මේ ආරංචිය මම මුලින්ම දැක්කෙ ''වර්ණ'' ගෙ බ්ලොග් එකේ. මම විශ්වාස කෙරුවෙම නෑ.[මම කමෙන්ට් එකකුත් දැම්මා ඒක බොරුවක් කියල] කොහොමද ඉතින් ඇත්තක් කියල පිළිගන්නෙ. පස්සෙ අනෙකුත් බ්ලොග් වලත් මේ ගැන සඳහන් වෙලා තියෙනව දැක්කම තමයි ඔලුව තෝන්තු වුනේ.
මට මතකයි... මීට මාස දෙක තුනකට විතර කලින් කාගෙ හරි බ්ලොග් එකක ඇති වූ සංවාදයකදි .. මං හිතන්නෙ මිහිරිගෙ එකේ වෙන්න ඇති..[මට හරියටම මතක නෑ] ඔබා මලයට මෙහෙම ලිව්ව. ''අනම් මනම් වැඩක් නෑ .. 22 දිහාවට ලංකාවට වැඩ්ඩ නම් ...'' ඒකට එයා එවපු උත්තරේ මෙහෙමයි... "හෙ.. හෙ ... ටිකට් ඔක්කොම බුක් කරලයි තියෙන්නෙ. පණපිටින් හිටියොත් එදාට බඩු එතන ඇති... "
ඉතින් කිව්ව වගේම සිහින උලෙළට ඔහු ආව. අපි සුහද විදිහට හමු වෙලා සොඳුරු විදිහට කතාබහ කරමින් උන්න. මුලින්ම අහපු පුරස්නෙ තමයි මගෙ වයස කීයද කියන එක.[සමහරවිට මම එයාට මලය කියන නිසා වෙන්න ඇති] ''පුත්තලම් බූරුවො හත් දෙනෙකුත් තව ටිකක් විතර වයසයි'' මම කිව්ව. හෙහ්... හෙහ් ... ඔහු හිනා වුනා. මම හිතන්නෙ නෑ මේ සයිබරයෙ කාටවත්ම ඒ හිනාව අමතක වේවි කියල.
එදා ආපහු එද්දි ඔහුට කියල එන්න මට අමතක වුනා. ඔබා මලය අන්තිමටම ලියපු ... ''සත්තයි.. කුණුහරුප නෙවේ'' ලිපියට කමෙන්ට් කරත්දි .. මම ඒ බව සඳහන් කළා. ''ඔබා මලයා ... හුඟ කාලෙකින් නේ ...[ කණගාටුයි .. එදා කියල එන්නවත් බැරි වුනා] '' ඔහු ඒකට දීපු උත්තරේ මෙන්න. '' කියල යන්න බැරි වුනාට දුක් වෙන්න එපා, හමුවීම තමා වැදගත්. අනික කවදාවත් අපිට හැමෝටම කියල යන්න නං ලැබෙන්නෙ නැහැ. ''
හරිම ඇත්තයි ...අපි හැමෝටම... හැමදෙනාටම... ''යනවා'' කියමින් යාමට ලැබෙන්නේ නෑ. ඉතින්... හමුවෙලා මාසයක් යන්නත් කලින් ...ඒක ඒ විදිහටම වෙලා තියෙනව.
වයසට ගොස් දුක් විඳිනවාට වඩා මෙහෙම හදිසියේම ''යාම'' ගැන අප එක අතකට දුක්විය යුතු නෑ... කියල මාරයාත්... අනෙක් අයත්.. කොතෙක් කීවත්... ඒක ඇත්ත වුනත් ... අප වැනි හුඟක් සංවේදී මිනිසුන්ට ඒක වලංගු වෙන්නෙ නෑ.
ඔබා මලයා ... ඔබට නිවන් සුව..
ඔබා මලයා ගේ සේයාරුව ලබාගෙන ඇත්තේ මාරයා ගේ බ්ලොගයෙනි. [ඔහු ඊට අමනාප නොවෙනවා ඇතැයි සිතමි]
සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ReplyDelete"ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියූ පණිවිඩය එයයි....
ReplyDeleteපරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින්ම නික්ම ගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....!!!!
ඔබා මාමේ ඔබට නිවන් සුව
ReplyDeleteඋදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..
ඔබට නිවන් සුව මාමේ..
කොරන්ඩ දෙයක් නෑ යන්ඩ වෙන වෙලාවට යන්ඩ ඕනේ අල්ලලා නවත්තන්ඩද ? කොහොම ගියත් ඉන්න එවුන්ට දුක වැඩී .... බ්ලොග් රෝලෙ ඔබා මාමා ගේ බ්ලොගේ ආපහු අප්ඩේට් වෙන්නැති බව හිතෙනකොට ........ පරණ ලංගමේ කතා ඉන්දරේ ගේ කතා .... ඔක්කොම එක පාරටම නැවතුනා...
ReplyDeleteඔබා මාමා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් ගත කලා , අලුත් කොල්ලො කෙල්ලො ටිකක් අදුන ගත්තා තමන්ගේ ජීවිත අත්දැකීම් එවුන් එක්ක බෙදා ගත්තා අපිව හිනැස්සුවා ........ හොරෙන්ම යන්න ගියා........ යන්න කලින් සෙට් එකම හමුවෙලා අවසන් යුතුකමත් කොලා... ඒ මැදෑ...........!!
අවසානයට ඔහු පැතූ බෝධියකින් අමා මහා නිර්වාණය ශාක්ෂාත් කර ගනීවා ...යහපත් උපතක් ලැබේවා කියලා කදුලු අතරින් ප්රරාර්තනා කරමි !
මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.
ReplyDeleteඔබා මමාට නිවන්සුව අත්වේවා... !
ReplyDeleteඅදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............
ReplyDeletenodutu oba obata niwan suwa patami(oba nudutuwata obage comment walin obawa hadunagattemi)
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා......
ReplyDeleteThe blog sphere will never be the same without him
ReplyDeleteවෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.
ReplyDeleteමාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.
විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා
ඔබා මාමාට නිවන් සුව.
(මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)
උපදින හැම ආත්මයකම ඔබ අප අතරම යලි ඉපදේවා..ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව...!!!!
ReplyDeleteඔබට නිවන් සුව ඔබා මාමේ....
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ..
ReplyDeleteකවර දාවත් හමු නොවූ
ReplyDeleteවචනයක් හෝ නොම දෙඩූ
තවත් සුන්දර මිනිස් පුරුකක්
වෙන් වුණා මා හද දිනූ..!
නොසිතු මොහොතක නොපැතු විලසින් අපෙන් සමුගත් ඔබා මාමේ, ඔබට නිවන්සුව අත්වේවා!!
ReplyDelete-අම්බි
මම එන්න කලින් ඔහු ගිහින්...
ReplyDeleteඔබා මාමාට නිවන් සුව !