Powered By Blogger

Monday, November 12, 2012

'' අබිරහස් ජීවිත තරණය''



 

අද මම ලියන්න අදහස් කරන්නෙ .. ස්වර්ණ පුස්තක සම්මානවල අවසන් වටයට තේරුණු .. ඒත් වැඩිදෙනෙක් වැඩිය කතා නොකරපු පොතක් ගැන. ටෙනිසන් පෙරේරා මහත්තය ලියපු මේ පොත ..පහුගිය පොත් ප්‍රදර්ශනයෙදි දැකල අරගත්තෙ .. නමේ මුලටම තිබුණ ''අබිරහස් '' කියන වචනය දැකලයි. 
[ ඒකට හේතුව වුනේ .. ටෙනිසන් මහත්තය පහුගිය කාලෙ ඇමරිකාවෙ ඉන්නකොට .. ඔහු පදිංචිව සිටි නිවසෙහි මහ අබිරහස් සිදුවීම් කීපයක් ම වුන බව මට දැනගන්න ලැබුන නිසා. මං හිතුවෙ කතාව ඒ සිදුවිම් ගැන කියලයි. නමුත් මේ ඒක ගැන නෙමේ ]
මේක අපේ රටේ සිදුවුන සිදුවීම් පෙළක් ...
 
 

අවසන් වටයට ආපු අනෙකුත් පොත්වලට සාපේක්ෂව .. මේ පොත පිළිබඳව වැඩි කතාබහක් ඇතිවුනෙ නෑ… මට මතක විදිහට.  මං හිතන්නෙ හුඟදෙනෙක් තවම කියවල නැතුව ඇති.  එහෙම නැතුව මිනිස්සු මේ පොතට අකමැති වා වත් ද ...?

මං වුනත් මුලදි ටිකක් කියවල අතහැරල දැම්ම. මොකද කිව්වොත් මහ එපාවෙන ගතියක් තමයි තිබුනේ. ටික දවසක් යන්න ඇරල නැවත කියවන්න පටන්ගත්තා .. හැබැයි මේ සැරේ කියවන්න පටන්ගත්තෙ පොතේ මැද ඉඳන්. ඔය එපාවෙන ජාතියෙ පොත් මම එහෙම කරල තියෙනවා මීට කලිනුත්. උදාහරණයක් විදිහට .. ''ඇටමැස්සා'' එහෙම කියවපු පොතක්. මැද ඉඳන් කියෙව්වම ඔන්න රස වැටෙනවා. ඊට පස්සෙ එක දිගටම කියවන්න පුලුවනි කම්මැළි නැතුව.

අවසානෙට යනකම් කියෙව්වට පස්සෙ .. දැන් ඉතින් මුල ටික කියවන්න ආසාවක් එනවා ඉබේටම. ඉවරවෙලා කොටස් දෙක ගළපාගන්න පුලුවන්. මුල ඉඳන් ආපහු එද්දි .. සමහරවිට නැවත මුලු පොතම .. එකදිගටම   කියවාගෙන යන අවස්ථා ත් තිබුනා. එහෙම වුනාම කතාව හොඳට හිතට දැනෙන්නත් පටන් ගන්නවා.
 
 

ඇත්තටම මේ පොත ..  මුලදි මහ විකාරයක් වගේ පෙනුන මේ පොත .. ඉතා හොඳ එකක් බව මට වැටහුනා. ටෙනිසන් මහත්තය මේක අපූරුවට ගළපලා ලියල තියෙනවා. මෙහි එන අවසානයට මම ඉතාම කැමතියි. මොකද පොතක අවසාන ය ඉතාම වැදගත් දෙයක් ය කියලයි මම හිතන්නෙ.

[ඒත් ඒ අවසානෙ දි වුනත් රන්ජන් නැමැති තරුණයා ... තරුණියක් බවට පත්වෙන කොටස නැතුව තිබුණ නම් එය මීට වඩා තීව් ර අවසානයක් වෙන්න ඉඩ තිබුනා .. කියලත් මට හිතුනා ]
 
 

ඉතින් ..මෙතෙක් නොකියවපු අයගෙන් ඉල්ලා සිටීමට කැමතියි .. හොයාගෙන කියවන ලෙසසහ මේ ගැන අදහස් ඉදිරිපත් කරන ලෙස.

පළමුවන මුද්‍රණය   2011

දෙවන මුද්‍රණය       2012

ප්‍රකාශනය              සරසවි ප්‍රකාශකයෝ

පිට කවරය            සමන් ඉන්දික

I S B N                   978 – 955 – 671 – 460 - 9

මිළ රුපියල්          425/-

 

18 comments:

  1. මේ පොත කියවන්න අරගෙන මන් මගදි නැවැත්තුවා
    ටෙනිසන් පෙරේරගේ ගොඩක් පොත් මේ වගේ

    ReplyDelete
    Replies
    1. මුලදි එහෙම තමයි දැනෙන්නෙ .. නමුත් කියවගෙන යන්නකො ...
      එතකොට ඕක හරියනවා.

