Powered By Blogger

Thursday, February 10, 2011

''හුදෙකලා වී කෙම් බිමේ''



අද කියන්න යන පොත නම් ටිකක් විතර අමුතු එකක්.. ඒ වගෙම අරුම පුදුම කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

[ මේ පොතේ කවරයෙ පිංතූර නම් ටිකක් අපැහැදිලියි. මොකද අපේ කට්ටිය ඒ පොත හමගැහෙනකම් ම කියවල .]
''හුදෙකලා වී කෙම් බිමේ'' යන නමින්මේක පරිවර්තනය කරල තියෙන්නෙ අපේ භාෂාවට  , එල්.බී හේරත් මහතා විසින්. පොත පළ කරල තියෙන්නෙ 2004 වසරෙදි.
පැරණි මිසරයේ පාරාවෝ රජවරුන්ගෙ කාලයේ ... එනම් ඈත අතීතයේ සිදුවූ සිදුවීම් තමා මෙහි විස්තර වෙන්නෙ.
ගඟ දිගේ පාවෙලා ආපු බඳුනක සිටි කුඩා දරුවෙක් ලොකු මහත් වී වෛද්‍ය විද්‍යාව ඉගෙන [ එකල තිබූ] පාරාවොගෙ සේවයට බැඳෙනව. ඔහු එම කාලයේ සිදු වූ සිදුවීම් විස්තර කරන ආකාරයයි මෙහි දැක්වෙන්නෙ.



අවසානෙදි ඔහු දැනගන්නව තමාත් පාරාවො ගෙ නිල නොලත් පුත්‍රයෙක් කියල.
ඉතාම හොඳ පොතක්.
කියවලා බලන්න.

ISBN – 055 – 1097 – 01 - 07


4 comments:

  1. මමත් ඓතිහාසික නවකතා කියවන්න හරිම කැමතියි. මේකත් මම ආසාවෙන් කියවපු පොතක්. නම කිව්වම මතක් කරගන්න බැරි උනත් සාරාංශය ටිකක් කිව්වම තමයි කතාව මතක් වුනේ.
    කුමාරය පොත් ගැන හඳුන්වා දීල ඉතාම හොඳ සේවයක් කරනව. හැකිනම් කතාව සාරාංශයක් විධියට තව ටිකක් විස්තර කරන්න.
    කමෙන්ට් අඩු වුනාට අධෛර්ය වෙන්න එපා. මමත් කමෙන්ට් කරන්න ටිකක් කම්මැලියි! අනික කාර්යබහුල නිසා වෙලාවත් නෑනෙ.

    ReplyDelete
  2. @ කලිකාල..

    ස්තූතියි ඔබට ...
    මීට වඩා විස්තර ටිකක් ලිව්වොත් හොඳයි කියල මටත් හිතුන.
    ඊලඟ ලිපියෙ ඉඳල එහෙම කරන්නම්.
    කමෙන්ට් ගැන කියන්න තියෙන්නෙ ... මම කවදාවත් ඒව බලාපොරොත්තුවෙන්ම ලියන්නෙ නෑ. තියෙනවනම් හොඳයි තමයි. මගෙ දුර්වලකම් හොයාගන්න ලේසිනෙ.
    ඔයා කවදහරි දැකල තියෙනවද.. මගෙ ලිපිවල .. ප්‍රතිචාරයක් දක්වන්න කියල ඉල්ලීමක් කරල තියෙනව ....?

    ReplyDelete
  3. කොමෙන්ට් නොකරත් අපි බ්ලොග් එක කියවනවා.පොත් ගෑන උනන්දු අයට ඔයා කරන්නෙ ලොකු උදව්වක් පොත් හදුන්වල දීල.බොහොම ස්තූතියි. :)


    ප.ලි:වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරානම් කොමෙන්ට් කරන්න ලේසියි.

    ReplyDelete
  4. ස්තූතියි නදී .. අදහස් පළ කිරීම ගැන.
    වර්ඩ් වෙරිෆිකේෂන් ගැන කියන්න තියෙන්නෙ නම්... ඒක ඉවත් කිරීම ප්‍රශ්නයක් බවයි.
    [මගෙ කලින් තිබූ බ්ලොග් එක ඩිලීට් වුනා ස්පෑම් වැදිලම]
    ඔයා වෙන ආරක්ෂිත සහ පහසු ක්‍රමයක් මට කියල දෙනවනම් මම ඕක අයින් කරන්නම්.

    ReplyDelete