Powered By Blogger

Saturday, August 18, 2012

පොඩිම දූපත




මේ තියෙන්නෙ ලංකාව ඇතුළත තියෙන ජලාශයක තිබෙන පොඩිම දූපතයි.
මේකට කියන්නෙ සත පහ දූපත කියලයි ...
අපිත් හිතුවෙ මේක සත පහක හැඩය ගත්ත නිසා ඒ නම දාල ඇති කියල වුනත් ...
පසුව දැනගන්න ලැබුණා ...පංසලක් එහෙම නැත්නම් දේවාළයක් වගේ එකක් හදවන්න මේක මිළ දී ගෙන තියෙන්නෙ සත පහක මුදලකට නිසා ඒ නම ලැබුණු බව.
පසුව ඒ අදහස වෙනස් වෙලා ඊට ටිකක් ලොකු දූපතක පංසල හදල තියෙනව. [නමුත් සතපහ දූපතේ නටබුන් තවම දකින්නට පුලුවන්]
මේ දූපත මාදු ගඟ මැද්දෙ තියෙන ලස්සන දූපත් වලින් එකක්.


කැමති අයට පීනගෙන ගිහිල්ල බලන්න පුලුවන් ... හැබැයි කිඹුලො ඉන්නවා ...ලු ...

22 comments:

  1. මල හත් ඉලව්වේ තියෙන තැන ලිව්වෙ නැත්තෙ අපි යයි කියල බයටද

    ReplyDelete
    Replies
    1. ඒ හරියට කියන්නෙ බලපිටිය ... මට මතක විදිහට. ඒක ගාලු පාරෙමයි. එතන බෝට්ටු තියාගත් කට්ටිය ඉන්නවා අපිව එක්ක යන්න.
      අපි නම් ගියෙ කැප්ටන් ගෙ ආයතනය හරහා. ඔහු නියමයි .. පැරණි නැවියෙක් වගෙ අමුතු විදිහට ඇඳගෙන .. උඩු රවුළ කරකවාගෙන හරි ප්‍රතාපවත් විදිහට තමයි ජීවමානව ඉන්නෙ. [හරියටම කිව්වොත් මේ මං වගෙ ]
      ඔහුගෙන් අඩු මිළට රයිඩ් එකක් ගන්න පුලුවන්.
      එක්කෙනෙකුට වුනේ රුපියල් 180 ක් පමණයි .. [මාදු ගඟ පුරාම පැය දෙක හමාරක ගමනකට] බෝට්ටු පදවන්නාම .. මග පෙන්වන උපදේශකයාත් වෙනවා.

      Delete
    2. ඔයා .. මහදුරු බිරිඳකගෙ කතා වස්තුව වුනෙ කොහොමද කියල මට කියනවද ...?

      Delete
  2. මාදු ගගේ ඔරු පදින්නයි.. ඉස්සෝ කන්නයි මාත් හරි ආසාවෙන් ඉන්නේ තාම අවස්තාවක් ලැබුනේ නෑ... කුමාරයා අයිය නම් රවුමක් ගහලා වගේ..:)

    ReplyDelete
    Replies
    1. ඉස්සො නම් කන්න හම්බවුනෙ නෑ .. හැබැයි නියම රවුමක් ගැහැව්ව කොල්ලො.
      රවුමක් කිව්වට ඒක රවුමක් ම නෙවෙයි .. ටිකක් විතර හතරැස් එකක්.

      Delete
  3. බෝට්ටු සවාරිත් ඕනෑ තරම් තියෙනවා, ඒ නිසා ළඟටම වුණත් ගිහින් බලතෑකි. සත පහේ තේරුම අද තමයි දැනගත්තෙ... මරු!

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව්.. අපිත් දැනගෙන හිටියෙ නෑ ..
      අපේ මාර්ගෝපදේශකයා තමයි ඔය කතාව අපිටත් කිව්වෙ.

      Delete
  4. කලකට පස්සේ.....
    දූපත නං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. දූපත් නම් 64 ක් තියෙනවා මාදු ගඟේ...
      ඒව ඔක්කොම වගෙ ලස්සනයි .. හැබැයි මිනිස්සු පදිංචිවුන ඒව ඇර.

      කාලෙකට පස්සෙ කිව්වෙ කොල්ලො මම මේ පොඩි හදිසි අනතුරු පොජ්ජක් මංදො කළා නෙව පහුගිය දොහේ.
      ඉතින් ත්වාල රාජයො මැද තමයි දිවි ගෙව්වේ ... ඒකයි වැඩිය පේන්ට නොහිටියෙ ...