      Delete
  2. පොත් ප්‍රදර්ශණයේදී මේ පොත් අතට අරගෙන පිටු කීපයක් කියවලා බැලුවම කියවන්න තරම් රසයක් ඇති උනේ නෑ...ඒ හින්දම පොත් ගත්තේ නෑ. අපාරාදේ..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නේන්නම් ...
      හොඳ පොතක් නේ අතඇරිල තියෙන්නේ ....

      Delete
  3. ටෙනිසන් පෙරේරාගෙ පොත් වලින් මට තවම කියවන්න බැරිවුන එකම පොත. අනිවා හොයාගෙන කියවනවා.

    ටෙනිසන්ගෙ පොත් කියවන්න විශේෂ හුරුවක් අවශ්‍යයයි කියලා මට හිතෙනවා. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයත් - යථාර්ථවාදයත් දෙකම ලිවීමේ ආකෘතිය වශයෙන් යොදාගෙන තිබෙන නිසා,කියවන්නා ටිකක් මඤ්ඤං වීම ස්වභාවිකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම මලේ ... මුල ටික කියවගෙන යනකොට මටත් ඔය මංඥං ගතිය ආවා.

      Delete
  4. කියවන්න එපා හිතෙන පොතක් කියවන අපූරු ක්රවමයක් කියල දීල තියෙනවා.. මමත් ඒ ක්රනමය අත්හදා බලන්න ඕන. ඇට මැස්සා නම් මුල ඉඳන් අගටම ආශාවෙන් කියවපු පොතක්.. අබිරහස් කියන නම දැක්කොත් මම නම් ඒ පොත ගන්න එකක් නැහැ.. අපි එක එක්කෙනා පොත් තෝරන විදියත් හරිම වෙනස් නේද?

    ReplyDelete
    Replies
    1. ඇට මැස්සගෙත් මුල් කොටස එපා වුනා මුලදිම .. අර මොන්ටිනෙල්ලි ගෙ විකාර විස්තරය අහල.
      අර විදිහට කරා ම සාර්ථක වුනා .. එහෙම කියවපු කීපයක් ම තියෙනවා.
      ඒ විදිහට කියවල හිතට දැනුනට පස්සෙ ... අපරාදෙ මේක පැත්තකට දාල තිබ්බේ ... කියල හිතෙනවා.

      Delete
  5. mala jara pothak... tenisan kure poth liyuwath ithin sammana labenawane

    ReplyDelete
    Replies
    1. ටෙනිසන් කුරේ නෙවෙයි මලයො ... ටෙනිසන් පෙරේරා.
      ඔහුගෙ පොත් මම දකින විදිහට හොඳ තත්වයේ පවතිනවා. ඉතින් සමහරවිට සම්මාන ලැබෙනවත් ඇති.

      Delete
  6. හොද විවරණයක්..

    උඩ කමෙන්ට් ටික දැක්කම හිතුනේ ටෙනිසන් මහතා පොත මැදදී පාඨකයා රදවා ගැනීම දක්ෂ නැති බවක් !

    ReplyDelete
    Replies
    1. එහෙම ම නෙවෙයි සෑමො .... [ හික් .. හික් .. මටත් ඔෆිස් එකේ එව්වො කියන්නෙ සෑමා කියල තමයි ]
      පොතේ මැද වෙනකම් ගියා කියන්නෙ ... ඉතින් කෙලවරටම කියවගෙන යනවා කියන එකයි.
      කමෙන්ට් වලට අනුව හුඟක් අයට අමාරු බව පේන්ට තියෙන්නෙ මුල ටික කියවගන්න එකයි.
      මම කියවපු ක්‍රමයට උත්සාහ කරල බලන්න පුලුවනි ... [ සමහරවිට හරියාවි ]

      Delete
  7. ටෙනිසන් පෙරේරා මහතාගේ පොත් කියවන්න මටත් හරි අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මම කියපු ක්‍රමයට උත්සාහයක් දාල බලන්නකො. ඔය මැදින් කියල කියන්නෙ හරි මැදින් ම නෙවෙයි. කාලක් .. භාගයක් .. තුන්කාලක් .. වගෙ හරියටම නියමයක් තියන්නත් බෑ.
      ඇත්තටම වෙන්න ඕන .. පොත පෙරළල බලල ඔබට ආස හිතින තැනකින් පටන්ගන්න එක.

      Delete
  8. මටනම් කියවන්න වෙන්නෙ ලංකාවට අවාම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔහාට පොත් ගෙන්නගන්න අමාරුයි වගේ ද ...?
      සමහරවිට ඊ book විදිහට කියවන්න පුලුවන් වේවි.

      Delete
  9. එක එක අයගේ රුච්කත්වය වෙනස්නේද? 

    ReplyDelete
    Replies
    1. ඒක හරි ..
      එක සමාන රුචිය තියෙන අය කලාතුරකින් ඉන්න පුලුවන් වුනත් ...
      හුඟ දෙනෙක් ගෙ රුචිය විවිධාකාරයි.
      [ මම දන්න කෙනෙක් ඉන්නව මේ නම තියෙන ... ලේඛන කලාවට සම්බන්ධ .
      ඔහු ඔබේ ඥාතියෙක් ද ..? ]

      Delete