Monday, August 29, 2011

''දෙතොලග හසරැලි''

  
පහුගිය දවස්වල කියවපු පොත තමයි මේ තියෙන්නෙ...



ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද මේ නව කතාව ඔහුගේ පස්වන කෘතියයි.
කතුවරයාම පවසන පරිදි .. ඔහු මැද පෙරදිග ප්‍රසංග ඉදිරිපත් කිරීම සඳහා එහි ගිය කාල වකවානුවකදි .. ශ්‍රී ලංකාවෙන් එහි ගොස් සේවය කළ තරුණියකගේ අනුවේදනීය කතාවක් ඇගෙන්ම අසා ගැනීමට ලැබී ඇත. මේ කතාව ඔහුගේ හද සසළ කරවීමට සමත් වූ බව සඳහන්ය. එම කතාව අනුසාරයෙන් ලියූ නවකතාව තමයි මේ.
එබැවින් මෙය සත්‍යයට බොහෝදුරට සමීපය.
මම සාමාන්‍යයෙන් මෙබඳු නවකතා වලට රුචි නොකරන නමුදු .. ටිකක් දුරට කියවාගෙන යත්දි හිතට අල්ලලා ගියා. කතාවේ ගැළපෙන ගතිය සහ සරළ රටාවකින් ලියා තිබීම .. වගේ දේවල් ඊට හේතු වුනා විය හැකියි.
අපහසුවකින් තොරව කියවාගෙන යා හැකි පොතක්.
හැමෝම කියවලා බලනවානම් මම සතුටුයි.

I S B N    978 – 955 – 573 – 931 - 3

Thursday, August 25, 2011

''විපක්ෂයට අගුණය''



 

මේ කතාව...  කාන්තා පක්ෂෙ  හෙවත් අපේ විපක්ෂෙ  අය කියවන්නෙ නැත්නම් වඩා හොඳයි කියල හිතනව.
මේ වගෙ එකක් මම ලියන්න හිතුවෙ නෑ... නමුත් අපේ ඔෆිස් එකේ වැඩ වාසය කරන සුමිත් මලයා .. එයාට ආපු ඊ මේල් කතාවක්ය කියල මට මේ කතාව එව්වා.
බැලුවම ඒක ලියල තියෙන්නෙ වැරදියට... සහ හුඟක් අඩුපාඩු සහිතව. මොකද....  මම ඇත්ත කතාව දන්න නිසා. මමත් මේක ඉස්සර කාලෙ පරණ පුවත් පතක තිබිල කියවපු එකක්. සමහරවිට ඔයගොල්ලො අහල ඇති ඉස්සර පත්තරයක් තිබුණ ''සිනා'' කියල. පරණ උදවිය දන්නවත් ඇති.
ඒ කාලෙ මේක මහ ආන්දෝලනයක් ඇති කරපු පත්තරයක් වුනා. සමහරුන්ට මේක තහනම් කරන්න ඕන වුනා. පාර්ළිමේන්තුවෙත් මේ ගැන කතා වුනා.
කොහොම උනත්  කලින් කතාව ලියපු කෙනාව අපහසුතාවයකට පත් කරන්න මම අදහස් කළේ නෑ. මේක ලිව්වෙත් ඔෆිස් එකේ එවුන්ට කතාව කියන්න ඕන වුන නිසයි. මම මේක බ්ලොග් එකේ දාන්නත් පොඩ්ඩක් අදි මදි කළා..[ සමහරවිට මේක මීට පෙර සින්ඩියෙ ගියාද දන්නෙත් නෑනෙ.]
අපේ සුමිත් මලය තමයි බල කෙරුවෙ දාපිය .. දාපිය කියල ..
ඒ නිසා බණින කට්ටිය ඌටම බණින එකයි ඇත්තෙ මට බණින්නෙ නැතුව.
මේක තමයි කතාව.
කතා නායකය දොස්තරෙක්.
 චාලි කියල හොස්පිටල් එකේ වත්තෙ වැඩ කරන කාත් කවුරුත් නැති මිනිහෙක් හිටිය.
මිනිහ දුප්පතා හින්ද හැමෝම වගෙ උදව් කළා ... දොස්තරල, දොස්තර නෝනල , නර්ස්ල ආදී හැමෝම එක්ක මිනිහ හොඳයි.
දවසක් අපෙ කතා නායක ඩොකා ඩියුටි ඉන්න අතරෙ හදිසියෙම චාලි මළා... හාට් ඇටෑක් කියලයි කිව්වේ. වැඩි ප්‍රසිද්ධියක් නැතිවම චාලිගෙ මිනිය මෝචරියට ගියා.