      Delete
  5. Replies
    1. අම්මප පට්ටම පට්ටයි කොල්ලො ...
      ගිහිල්ලම බලහංකො ..
      නැවත යන්ට හිතෙනවා සිකුරුයි.

      Delete
  6. එල කිරි.කිඹුල්ලො හිටියට අවුලක් නෑ.කොහොම හරි දූපතට යනවනම් එච්චරයි.මාධු ගග ගොඩක් ලස්සනයි.මං බලන්න ගිහින් නම් නෑ.ටීවි එකෙන් දැකලා තියෙනවා.මේ දූපත් කතාව දැනගත්තෙත් අද

    ReplyDelete
    Replies
    1. යන්ටම වටින තැනක් නෙව.
      කිඹුල්ලු හිටියට බයවෙන්ට කාරි නෑ .. උන් මිනී කන එවුන් නෙවේලු. අර හැළකිඹුලො කියන්නෙ. මං හිතන විදිහට උං කන්නෙ පාන් ද කොහෙදො .. [මිනිස්සු පුරුදු කරල ලු ]

      Delete
  7. මමත් මාදු ගඟේ ගිහින් තියනවා සහෝ..එත් මෙහෙම දෙයක් දැනෙන හිටියේ නැහැ.ස්තුතියි ඔබට :)

    ReplyDelete
    Replies
    1. මාදු ගඟේ ගියාට .. ඔබ එහෙමනම් හැමතැනම ගොඩබහින්ට නැතුව ඇති.
      ගොඩ බැහැලා සමහර දූපත් වාසීන් සමග කතා බහ කරන්න ඕන. එතකොට ඔය සියලු විස්තර දැනගන්න පුලුවනි.

      Delete
    2. සමාවෙන්න අහනවට ...
      ඔබ අර මම කියපු ගීතය තාම ගායනා කෙරුවෙ නැහැ නේද ...?

      Delete
  8. රට පුංචි වුනාට මේක ලෝකයක්, බැලුවම.....

    අපේ ඇහැ ගැටිච්ච නැති තැන් තව කොච්චර තියෙනව ද ?

    ReplyDelete
    Replies
    1. මාත් හිතනව .. ඔය වගේ සැඟවිච්ච දේවල් තව ඇතිය කියල..
      වැඩේ කියන්නෙ අපි ඒව දිහාව උනන්දුවෙන් බලන්නෙ නැති එක.

      Delete
  9. ඉස්සර මේ දූපත මීට වඩා ලොකුවට තිබුනාලු. ටිකින් ටික ඛාදනය වෙලා ගිහින් ඉතුරු වෙලා තියන හරිය තමයි ඔය. මාදු ගඟ කියන්නේ මමත් කැමතිම තැනක්. දැන් නම් හැබැයි එකේ බෝට්ටු යන්නේ රේස් පදින්න වගේ. එකෙන් තව තවත් ගං ඉවුරු හේදිලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි .. අපිත් ඕක ගැන කතා වුනා ...
      අනික ඔය හුඟක් බෝට්ටු දුවන්නෙ භූමිතෙල් වලින්. අවට පරිසරයම ඉවරයි. ඒවයෙන් ඒ තෙල් ජලයට මිශ්‍ර වීම නිසා ඉන්න ජීවීන්ටත් හානිකරයි.
      ඔය ගැන මම වෙනම ලිපියක් ලියමිනුයි ඉන්නෙ .. ඔතන සහ හික්කඩුවෙ කොරල් පර ආශ්‍රිත ව සිදුවන ජල දූෂණය ගැන.
      [ අපේ යෝජනාව වෙන්නෙ රජය මැදිහත් වෙලා හෝ යම් ගෙවීමේ ක්‍රමවේදයකට හෝ ගිහිල්ල .. භාවිතා කරන්නන්ට විදුලි බෝට්ටු ලබා දෙන ලෙසයි ]

      Delete
  10. ඔය ගමන නම් යන්නම ඕනෙ..පාන් කන කිඹුලො බලන්න..මම පරිප්පු හොද්දකුත් හදන් යන්නම් පව්නෙ උන්....:D:D:D

    ReplyDelete
    Replies
    1. යන්නෙ පරෙස්සමෙන් ... ඔය කිඹුලො පාන් කන්න කැමති වුනාට ඉඳහිට කුරුලු මසුත් කන්න ආසයි ලු. [ විශේෂයෙන් කිරිල්ලියොන්ගෙ]

      Delete