Powered By Blogger

Wednesday, September 29, 2010

අලුත් පොතක් ...



මේ වසරේ පිට වූ අලුත් පොතක් ...
අපි මේ ලඟදි  B.M.I.C.H.  පොත් ප්‍රදර්ශණයට ගියා ... අපේ සුභ සාධක සංගමයේ තිබෙන පුස්තකාලයට පොත් ටිකක් ගැනීමට ...

අලුත් පොත් හුඟක් ගත්තා වුණත්, දැනට කියවා ගැනීමට හැකි වුණේ එකයි. ඒක ගැන තමා මේ ලියන්න යන්නෙ.
ඒ තමා තාරකා වාසල මුදලිආරච්චි ගෙ කලු කියන නව කතාව.
කොහොමත් මේක අර එයාගෙ " දෙහි " කතාවට වඩා ටිකක් එහාට ගිහින් තියෙනව.
මේකෙන් කියන්නෙ පවුල් සංස්ථාව තුල ස්ත්‍රියක් ලබන්නා වූ පීඩනය පිළිබඳව ...
අවසානයේ ඇයට මානසික රෝහලට පවා යන්න වෙනව. මේක ගොතාපු කතාවක් වුණත්... මට නම් හිතුනෙ ඇත්ත කතාවක් කියලයි.
මක් නිසාද යත් ...
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හෝ මුල්ලේරියාව අතරමැදි නිවස්නයේ [පිස්සන් කොටුව යන කඨෝර නාමය තව දුරටත් භාවිතා කිරීම උචිත නොවේ.]  සිටින කාන්තාවන් සමග ලේඛිකාව නිතර කතාබස් කොට තිබේ.
එහි සිටි කාන්තාවන් අතරින් එකියකගේ ජීවිත කතාව මෙය විය හැකිය.
කොහොම වුණත් හොඳ පොතක් ... ඔයාලත් කියවල බලන්න.

No comments:

Post a Comment