට ලියමු ඒවත් :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් මතක් කරමුකො සහෝ.. මට ටිකක නිච්චියක් නෑ හරියටම කවුද කියල මේ නමින්..

      Delete
  2. නෑ කොල්ලො ... මල් වත්තට යාගන්න අමාරු වුනාට එළියට එන එක හරි ලේසි වුනා .. ඉතුරු එකේ ටිකයි තියෙන්නෙ.. දිග වැඩි හින්ද දෙකට කැඩුවා ..
    ගොඩක් දිග වුනාමත් කට්ටිය කියවන්නෙ නෑනෙ.

    ReplyDelete
  3. අනේ අම්මප හැබෑටම අච්චර සෙනගක් මක්ක කොරනවද ඉස්ටේසොමේ ඉරිද දවසක...

    අප්පද බොල.... අර ජෝඩු පස්සෙ ගිහින් හරියටම ඩෙස්ටිනේෂන් එකට යාගත්තැයි...? අර පාර ඇහුවම නක්කලේට හිනා වෙච්චි එකා හිනාවෙන්න ඇත්තෙ ඔබතුමාත් ඒ වැඩේටම එතැනට යනව කියල උපකල්පනය කරල වෙන්නැති... ඇයි අප්පා මූණ බැලුවම... මේ වයසට.... :D

    ReplyDelete
    Replies
    1. මොකක් ද මිහිරි .... ඔයත් නෝන්ඩිය දානව නෙ..
      අම්මප අසූවත් වයසක් ද කිව්ව ලු ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැක්කනෙ ... එදා කෝච්චියට ඒ තරම් සෙනග ....

      Delete
  4. කළුවර අදුනවත් ගාගෙනද ඇවිත් හිටියෙ.....අපේ නම් ඇහැ ගැහුණෙ නෑ

    ReplyDelete
    Replies
    1. මම නං උඹව දැක්කා කොල්ලො ... කතා කරන්නමයි හිතුනෙ ...
      ඒත් ඉතින් ඇනෝ විදියට ආවාම අඳුනන්නෙ නැති විදිහට ඉන්න ඕන නෙ.

      Delete
  5. ඇය බං කම්මැලියෝ මේක එපිසෝඩ් වලින් දෙන්නෙ? එක පාර ලියලා දැම්මනම් හරිනෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කම්මැළියනං තමයි මං ... ඒත් ඊයෙ හවස ගෙදර ආවට පස්සෙ මට ටිකක් වැඩ වැඩිවුනා. මේක ලිය ලිය ඉන්න කොට .. අල්ලපු ගෙදර ගෑනි අඬ ගැහුවා .. ඒ අම්මන්ඩිගෙ ලයිට් පත්තු වෙන්නෙ නැතිලු. ඉතින් මේක දාල ඒක හදන්න ගියා .. බොලා මුකුත් හිතන්න එපා .. අකමැත්තෙන් ගියේ...
      ඇවිල්ල ආයෙම ලියනකොට ... ඔන්න කඩේ යන්න සිද්දවුනා .. රට කරවන ලොක්කොත් හැම එකාටම කඩේ යන එකේ .. මං වගෙ අසරණයෙක් ගියාම මක් වෙනවද ..? ලිවිල්ල නවත්තල ඒකත් ගියා .. ඊලඟට පොල් කඩල දෙන්න කියපි.
      ඔහොම ගියාම මට මේක ලියන එක එපා වෙලා .. ඉතුරුටික පස්සෙ ලියමු කියල හිතල එතනින් නවත්තල දැම්මා ...
      ඔන්න ඕක තමයි ඇත්තටම වුනෙ.

      Delete
  6. මමත් ගම්පහ මල් වත්ත පැත්තෙ ගිහින්ම නෑ.. එන්න කැමැත්තක් තිබුණා. ඒත් උතුරු දකුණු සහයෝගිතා වැඩකට නිවාඩු දවස් තුනම හිටියෙ යාපනේ. ඒ නිසා එන්න උනේ නැහැ.. ආයෙම ලැබෙන අවස්ථාවක් මග නොහරින්නයි කල්පනාව...

