Powered By Blogger

Monday, June 6, 2011

''සිඟන්නා''


හුඟ කලකට කලින් කියවපු පොතක් මට මේ ලඟකදි නැවතත්  කියවන්න ලැබුණා. ඒක තමයි මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් ලියන ලද ''ශ්‍රී ලංකාවේ යාචකයා'' කියන පොත.

මෙහි පළමු මුද්‍රණය 1996 දීත් .. දෙවන මුද්‍රණය 2000 වසරේදීත් සිදුකර තිබෙයි.
එතුමා දැන් අප අතර නැතත් ... මේ කෘතිය සිඟන්නන් ගැන ලියූ විශිෂ්ඨ පර්යේෂණ ග්‍රන්ථයකි.


ලංකාවේ සිටින යාචකයන්ගේ අපූරු චර්යා රටා මෙන්ම රසවත් සිදුවීම්ද මෙහි ඇතුලත්ය.


මේ සඳහා එතුමා සැබෑවටම හිඟන්නෙක් බවට පත් වූ බව සඳහන්. අනෙකුත් සිඟන්නන් සමග අම්බලම්වල ලගිමින් ... අපිරිසිදු වැරැහැලි වූ ඇඳුම් අඳිමින් ... අනුන් විසින් දෙනුලබන ..සමහරවිට අපිරිසිදු වූ අහර ඔවුන් සමග බුදිමින්... වසර ගණනාවක් ගත කිරීම මටනම් කිසිදා කළ නොහැකි දෙයකි.


මෙසේ දැඩි කැපවීමෙන් යුතුව තම පර්යේෂණ කරන්නන් මේ කාලයේ විරලයහ. මේ කෘතිය අප අගය කළ යුත්තේ එහෙයිනි.
හැකි හැමෝම හොයාගෙන කියවලා බලන්න. අපූරු පොතක්.

ISBN   955 – 553 – 096 - 3

2 comments:

  1. කලකින් මුකුත් ලියල නැත්තෙ මොක ද? කරදරයක් අසනීපයක් එහෙම නැහැ නේද?

    ReplyDelete
  2. අනේ නෑ .. වත් ..මේ දවස්වල මොනව ලියන්නද කියල කල්පනා කළා ..
    හුඟක් දේවල් තියෙනව ලියන්න නම් ..පොතුත් මහ ගොඩක් කියෙව්වා... ඒ වුනාට ඇඟිළි හරි අකීකරුයි නෙ දැන් ..
    මං වයසට ගිහිල්ලද මංද ...?
    පින් සිද්ද වෙනවා මාව මතක් වුනාට .....

    ReplyDelete