Powered By Blogger

Sunday, February 6, 2011

අපි හැමෝම පාසැල් ගිය කාලෙට ආසයි ....



අපි හැමෝම පාසැල් ගිය කාලෙට ආසයිනේ. එහෙම ආස නැති එකෙක් හරි එකියක් හරි ඉන්නවනම් උං මේ ලෝකෙ එවුන් වෙන්න බෑ.
අද කියන්න යන්නෙ කාගෙ කාගෙත් පාසැල් මතකය ඇවිස්සෙන විදිහෙ පොතක් ගැනයි.
ඊනිඩ් මේරි බ්ලයිටන් නැමති එංගලන්ත ජාතික කාන්තාව විසින් රචිත
 ''  The Twins at St. Clare’s   ''  නම් වූ මේ පොත  අපේ සිංහල බසට පරිවර්තනය කොට ඇත්තේ අධිනීතිඥ වරියක වන කුමාරි ගුණරත්න මහත්මිය විසිනි.
'' අලුත් පාසැල '' යන නමිනි.
මෙහි පළමු මුද්‍රණය 2004 වසරේදීත් දෙවන මුද්‍රණය 2007 වසරේදීත් සිදු කොට තිබෙයි.


''ආඩම්බරකාර නිවුන්නු''  වශයෙන් හැඳින්වෙන මෙහි කතානායක වරියන් දෙදෙනා පාසැලේ දී , අනෙක් ළමයිනුත් සමග එකතු වී කරන තක්කඩි වැඩ පිළිබඳව කියවන විට ...  අපි පාසැල් ගිය කාලයේ කළ නොයෙකුත් අලුගුත්තේරු මොට්ට දේවල් සිහිපත් වී සිනා ඒම නොවැළැක්විය හැක්කකි.
හැබැයි ...සමහර විට අපි පාසැල් ගිය කාලයේ කළ දේවල් සමග සසඳනවිට මුන් කළ දේවල් මොන මඟුලක්දැයි කියාද සිතේ.



මේ කතාවේ මා දකින අනෙක් විශේෂත්වය වන්නේ.. මේ කතාවම තවත් කෙනෙකු විසින් පරිවර්තනය කොට තිබීමය.


''පෙරළිකාර මිතුරියෝ'' නමින් ප්‍රියංකා කහවනුගොඩ මහත්මිය විසිනි.
 දැන් මේ පොත් දෙකම හොඳට රසවත්ව ලියා තිබෙන බව කියන්න ඕන. පරිවර්තිකාවො දෙන්නම කාන්තාවො නිසා දෙන්නම හොඳයි කියල කියන්නම්.
ඉතින් කියවපු නැති කවුරු හරි ඉන්නවනම් අරගෙන කියවල බලන්න.

කෝර්ඩ් එක අවශ්‍ය අයට පහළ දානවා.

ISBN  955 - 569 - 599 - 7
BOOK CODE - 245230

4 comments:

  1. කියවල නැහැ මමත්....

    ReplyDelete
  2. කියවල බලන්න ...
    හොඳ පොතක් ...

    ReplyDelete
  3. සමාවෙන්න මෙහි අදාලත්වයක් නැති කොමෙන්ටුවක් දමන එක ගැන. ඔබ අර දුකාගෙ බ්ලොගයෙදි සටහන් කල චිත්‍රපටය ලැබුණද? ''සී පෙයරින්ග් ඩෝග්'' ඒ ෆිල්ම් එක ලැබුනොත් කරැණාකරල පුංචි දැනුවත් කිරීමක් කරන්න gehanchandika@gamil.com වලට. බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. මටත් තවම හොයා ගන්න බැරි වුනා ... හම්බවුන ගමන්ම කියන්නම්.

    ReplyDelete