    නිවැරදි කිරීමයි.... තරුරාශි නොවෙයි.. තරුරසී...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් .. අපරාදේ ඔයා ආවේ නැත්තේ.
      ආවනම් අපි දෙන්නට එකතුවෙලා .. මල් කූඩයක් ම වුනත් කඩන්න තිබුනා .. අරුන් ට හොරෙන්.
      නම ගැන ඔයා කලබල වෙන්න එපා.. දෙකේම තේරුම එකයි නෙ.
      මම අහන්නමයි හිටියෙ .. මේක ඔයා බ්ලොග් ලියනකොට පාවිච්චි කරන ආරූඩ නාමයක් ද .. නැතිනම් ඔයාගෙ ඇත්තම ඇත්ත නම ද ..?
      [මොක ද .. හුඟ දෙනෙක් බ්ලොග් එක ලියන්නෙ ඇත්ත නමෙන් නෙමෙයි නෙ. .. මේ මම වුනත් එහෙමයි ... ]

      Delete
  7. Replies
    1. හිකිස් ... නේන්නම් කොල්ලො ..
      සංතෝසයි මේ පැත්තෙ ආවා ට.
      ස්කුබි .. ඩුබි .. ඩූ ...

      Delete
  8. ඔය ජොඩු පස්සෙ යන එකනම් එච්චර හොද වැඩක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත මලයා ... ඕක මහ ගුටිකන වැඩේ තමයි ...
      ඒත් ඒ වෙලාවෙ පාක් එක හොයාගන්න ඒක උදව්වක් වුනා.

      Delete
  9. බොලාව මට සැට් වුනේ නැහැනේ :?

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්ඩ ඕනෙ සෑමො ... මම උඹව දැක්ක වුනත් කතාකරන්න විදිහක් තිබුනෙ නෑ ඒ වෙලාවෙ.
      [ මම ඊලඟ එකේ මේ ගැන ලියලත් ඇති ]

      Delete
  10. ඒක හරි දැම්ම නතර වෙන්න කොහෙ ගිහින් නවතීද දන් නෑනේ

    ReplyDelete
    Replies
    1. නෑ .. නෑ .. අන්තිමේ දි පාක් එකටම ගිහිල්ල තමයි නතර වුනේ ...

      Delete
  11. ඒ මම උඹ එක්ක කතා කලේ නැද්ද කොහෙද බං :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මප .. නැද්ද කොහෙදො තමයි ..
      බොටත් එසේම වේවා .. [ රාජ සම්පත් ම ලැබේවා ]

      Delete
  12. අඩේ මට උබව සෙට් උනාද :ඕ ? මල කෙලියයි මීටර් නැහැනේ

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑනෙ බං ...
      මගෙ මීටරෙත් අප්සෙට් වෙලා මේ දවස්වල ...

      Delete
  13. අදයි ආවේ ඇනෝ..ඒ මට ඔයාව මතක නෑනේ... :/

    ReplyDelete
    Replies
    1. ආවාට ස්තූතියි කොල්ලො ...
      මටත් නම කිව්වට මතක නෑ ...
      අපි ඊලඟ හමුවෙදි බලමුකෝ ...

      Delete
  14. මේ මාව උඹේ මීටරේට අහු උනාද කියපන්කො.......

    ReplyDelete
    Replies
    1. මේ ... ඇත්ත කියාපල්ල .. උඹල බයවෙල නේද ඉන්නෙ ... බොලා එහෙදි කරපු සමහර දේවල් මම නොපෙනි ඉඳන් පොටෝ අරන් ඇති කියල හිතල .. හැක් ... හැක් ..

      Delete
  15. ගම්පහ උන්නැහෙලට අපේ ස්තුතීය

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඔව් .. ස්තූති කරන්න ම ඕන ...

      Delete
  16. මු ෂුවර් එකටම කෙල්ලෙක් එක්ක බංකුවක ඉන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒක නෙ බං ... කෙල්ලො නම් හිටියා තමා වටේට ම ...
      හැබැයි ඒ හැම එකාට ම කොල්ලෙකුත් හිටියා නේ....

      Delete
  17. සිරාවටම අහන්නේ..... මට කුමාරයව සෙට් උනේ නැනේ මේ පාර ( ගිය පාර එකට බස් එකේ ගාලු ගිහින් මාව දැක්කේ නැ කියපු මිනිහනේ මේ... මේ පාර එකට රිටන් මගෙන්) ඇතටම ආවද?

    ReplyDelete
    Replies
    1. ඉතින් බං .. මේ පාරත් මම උඹව දැක්කෙ නෑනේ ....

      Delete
  18. ඉතිරි කොටසත් දාන්න මලයෝ.. ඔයාට ගම්පහදි වුණා වගේම දෙයක් මටත් වුණා අන්න ඒක මං පෝස්ට් එකේ ලියල තියනවා. මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටස දාලයි තියෙන්නෙ ...

      Delete