Powered By Blogger

Sunday, December 11, 2011

''අසුර නිකාය''



හුඟ කාලෙකට පස්සෙ .. ඒ කිව්වෙ ඉස්කෝලෙ ගිය කාලෙ කියවපු පරණ පොතක්.. ආපහු කියවන්න ලැබුණා.
ඒක තමයි .. සුගතපාල ද සිල්වා මහත්තයගෙ ''අසුර නිකාය'' කියන පොත.



මේකෙ පළමුවන මුද්‍රණය කරල තියෙන්නෙ .. 1968  දි.  ඒ වුණාට දෙවනි මුද්‍රණය ඊට හුඟ කලකට පස්සෙ .. ඒ කිව්වෙ අවුරුදු 30 කට පස්සෙ 1998 දි තමයි කරල තියෙන්නෙ.
එහෙම වුනේ ඇයි කියන එක සුගතපාල මහත්තයම විස්තර කරල තියෙන්නෙ  මේ විදිහටයි.


මේක කියවත්දි මට මතක් වුනා මෙතුමා ලියපු තව පොත් කීපයක්ම. ඒ වගෙන් මම වඩාත් ම ප්‍රිය කරන්නෙ ''බල්ලෝ බත් කති'' සහ ''එසේ වී නම් මිනිසුනේ අසව්'' කියන පොත් දෙකටයි. පරිවර්තන වලින් නම් ඉතින් ''ඇට මැස්සා'' ට ගහන්න එකක් නෑනේ. [මේ ඇට මැස්සව  නිර්මාණි අරගෙන ගිහිල්ල තවම ගෙනත් දුන්නෙ නෑ .. දැන් මාස ගාණක් වුනා.. මේ වගෙ වෙලාවට තමයි ඉතින්.. ඉන්න තැනකට හොයාගෙන ගිහින් එයාගෙ බෙල්ල හපා කන්න හිතෙන්නෙ]
කොහොම වුනත් මට  ඕන කළේ  ''අසුර නිකාය'' හොඳ පොතක් බව කියන්නයි.
නිළියෙක් ගෙ ජීවිත කතාව සහ ආදර කතාව තමයි මෙකෙ විස්තර වෙන්නෙ. වර්තමානෙ නිළියො පිළිබඳව නම් අපි හැමෝම වගෙ දන්නවනෙ. ඉතින් ඒ කාලෙත් ඒක එහෙමම තමයි වෙලා තියෙන්නෙ. මං හිතන්නෙ මේ ගොල්ලොන් ගෙ ජීවන රටාවට කාලය කියන එක හරස් වෙන්නෙවත් .. බාධාවක් වෙන්නෙවත් නැති පාටයි.

ඔයගොල්ලොත් හැමෝම [බලපු නැති අය] හොයාගෙන කියවලා බලන්නකො.

I S B N    955 – 573 – 073 - 3

7 comments:

  1. සහෝ කියන්න පුලුවන්ද දෙවැනි මුද්‍රණය පරක්කු උනේ අයි කියලා (ඕනේ නැති දෙයක්ද ඇහුවේ!!)

    ReplyDelete
  2. @ අසරණයා ..
    අපෝ නෑ කොල්ලො .. දෙවනියට තියෙන පින්තූරෙ දාල තියෙන්නෙ ඒකට හේතුව තමයි. ඒක උඩ ක්ලික් කරල බලන්න. අපැහැදියි වගේ නම් කියන්න. ලියලම එවන්නම්.
    ඕක මගෙ පෝන් එකේ තියෙන කබල් කැමරාවෙන් ගත්තු පින්තූරයක්. සමහර විට කියවන්න අමාරු ඇති.

    ReplyDelete
  3. පොත් වලට යන කළ නම් කියලා වැඩක් නෑ.. අපේ සීයා 1960 ගණන්වල ඉඳලා එකතු කළ පුස්තකාලයක තරම් පොත් තිබුණ අපේ ගෙදර... එක එකා බලන්න ඉල්ලන් ගිහිල්ලා වැඩි හරියක් අස්ථානගත වුනා... මං මෙහේ එනකොට ආවෙ මගේ පොත් ටික සූට්කේස් කිහිපයක අහුරලා ඉබ්බොත් දාලා...

    ReplyDelete
  4. @ මිහිරි ...
    ඒක ඇත්ත .. මම පොඩි කාලේ අපේ ගෙදරත් සෑහෙන්න පොත් තිබුණා. අපේ අප්පච්චිලගෙත් ලීලෙ වැඩියි නේ. ඉල්ලන ඉල්ලන එකාට දීලා ..
    ඉන් පස්සෙ ආ ගිය අතක් නෑ.

    ReplyDelete
  5. දැනගත්ත මොකක්ද හේතුව කියල

    ReplyDelete
  6. මේ සෙට් එකෙන් කියවල තියෙන්නෙ 'ඇට මැස්සා ' විතරයි.

    ගාල්ල පැත්තෙන් කොළඹ ඇවිල්ල බිස්නස් කරල ආර්ථික අතින් දියුණු වෙච්ච මනුස්සයෙක් පිළිබඳව ලියපු සුගතපාල සිල්වා මහත්මයගෙ පොතක් කියෙව්ව, ඒකෙ නම මතක නැහැ, හැබැයි හිතට අල්ලපු පොතක්.

    ReplyDelete
  7. අනේ ඔබා මලය මට සමාවෙන්ඩෝන .. මේ කමෙන්ට් එක දැක්කෙ අදයි. මම මගේ බොලොක්කෙට ආවෙ නෑ හුඟ දවසකින් .. [හැබැයි අනුන්ගෙ ඒවට නම් නිතරම රිංගනව]
    මම හිතන විදිහට ඔබා මලය කියවල තියෙන්නෙ '' එසේ වී නම් මිනිසුනේ අසව්'' කියන එක වෙන්න ඕන. නැතිනම් '' බල්ලෝ බත් කති'' වෙන්නත් පුලුවන් .. හි .. හි .. මටත් හරියට මතක නෑ.
    කොහොම වුනත් ඒ පොත් දෙකම ඉස්තරම් පොත් දෙකක්.

    ReplyDelete