 
හැන්දෑවෙ හයට විතර දවල් ඩියුටි හිටපු එවුන් මාරු වෙල නයිට් ඩියුටිය කරන එවුන් එනව. [ හොස්පිටල්වල ඉතින් එහෙමනෙ]
දැන් ඉතින් ටිකක් විතර රෑ වුනා.  රෑ ඩියුටි ආපු එවුන් හුඟ දෙනෙක් දන්නෙ නෑ චාලි මළා කියල.
අපේ කතානායක ඩොකා ඉන්නවනෙ. මිනිහට එදා මොකක්ද වැඩක් තිබිල හවස ඩියුටි ඕෆ් වෙන්න වෙලා ගියා. එයා ඕෆ් වෙනකොට රෑ හතට අටට වගේ ඇති.
මිනිහ ඉතින් ඕෆ් වෙන්න යන අතරෙ හදිසියෙම චාලිව මතක් වුනා. අනේ අපොයි .. ඩොකාට හරි දුකක් දැනුනා.[ඩොකාටත් චාලි හුඟක් උදව් කරල තියෙනවනෙ.. ඔය ඩොකාගෙ බංගලාවෙ වහලෙ තෙමෙනතැන් හදන්න ..  වත්තෙ තණකොළ උදලු ගාන්න .. පාටියක් තිබුණොත් ඒකෙ වැඩවලට වගේ එව්වට දොස්තර නෝනත් චාලිව ගෙන්නගෙන තියෙනවනෙ.] ඒ නිසා මිනිහ තීරණය කළා යන ගමන් ම චාලිව බලලම යන්න.
ඩොකා මෝචරියට යනකොට ඒ පැත්ත පට්ට පාලුයි. මුර කාරයත් පේන්න හිටියෙ නෑ. මුර කාරයො ඉතින් කවදත් ඔහොම්මමනෙ. වෙලාවට වැඩ නෑ. අනික ඔය මළ මිනී හොරකම් කරන්න මොන යකාද එන්නෙ.
ඩොකාල ඔය මළ මිනී වලට බය නෑනෙ. [මිනී අතපත ගාල හොඳට පුරුදුයි] අපේ මිනිහ මෝචරියෙ දොර ඇරගෙන ඇතුළට ගියා. ඔය ඉන්නෙ .. චාලියව අපූරුවට පත බාවල. පොඩි සරම් කඩමල්ලකින් යන්තං විළි වහගෙන. ඒකත් එහෙට මෙහෙට වෙලා අතන පොඩ්ඩක් නිකං මේ පේනව.. පේනව වගේ....
අපේ මෑන්ට දුක හිතිලද කොහෙද ලඟට ගියා .. සරම පොඩ්ඩක් පිළිවෙලකට හදමු කියල. එතෙන්ට ගියා විතරයි ඩොකා ගල් ගැහුන. වෙන මොකකටවත් නෙවේ .. අර අවයවයෙ සයිස් එක දැකල දොස්තරට හොල්මන්... යකෝ මෙඩිකල් කොලෙජ් එකේ ඉගෙන ගන්න කාලෙවත් මේ තරම් විශාල ලස්සන.. එකක් දැකල නෑ. කොටින්ම කීවොත් අපේ සුමිත් මලය විස්තර කරල කියපු අංග ලක්ෂණ එහෙම්ම තියෙනව. [අනේ මටත් මේ වගෙම එකක් තිබ්බනම් කියල ඩොකාට හිතෙන්නත් ඇති.]
කොහොම උනත් මිනිහ හිතුව මේක විශේෂිත එකක්.... එම නිසා මම මේක කපල අරගෙන ගිහින් බෙහෙත් වතුරෙ දාල ලැබ් එකේ තියාගන්නව කියල.
ඉතින් ඒක කපාගෙන ලොකු බෝතලයකට දාගෙන යන්න හදනකොට.. හදිසියෙම මතක් වුනාලු .. ඔෆිස් කාමරයෙ කාරෙකේ යතුර අමතක වෙලා ආව කියල.
දැන් ඉතින් මිනිහ ඔය බෝතලෙත් අරගෙන ඔෆීස් එකට ආපහු ගියා. එතන දොර ගාවම තියෙන මේසෙ උඩ බෝතලේ තියල [ඒක ලොකු වීදුරු බෝතලයක් නිසා අරක හොඳට පැහැදිළිව පේනවා] ඇතුළට ගිහින් යතුර හොයාගෙන ආවා.
එතකොට දැකපු දේ නිසා ඩොකා දෙවනි වතාවටත් ගල් ගැහුනා.
දෙයියනේ .. මෙන්න එදා නයිට් එකට ඩියුටි ආපු ලේඩි ඩොක්ටර්ල දෙන්නයි... තව නර්ස් ල දෙතුන් දෙනෙකුයි .. එතකොට ... අවුරුදු පනස් පහක විතර තඩි ඇටෙන්ඩන් නෝන කෙනෙකුයි .. අඬා වැටෙනවලු ...
ඩොකාව දැක්ක ගමන් .. ඇඬිල්ල දෙගුණ වුනාලු .. අයියෝ ..ඩොක්ටර් චාලි මළා ද ... අපි ඉඳල වැඩක් නෑ
කිය කිය අඳෝනාව පටන් ගත්තලු.
දැන් රෑ වෙලා හින්ද දොස්තරට ඕවට උත්තර දිදී ඉන්න වෙලාවක් නෑනෙ. මිනිහ නර්ස්ල දිහාව රවල බලල ගෙදර යන්න පිටත් වුනා. කාරෙකේ යන ගමනුත් එයා කල්පනා කළේ ...  චාලි මළාට මේ ගෑණු ටික මෙච්චර අඬන්නෙ මොකෝ කියලයි. මට වගේම මුන්ටත් ඔය මිනිහ උදව් කරන්න ඇති .. ඉතින් දුකට අඬනව වෙන්න ඇති ..මොනව උනත් චාලිය හොඳ එකා .. හැමෝටම උදව් කරල තියෙනවනෙ... කියල හිත හිතා මිනිහ ගෙදර ගියා.
ගෙදර ගිය ගමන්ම මිනිහට තද චූ බරක් දැනුනා ... අර බෝතලේ මේසෙ උඩින් තියල එයා වැසිකිළියට ගියා ..වැඩේ කරගෙන ඉවරවෙලා එළියට එනකොට  .. මෙන්න බොලේ මිනිහගෙ නෝන දොර ලඟ එක සීරුවට වැළපෙනවලු ...
අනේ ...ඩාලිං ... චාලි මළාද .......?
දොස්තරය තුන්වෙනි වතාවටත් ගල් ගැහුනලු .